ඉතින් පොත් කියවන හැමදෙනාම වගේ බලාගෙන ඉන්නේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනකල් නේ. ඔන්න සැප්තැම්බර් වෙනකල් ඉන්නේ නැතුව මාස දෙකකට කලින්ම පොත පතට ආදරේ කරන අයට හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ කොළඹ මහජන පුස්තකාලය විසින් සංවිධානය කරලා තියෙන පොත් ප්‍රදර්ශනය. මේක නම් කරලා තියෙන්නේ '' කොළඹ ජාතික ආධ්‍යාපන පොත් සල්පිල'' නමින්.
මුලින්ම කියන්න ඕන මේක ඉතින් සැප්තැම්බර් මහා පොත් සල්පිල වගේ නෙවෙයි. පොඩි ඉඩකකඩක පැවැත්වෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය කරන පොත්පත් ගන්න පුළුවන් ප්‍රකාශන ආයතන කීපයක්ම ඉන්නවා.
- සරසවි
- ගුණසේන
- පහන් ප්‍රකාශන
- ගොඩගේ
- සුරස (ෆාස්ට්)
- සදීපා
- සංස්කෘතික ප්‍රකාශන
- අහස
DEEN THE BOOKMAN
මේ සදහන් කරලා තියෙන ආයතන වලට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ 'ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ' අලෙවි කුටියකුත් තියෙනවා. (ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන ගොඩක් අඩුයි. හැබැයි ඒ අයගේ පොතුත් මේ අතර තියෙන්න පුළුවන්)
ප්‍රදර්ශනය අද 23 සිට ජූලි 29 වනදා දක්වා පැවැත්වෙනවා. උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා. මම අද පටන් ගන්න දවසෙම පොඩ්ඩක් ඔලුව දාලා ආවා. විශේෂම දේ තමයි නිදහසේ පොත් තෝරලා බේරලා ගන්න පුළුවන් වීම. අද සතියේ දවසක් නිසා වැඩි සෙනගක් සහ කලබලයක් නැහැ, සැප්තැම්බර් වෙනකල් ඉදලා තැලිලා පොඩි වෙලා තෙරපිලා පොත් ගන්න අකමැති අය ඉන්නවා නම් ඔන්න හොද අවස්තාවක් නිවාඩු පාඩුව තමන් කැමති පොත් තෝරාගන්න.
සරසවි ප්‍රදර්ශන කුටිය තියෙන්නේ පුස්තකාල ශ්‍රවනාගාරයේ. එතන නවකතා පරිවර්තන වලට අමතරව හොද පොත් එකතුවක් තියෙනවා. ඉතිහාසය සහ වෙනත් මාතෘකා යටතේ. ගියාට පාඩුවක් නැහැ. ඒ එක්කම සරසවි බාගෙන් පොත් තියෙන කොටසක් වෙනම තියෙනවා. එතන හොද පොත් ගොඩක් අඩුවට තියෙනවා දැක්කා.
පහන් ප්‍රකාශන සහ සුරස ප්‍රකාශන කුටි වල පරණ මුද්‍රණ ගොඩක් 50% වට්ටම් වලට දාල තියෙනවා .. ඒවා නම් උණු කැවුම් වගේ විකිණෙනවා දැක්කා. ඒ නිසා පරණ පොත් හොයන අය ඉක්මනට යන තරමට හොදයි.
චීන ළමා කතා හොයන අයට ''රුවන්ත ප්‍රකාශන'' කුටියට යන්න. අමා ඵලය, ආඩම්බර සෙන්පතියා වගේ පොත් ගොඩක් තිබුනා 50% වට්ටම් එක්කම
පොත් ප්‍රදර්ශනයක් නම් පොත් සහ ලිපිද්‍රව්‍ය වගේ දේවල් තමයි ඉතින් අනිවාර්යෙන්ම දේවල් වෙන්නේ. මෙතැනදී නම් පොත් වලට අමතරව සෙරෙප්පු සපත්තු සහ අත්කම් නිර්මාණ කුටි දෙකකුත් දකින්න ලැබුනා . හොද සංවිධානයක් තිබුන කියල ඒකෙන්ම පෙනුනා.
මැගී, කොකා කෝලා එහෙම නැහැ. පොඩි අච්චාරු කඩයක් එක්ක පළතුරු බිම තමයි බොන්න තියෙන්නේ. ඒ නිසා මැගී කන්න යන නෝනා මහත්තුරුන්ට සැප්තැම්බර් වෙනකල් ඉන්න වෙනවා.
අලුත් පොත් වලට හැමදාම වගේ 20% වට්ටම තමයි ලැබෙන්නේ. 20% වට්ටමට ඔය පොත්ම සෙනග ගොඩේ තෙරපිලා සැප්තැම්බර් වලදී ගන්නේ මොකටද කියලා හිතෙනවා නම් අද හෙටම ගියාට පාඩුවක් වෙන්නේ නැහැ.
කියන්නම බැරි උන දේ තමයි මේ ප්‍රදර්ශනයට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ 😃
No comments:
Post a Comment