විශ්වයේ සිදුවූ මහා පිපිරීමකින් අනතුරුව අතිදැවැන්ත ගිනි ගුලියක් නිර්මාණය විය.ඒ සමගම තමන්ගේ දිශානතිය දෙසට හරවා ගත් ග්‍රහ වස්තූන් පෙළක් දක්නට ලැබුණි.ඒවා තමන් වටා පරිභ්‍රමණය වන අතරේ ගිනිගෙන දැවෙමින් පවතින උක්ත ග්‍රහලෝකය වටා භ්‍රමණය වෙමින් පවතී.
ගිනි ගුලියක් සේ පෙනෙන්නේ සූර්යයා.එයින් නිකුත් වූ ප්‍රබල ආලෝකයෙන් පෙර සඳහන් කළ ග්‍රහ වස්තූන් ද ඉරට සාපේක්ෂව ආලෝකවත් වී තිබුණි.තමන්ටම සම්බන්ධ උප ග්‍රහයෙක් සමග හිරු වටා භ්‍රමණය වෙමින් තිබූ ග්‍රහලෝකයක ආකාශය සූර්යාලෝකයෙන් බැබළෙමින් තිබුණි.මෙම ග්‍රහලෝකය සතු වු ආවට බහුල රළු කඩතොලු පෘෂ්ඨයකි.බොහෝ තැන්වල පිහිටා තිබූ ගිනිකඳු ගිනි කඳු විදාරණය වෙමින් ඇත.ඒවායෙන් නික්මෙන ධූලි වලාවන් අවකාශය වසා ගත් අතර රතු හා රන් පැහැයෙන් යුතු ලාවා ගංගාවන් ගිනි පුපුර විහිදුවමින් ගලා ගියේය.
නිරන්තරයෙන් ම වාගේ හමා යන චණ්ඩමාරුතය විසින් වැලි හා ධූලි වලාවන් මගින් තැනට ප්‍රවාහනය කරනු ලබයි.මේ හේතුවෙන් සූර්යයාගේ ප්රචණ්ඩ රශ්මියට වරින් වර බාධා ඇතිවෙයි.වැලි ධූලි වලාවන් පහව යත්ම යළිත් හිරු බබළන්නට පටන් ගනී. හාත්පස දකින්නට ඇත්තේ ශෝකී වියළි ස්වභාවයකි.වායුගෝලයේ ස්වභාවය ට බිහිසුණුය.ඇමෝනියා,මීතේන් වැනි විෂ වායූන්ගෙන් ගහනය.කිසිදු ජීවයකට මෙහි ඉඩක් නැත.
"ඉහතින් දැක්වුයේ වර්ෂ කෝටි 500 ක ට ඉහත ඈත.......ඈත.... අතීතයේ දී පෘථිවියේ ස්වභාවයයි."
එවන් ලෝකයක් මෙවන් හරිත ලොවක් බවට පත්වනු ඇතැයි කියා සිතිය හැකිද?හෝමෝසේපියන් මානවයා බිහිවී ලෝකාරම්භය සිදු වූ ආකාරය සොයා ගැනීම සැබවින්ම සිහිනයක් බඳුය.කෙසේ වුවද,ඒ ආශ්චර්යය සිදුව තිබේ.සොබාදහමේ විශ්මිත නිර්මාණය මිනිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ස්වභාවධර්මයෙ ධර්මයෙන් බිහි වූ මිනිසා තම පැවැත්ම සකසා ගත යුත්තේ ද එයට අවනතවය.සොබා දහමින් බැහැර ව මිනිසාට පැවැත්මක් නැත.පැරණි කෘෂිකාර්මික යුගයේ ජීවත් වූ මිනිසා මෙම ඓතිහාසික සත්‍යය අවබෝධ කරගෙන සිටියේය.රතු ඉන්දියානු ගෝත්‍රික නායකයකු වූ ඇමරිකාවේ සියැමල් දාහත් වැනි සියවසේ එනමි 1854 දී එවකට ඇමරිකානු ජනාධිපති ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන්ට යැවූ ඓතිහාසික ප්රකාශනය කියවා බලන්න.
තමා විසින් නිර්මාණය කළ දරුවා රෝගී වූ විට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රතිකාර ද සොබා දහම තුලම තිබෙි.මගේ මේ සුවිශේෂී ලිපිය තුලින් මේ සූදානම ඒ පිළිබඳව විමසීමක් මා කළ බවට ඔබ දැනුවත් කිරීමක් කරන්නටයි.
💛💛👍
ReplyDeleteMinisun nathi lokayak mawwanam swabhawa dharmaye uthsahaya 100% saarthakai...
ReplyDelete