සිංහල සමාජයේ වෙසෙන කුඩා පිරිසක් හෝ යක්ෂ ඉතිහාසය ගැන සොයන්නට උනන්දුවක් දැක්වීම වටිනා ක්‍රියාවකි. ඊට නායකත්වය සපයන්නන්ට අදීන සිතුම් පැතුම් මෙන්ම විශේෂ දැනුමද අවශ්‍ය කෙරේ. ඔවුන්ට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවේ. යටපත් වූ ජාතික උරුමයක් මතුකර සමාජයට ඉදිරිපත් කරන විට එය සමච්චලයට ලක් කෙරෙන විකාර පුවත් ඉදිරිපත් වීම කලක සිට සිදුවේ.
සිංහලයින් සහ බුද්ධාගම පිළිබඳව යටත් විජිතවාදී පාලකයින් පතුරවන්නට ගත් මතවාද වෙනුවෙන් පෙනී සිටින්නන්ට එවැනි අභියෝග නැත. ඔවුන්ට කීර්ති ප්‍රශංසා තනතුරු මිල මුදල් ආදී නොයෙක් වාසි ලැබේ. එමනිසා විශ්වවිද්‍යාල, ගුරුවිද්‍යාල, පාසල්, පොත්පත්, පුස්තකාල, කෞතුකාගාර, ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා ආදියෙන් නිරතුරුවම බටහිර මතවාදයන් ඉදිරිපත් වේ.
‘සිංහල නාට්‍ය ඉතිහාසය’ නමින් ප්‍රකාශිත පොත පසු කලෙක මහාචාර්යවරයෙකු වූ ඩී. වී. හපුආරච්චි ආචාර්ය උපාධියට ලියූ නිබන්ධනයයි. එම පොත මහාචාර්ය සරච්චන්ද්‍රට පිරිනමා තිබේ. මේ එම පොතේ අඩංගු අදහසකි.
“.... අවශේෂ ගැමි නාටක විශේෂයන්ට වඩා සම්පූර්ණ දෘශ්‍ය කාව්‍ය ලක්ෂණයන්ගෙන් ද නිශ්චිත රංග ශෛලියකින් ද යුක්ත වූ නාඩගම් නාට්‍යමය අවස්ථාවන් ඉදිරිපත් කිරීමට හා නාට්‍ය රසය ජනනය කිරීමට ප්‍රමාණවත් යැයි එදිරිවීර සරච්චන්ද්‍ර කරන ප්‍රකාශය පිළිගත හැකිය. එහෙත් එම ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත් කිරීමට පොදු ගැමි රුචියෙන් අනුබල නො ලැබිණ”.
සිංහල නාඩගම් කලාවට අති දීර්ඝ ඉතිහාසයක් තිබේ. එහි මුල යක්ෂ සමාජය දක්වා ඈත අතීතයට සම්බන්ධ කිරීමට පුළුවන. මීට ඉහත අප ‘අරුණ’ මගින් ඉදිරිපත් කළ ලිපි කිහිපයකින්ම මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩි උදේනි නුවර ප්‍රදේශයේ යක්ෂ ජනයා විසූ බවට තොරතුරු ඉදිරිපත් කර ඇත. වෙස් මුහුණ යක් නැටුම්වලට සම්බන්ධ කලා භාණ්ඩයකි. මේවා ගැන අදහස් ප්‍රකාශ වන්නේද බටහිර පඬියන්ගේ අදහස් පදනම් කරගනිමිනි.
ගුත්තිල කාව්‍යයේ අඩංගු උදේනි පුර වර්ණනාවේ පවා වෙස් මුහුණු ගැන සඳහන් වේ.
"කියමින් ගී රස මියුරූ
තබමින් පදතල අනුරූ
බඳිමින් දන මන නුවරූ
කෙළිමින් යෙත බැඳ බහුරූ"
උගතුන් අතට පත්වන තුරුම නාඩගම ලංකාවේ පැවති සිංහල නාට්‍ය විශේෂයකි. සරච්චන්ද්‍ර සහ ඔහුගේ ගෝල බාලයෝ කෝලම් සහ නාඩගම් ගැමි නාට්‍ය බවට තීරණය කළහ. ඊට හේතුව සරච්චන්ද්‍ර මනමේ නාඩගම ගමකදී නැරඹීම විය හැකිය. නමුත් බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී නාඩගම ජනප්‍රිය වූයේ කොළඹ වැනි නගරවල බවට සාක්ෂ්‍ය තිබේ. මේ නිසා නාඩගම ගැමි කලාවක් බවට තීන්දු කිරීම ඉතිහාසය නොසලකා කරන ලද ක්‍රියාවකි.
මහාචාර්ය හපුආරච්චි වහෙන් ඔරෝ භාෂාවෙන්, පොදු ගැමි රුචිය, ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත්කිරීමට බාධාවක් බව ලියයි. නාට්‍ය රසය ගැමියන්ට විඳිය නොහැකි බව කීමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධයන්ට උසස් නාට්‍යයක රසය විඳින්නට නොහැකි බවයි. ඇමරිකාවේ වෙසෙන සමාජ විද්‍යාඥයකු ගැමි බුද්ධාගම නමින් දෙයක් ඉදිරිපත් කර තිබේ. ඒ මතය පිළිගන්නකු නාට්‍යයක රසය විඳින්නට නොහැකි සිංහල බෞද්ධයාගේ බුද්ධාගම කුමක්දැයි සිතතොත් පුදුමයක් නොවේ.
ආචාර්ය උපාධි නිබන්ධනවල මෙවැනි කතා අනන්තවත් දක්නට පුළුවන. මේ මහාචාර්ය හපුආරච්චිගේ පොතෙන්ම ඊට නිදසුනකි. මහාචාර්ය එම්. එච්. ගුණතිලක ආචාර්ය උපාධිය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයේ අඩංගු අදහසක් ඔහු ඉදිරිපත් කරයි.
“දක්ෂිණ භාරතයෙහි පවත්වන තෙරුක්කුත්තුවල ප්‍රභේදයක් වුව ද සිංහල නාඩගම් ආදර්ශ කොට ගෙන ඇත්තේ යාපනයෙහි ඇතැම් ප්‍රදේශවල කතෝලික ජනතාවන් විසින් මුල් ද්‍රවිඩ තෙරුක්කුත්තු ඇසුරු කොට ගෙන සකස් කරගන්නා ලද නාටක විශේෂයක් යැයි හැඟේ.” (පිටුව 43)
මෙයින් කියන්නේ යාපනයේ කතෝලිකයන් දකුණු ඉන්දියාවේ තෙරුක්කුත්තු ඇසුරෙන් සකස් කරගත් නාට්‍ය අනුව සිංහලයින් නාඩගම හදාගෙන ඇති බවයි.
සිංහලයන්ගේ ජාතික උරුමයන් බොහෝමයක් යටපත් වීමට ප්‍රධාන හේතුව යුරෝපා ‘ඉන්ඩියලොජිස්ට්ලා’ ලංකා ඉතිහාසය පිළියෙල කිරීමයි. ඔවුන් ඒ කටයුත්ත අරඹන්නේ ඉන්දියාවෙනි. සියලුම භාරත වැසියන් පිටදේශක්කාරයින් බව කියමින් ආර්ය ‘තියරිය’ ඉදිරිපත් කිරීමෙනි. විලියම් ජෝන්ස්, මැක්ස් ම්යුලර්, බෙන්ට්ලි රිස්ලි ආදි වශයෙන් ඊට මුල් වූ පිරිසක් සිටිති. මේ සියලු දෙනා අදහා ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමයි. ක්‍රිස්තියානි ඉදිරිපත් කිරීම තහවුරු කිරීම ඔවුන් හැමගේම පොදු අරමුණ විය. ඔවුන්ගේ ලියවිලිවලින් ඒ බව හොඳින් පැහැදිලි වේ. විලියම් ජොන්ස් මෙසේ සඳහන් කරයි: “බයිබලයේ උත්පත්ති කතා එකහෙලාම නිවැරදියි. ඒවා බොරු නම් ක්‍රිස්තියානි ආගමත් බොරු බවට පත් වේ”. සෙසු පිරිසත් මෙවැනිම අදහස් දක්වා තිබේ.
ඇංග්ලිකන් දේවධර්මවාදීන් ඉදිරිපත් කළ ආකාරයට ක්‍රි. පූ. 4004 මැවුම්කාරයා ලෝකය මැවූ වර්ෂයයි. ඊට අවුරුදු දාහකට පසුව මහා ජලගැල්ම සිදුවිය. නෝවාගේ නැවේ සිද්ධිය අලුත් මානව ශිෂ්ටාචාරයේ ආරම්භයයි. මොවුන් ඉන්දියාවේ ඉතිහාස කතාව නිර්මාණය කරන්නේ බයිබල් කතාවට ගැලපෙන පරිද්දෙනි. වේද, පුරාණ ඇතුළු ඉන්දීය ඓතිහාසික මූලාශ්රයන්ගෙන් ඊට වෙනස් ඉතිහාසයක් විස්තර වූ නමුදු ඒ සියල්ල ආගමික සාහිත්‍ය මනස්ගාත වශයෙන් සලකා ඉවත දමා තිබේ.
ඉන්දු ශාස්ත්රඥයින් ඉන්දියාවේ ඉතිහාස කතාව අරඹන්නේ ක්‍රි. පූ. 1500 දී සිදුවූ ආර්ය සංක්‍රමණයක් පිළිබඳ පුවතකිනි. ලංකාවේ ආර්ය ජනපද පිහිටුවීමේ කතාන්දරය ඉදිරිපත් කරන්නේ මේ මිථ්‍යා ප්‍රබන්ධය පදනම් කරගනිමිනි. අයිවර් ජෙනින්ග්ස් හැදූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ ඊට පසු පිහිටුවූ විද්‍යාලංකාර, විද්‍යෝදය විශ්වවිද්‍යාලවලින් ප්‍රකාශයට පත්කර ඇති ඉතිහාස වෙළුම් සහ ඉතිහාස සඟරා පරීක්ෂා කරන විට, ආර්ය සංක්‍රමණය රටේ තහවුරු කිරීමට පඬියන් සහ ඔවුන්ගේ ගෝලයන් මොන තරම් වෙහෙසක් දරා ඇත්දැයි පැහැදිලි වේ. ආර්ය කණ්ඩායම් පළමුවෙන් ඉන්දියාවේ නැගෙනහිරින් පැමිණෙන්නට ඇතැයි සමහරු කියති. බටහිරින් එන්නට ඇතැයි තවත් සමහරු කියති. “මේ දෙපැත්තෙන්ම එන්ඩ ඇති. දකුණෙනුත් ඇවිත් තියෙනවා” යැයි පිරිසක් කියති. ආර්යයන් නමැති විදේශීය ජන වර්ගය නිසා සිංහල ජාතිය බිහිවූ බව තහවුරු කිරීමට මහ පිරිසක් වෙහෙසෙන අතර, කිහිප දෙනකු කරන්නේ වැද්දන් නමින් ආදිවාසීන් පිරිසක් ගැන කතාන්දරයක් ඉදිරිපත් කිරීමයි. එය ආර්ය කතාවට වඩා ලොකු බොරුවකි.
වැද්දන් යනු සිංහල සමාජයේ වනාන්තර ආරක්ෂා කළ ජන කණ්ඩායමයි. මුහුදු වැද්දන් කළේ මුහුද රැකීමයි. මේ එකම කණ්ඩායමක්වත් වී ගොවිතැන් කළේ නැත. වී ගොවිතැන් කළේ වැව් බැන්දේ යක්ෂයින් බව හෙළිකෙරෙන අප්‍රමාණ තොරතුරු තිබේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් අති නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් මෑත කාලයේ සිදුකළ පර් යේෂණ මගින් හෙළිවන්නේ ද ක්‍රි.පූ. අවුරුදු තුන් හාර දහසකට පෙර සමයේ පවා මෙරට වැසියන් වී ගොවිතැන් කළ බවයි.
ඉන්දු ශාස්ත්රඥයින් කී කාලයට බොහෝ ඈත අතීතයේ ක්‍රි.පූ. 6000 දී භාරත වැසියන් වී ගොවිතැන් කර ඇතැයි මෑත කාලීන පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. එමගින් ආර්ය සංක්‍රමණ කතාව පල් බොරුවක් වී ඇත. මනුෂ්‍යයින් සංක්‍රමණය වී ඇත්තේ ඉන්දියාවට නොව ඉන්දියාවෙන් පිටතට යැයි ඇතැම් ගවේෂකයෝ තර්ක කරති. මනුෂ්‍යයින් පමණක් නොව සතුන්ද ඉන්දියාවෙන් පිටතට සංක්‍රමණය වූ බව ඔවුහු පැහැදිලි කරති. මීයා, ඉන්දියාවෙන් පිට දේශයන්ට සංක්‍රමණය වූ සතකු බව ප්‍රේමේන්ද්‍ර ප්‍රියදර්ශන් නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වේ. වී අපනයනය ඊට හේතුව බව ඔහුගේ අදහසයි.
කාශ්මීරයේ වැව් තැනීමට සිංහල වාරිමාර්ග ශිල්පීන් කැඳවාගෙන ගිය බව කාශ්මීර ඉතිහාස පොත්වල සඳහන් වේ. ‘රාජාවලිය’ නමැති ඉතිහාස කතා පොතේ හැටියට චෝල රජු සිංහලයින් දස දහසක් සිරකරුවන් සේ අල්ලාගෙන ගොස් කාවේරි ගංගාව ආශ්රිත වාරිමාර්ග ඉදිකිරීම සඳහා යෙදවූයේය. රාජාවලි පුවතට අනුබල දෙන කතාවක් දෙමළ සිලප්පාදිකාරම් කාව්‍යයේ ද අඩංගු වේ. පසුගිය කාලයේ කාවේරි ගංගාශ්රිත ප්‍රදේශය පිළිබඳ ඉතිහාස පර්යේෂණ වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් ව තිබේ. ඒ සියල්ලකම කාවේරි ගංගාශ්රිත ප්‍රදේශයේ වාරිමාර්ග සහ වී වගාව ගැන නොයෙක් තොරතුරු අඩංගු වේ. කාවේරි ගංගා ජලයෙන් මෙම ප්‍රදේශය සරුකිරීම නිසා මහා ධාන්‍යාගාරයක් බිහිවීම චෝල අධිරාජ්‍ය බිහිවීමට එක් ප්‍රධාන හේතුවක් බව ඔවුහු පෙන්වති. ශක්තිමක් ආර්ථිකය නිසා සාගරය හරහා දකුණු ආසියාවටම බලය පැතිරවීමට චෝලයින්ට හැකිවිය. කාවේරියේ ආර්ථික බලය රැක ගැනීමට පසු කාලයේ විජයනගර් රජවරු වෙහෙසුනහ. එහි බලය අල්ලා ගැනීමට ප්‍රංශයෝ උත්සාහ දැරූහ.
කාවේරි ගංගා ද්‍රෝණිය සහ කාශ්මීර සානුව සශ්‍රීක කිරීම සඳහා වැව් හා වාරිමාර්ග තැනීමට සිංහලයන් සම්බන්ධවීම ලංකාවට ඉතා වැදගත් ඉතිහාස ප්රවෘත්ති දෙකකි. කාවේරි නිම්නය සංවර්ධනය කිරීමේදී චෝලයන් යොදාගත්තේ සිංහල ශ්‍රමය පමණක් ම නොවේ. ඔවුන්ගේ තාක්ෂණය සහ වී වර්ග ද ඔවුන් ලබාගත් බව අනුමාන කිරීමට සිදුවේ. යක්ෂ ඉතිහාසය ගැන තොරතුරු සොයන බුද්ධිමතුන් මේ ගැන අවධානය යොමු කළ යුතුය.
මහාවංශයේ සිංහල ඉතිහාසය ඇරඹෙන්නේ විජයාගමන කතාවෙන් නොවේ. මහානාම හිමියන් මහාවංශය නමින් ලියා ඇත්තේ කියවන්නාගේ පහසුවට පිළියෙල කළ අාචාර්ය පරම්පරාවෙන් පැවති ආ වංශකතාවකි. එහි අඩංගු තොරතුරු සැලකිල්ලෙන් කියවන විට විජයාගමනයට පූර්වයේ රටේ සිටි යක්ෂයන් පිළිබඳ බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන.
මහාචාර්ය හපුආරච්චි වහෙන් ඔරෝ භාෂාවෙන්, පොදු ගැමි රුචිය, ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත්කිරීමට බාධාවක් බව ලියයි. නාට්‍ය රසය ගැමියන්ට විඳිය නොහැකි බව කීමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධයන්ට උසස් නාට්‍යයක රසය විඳින්නට නොහැකි බවයි. ඇමරිකාවේ වෙසෙන සමාජ විද්‍යාඥයකු ගැමි බුද්ධාගම නමින් දෙයක් ඉදිරිපත් කර තිබේ. ඒ මතය පිළිගන්නකු නාට්‍යයක රසය විඳින්නට නොහැකි සිංහල බෞද්ධයාගේ බුද්ධාගම කුමක්දැයි සිතතොත් පුදුමයක් නොවේ.
gd luck
ReplyDeleteනියමයි
ReplyDeleteSuper
ReplyDeleteEla
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteHondai...
ReplyDelete