- "Sesbania grandiflora" යන ඒ නාමයෙන් හඳුන්වන 'කතුරුමුරුංගා' රනිල කුලයට අයත් බෝගයකි.සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හටගන්නා ලෙස කතුරුමුරුංගා වර්ග තුනකි.කතුරුමුරුංගා කොළ හා මල් වල විටමින් A,ප්‍රෝටීන්,විටමින් B ,විටමින් C හා තන්තු යහමින් අඩංගු වෙි.
ශිව දෙවියන් පිදීමට භාවිතා කරන හෙයින් "මුනිප්රිය" නමින් ද,සුදු පැහැති විශාල මලක් පිපෙන හෙයින් "ස්ඵුල පුෂ්ප" නමින් ද මල විශාල අර්ධ චක්රාකාර නිසා "වක්‍ර පුෂ්ප" ලෙසද, ආයුර්වේදය තුල ඇති නිගණ්ඩු ග්‍රන්ථවල අගස්ති සෘෂිවරයා වියපත් වීම ප්‍රමාද කරන ඔසුවක් කතුරුමුරුංගා වලින් සැකසූ බව සටහන් ය.එතුමාට ගෞරවයක් පරිදි "අගස්ථි" සංස්කෘතික භාෂා නාමය ද කතුරුමුරුංගා හැඳින්වීමට යොදා ගනී.
වා,පිත්,සෙම් තුන් දෝෂ සමන හැකියාව නිසා ආයුර්වේදය තුළ කතුරුමුරුංගා සුවිශේෂී වෙි.සෙම් රෝග සමනය,රුධිර නාල හා රුධිර යහපත් කරවීම,ගර්භනීමාතාවන්ගේ දරු කළලයේ ස්නායු පද්ධතියේ ප්‍රකෘතිමත් බව පවත්වා ගැනීම,කතුරුමුරුංගා ආහාරයට ගැනීමේ විශේෂ වාසි වෙි.කතුරුමුරුංගා පොතු කැසීම්,චර්ම රෝග සමනයටත්, උදරාබාධ සඳහාත් භාවිතා කෙරේ.
කතුරුමුරුංගා වැවීමට උෂ්ණත්වය ඉහළ දේශගුණ තත්වය වඩාත් හිතකර ය.සිසිල්දේශගුණ තත්ත්ව යටතේ වගාව තරමක් අපහසු ය.ජීව්‍යතාවය ඇති කහ වූ විගස කරල් රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගත යුතු වේ .කහ වී කල්ගත වත්ම ජීවත්යතාවය දුර්වල ප්‍රරෝහණ ශක්තිය අඩු බීජ ලැබේ."හරිත" වර්ගය දඬු කැබලි මඟින් ප්‍රචාරණය කෙරේ .ශ්‍රේෂ්ඨ ස්ථාපනයට 45 cm ×45 cm ×45 cm වල ද, 2m×2m පරතරය ද සුදුසු ය .සුළඟට කැඩෙන බව හා සෙවණ ප්‍රිය බව සලකා ස්ථාපනය හා නඩත්තුව වැදගත්ය.
කතුරුමුරුංගා මල්වල විෂ නාශක හා පිළිකා නාශක ගුණය පවතී.පැහැපත් කිරීමේ ස්වභාවය ,අජීර්ණ රෝගීන්ට ගුණ වීම, කාන්තා ශ්වෙිද ප්‍රදර/ උණ හා ඇඟපත වේදනාවලට ගුණ දායක වීම ද කැස්ස/පීනස, සෙම් රෝග පාලනයට ද කතුරුමුරුංගා මල් ගුණදායක වෙයි.කතුරුමුරුංගා කොළ සර්ප විෂ වේදනාවට සර්ප වෙදකම දී අල්දියෙන් අඹරා හන්දි වේදනාවට ද, අක්ෂි රෝගවලට ද, උගුරු ගොරහැඩි වීමට ද ,සෙම්ප්‍රතිශ්‍යාවට ද අනර්ඝ ඔසුවකි. මාස අටකදී අස්වනු ද 12කදී මල්අස්වනු ද නෙලාගත හැක. වරින් ප්පාදුව වැදගත් නඩත්තුවකි.

Elz
ReplyDeleteSuper
ReplyDeleteFttt
ReplyDelete