ලෝකයේ පවතින අනගිතම පානය වන්නේ පිරිසිදු ජලය බව විවාදයක් නැත.එසේ එය ප්රමුඛ ස්වභාවික රසකාරකයක් ද වෙයි.කෙසේ වෙතත් ජලය පිළිබඳ අපට කිසිදු හැගීමක් නැත.එයට හේතුව ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට ජාලයෙන් හිඟයක් නොමැති වීමයි.
ළිං ජලය පමණක් නොව ඇළ,දොළ,ගංගා,වැව් පොකුණු රට පුරා ම විසිරී ඇත .වසර පුරා ම වර්ෂාවෙන් ද බරපතළ හිඟයක් නැත.දුෂ්කර පළාත් තිබුණද එයට හේතුව නිසි ජල කළමනාකරණයක් නොවීමය.ගෘහස්ථ පරිහරණයේ දී පමණක් අපතේ යන ජල ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම් ය.ලංකාවේ එසේ වෙද්දී සිංගප්පූරුව සහ ඩුබායි දේශය ජලය ආනයනය කරනු ලබයි.
විවිධ රෝගාබාධ සඳහා පිරිසිදු ඇල් ජලය,උණු ජලය මෙන්ම උණු කර නිවා ගත් ජලය භාවිතා කිරීමට පුලුවන.එය විශිෂ්ටතම ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් ද වෙයි.

ශීතකළ ජලය පානය කිරීමෙන් ආමාශය රුධිර සැපයුම තුවාල කරනු ඇත.අනෙක නම් ආහාර දිරවීම සඳහා උපකාරී වන අග්න්‍යාශයික අමිල සැපයුමට බාධා වීමයි .
බොහෝ දෙනා විසින් කරනු ලබන එහෙත් නොකළ යුතුම දෙයක් තිබෙි.එනම් තදින් දහඩිය හෝ තදින් වෙහෙස වී හිඳින වෙලාවට සිදු කළ වතුර පානය කිරීම හෝ වෙනත් ශීතකළ පානයක් ගැනීමයි.එසේ කිරීමෙන් ශරීරයේ ස්වභාවය ක්ෂණිකව වෙනස් වනු ලැබේ.මෙය ඉතාම හානිකර තත්ත්ව ඇති කරනු ලබන තත්වයකි.
උණු ජලය පානය කිරීම
මඳ උණුසුම් ජලය පානය කිරීම ඉතාම ප්රශස්ත ය.උදෑසන අවදි වූ සැනින් මඳ උණුසුම් වතුර වීදුරුවක් හිස් බඩට පානය කිරීම ඖෂධයක් බදුය.ශරීරය ප්‍රබෝධමත් කිරීමට එය බෙහෙවින්ම ඉවහල් වෙයි.මල පහ කිරීමේ ක්‍රියාවලිය සක්‍රීය වීම ප්‍රධාන කරුණකි.
එසේ උණු ජලය පානය යම් යම් රෝගාබාධ සඳහා නිර්දේශ කරන අවස්ථා තිබේ.උදරාශ්‍රිත රෝග විශේෂය.වමනය,උදරයේ කැක්කුම,පාචනය සහ බඩ පිපුම ආදිය ඒ අතරින් ප්‍රධානය.විශේෂයෙ ම නොනවතින කැස්සක් පවතින අවස්ථාවේ දී වරින් වර උණුසුම් ජලය පානය කිරීමෙන් සහනය ලැබේ.උණු ජලය වේදනා නාශකයක් ලෙස සඳහන් කිරීමට පුළුවන.පානය,තැබීම මෙන්ම උණුවතුර ස්නානය කිරීමෙන් වේදනා සමනය වීමක් මෙන්ම ශරීරයේ විෂ බැහැර කිරීමක් ද සිදු වෙයි.මෙම තත්ත්වය තරමක් රෝගී අවස්ථාවලදී නම් වෛද්‍ය උපදෙස් පැතීම අවැසිය.
Ou neda..
ReplyDeleteOu neda..
ReplyDelete