Home

Friday, 26 July 2019

සුද්දෝ.....

එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.

ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නියම කෙරිණි.

සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.

අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.

කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.

එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.

ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.

“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.

බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.

අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.

වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.

ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කි¹ බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.

අමාරුවෙන් තනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.


ගස්ලබු (පැපොල්) ගැන දැනගමු

ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ”  කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය ”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ.
  • ප්‍රභේද සංස්කරණය

  1. පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ..
  2. ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.
  • පෝෂණ ගුණය සංස්කරණය
  1. විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත්ය.
  • ඖෂධීය ගුණය සංස්කරණය
  1. ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.


බයිබලය තහවුරු කිරීමට ගෙතූ ආර්ය තියරිය.

සිංහල සමාජයේ වෙසෙන කුඩා පිරිසක් හෝ යක්ෂ ඉතිහාසය ගැන සොයන්නට උනන්දුවක් දැක්වීම වටිනා ක්‍රියාවකි. ඊට නායකත්වය සපයන්නන්ට අදීන සිතුම් පැතුම් මෙන්ම විශේෂ දැනුමද අවශ්‍ය කෙරේ. ඔවුන්ට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවේ. යටපත් වූ ජාතික උරුමයක් මතුකර සමාජයට ඉදිරිපත් කරන විට එය සමච්චලයට ලක් කෙරෙන විකාර පුවත් ඉදිරිපත් වීම කලක සිට සිදුවේ.

සිංහලයින් සහ බුද්ධාගම පිළිබඳව යටත් විජිතවාදී පාලකයින් පතුරවන්නට ගත් මතවාද වෙනුවෙන් පෙනී සිටින්නන්ට එවැනි අභියෝග නැත. ඔවුන්ට කීර්ති ප්‍රශංසා තනතුරු මිල මුදල් ආදී නොයෙක් වාසි ලැබේ. එමනිසා විශ්වවිද්‍යාල, ගුරුවිද්‍යාල, පාසල්, පොත්පත්, පුස්තකාල, කෞතුකාගාර, ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා ආදියෙන් නිරතුරුවම බටහිර මතවාදයන් ඉදිරිපත් වේ.

‘සිංහල නාට්‍ය ඉතිහාසය’ නමින් ප්‍රකාශිත පොත පසු කලෙක මහාචාර්යවරයෙකු වූ ඩී. වී. හපුආරච්චි ආචාර්ය උපාධියට ලියූ නිබන්ධනයයි. එම පොත මහාචාර්ය සරච්චන්ද්‍රට පිරිනමා තිබේ. මේ එම පොතේ අඩංගු අදහසකි.

“.... අවශේෂ ගැමි නාටක විශේෂයන්ට වඩා සම්පූර්ණ දෘශ්‍ය කාව්‍ය ලක්ෂණයන්ගෙන් ද නිශ්චිත රංග ශෛලියකින් ද යුක්ත වූ නාඩගම් නාට්‍යමය අවස්ථාවන් ඉදිරිපත් කිරීමට හා නාට්‍ය රසය ජනනය කිරීමට ප්‍රමාණවත් යැයි එදිරිවීර සරච්චන්ද්‍ර කරන ප්‍රකාශය පිළිගත හැකිය. එහෙත් එම ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත් කිරීමට පොදු ගැමි රුචියෙන් අනුබල නො ලැබිණ”.

සිංහල නාඩගම් කලාවට අති දීර්ඝ ඉතිහාසයක් තිබේ. එහි මුල යක්ෂ සමාජය දක්වා ඈත අතීතයට සම්බන්ධ කිරීමට පුළුවන. මීට ඉහත අප ‘අරුණ’ මගින් ඉදිරිපත් කළ ලිපි කිහිපයකින්ම මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩි උදේනි නුවර ප්‍රදේශයේ යක්ෂ ජනයා විසූ බවට තොරතුරු ඉදිරිපත් කර ඇත. වෙස් මුහුණ යක් නැටුම්වලට සම්බන්ධ කලා භාණ්ඩයකි. මේවා ගැන අදහස් ප්‍රකාශ වන්නේද බටහිර පඬියන්ගේ අදහස් පදනම් කරගනිමිනි.

ගුත්තිල කාව්‍යයේ අඩංගු උදේනි පුර වර්ණනාවේ පවා වෙස් මුහුණු ගැන සඳහන් වේ.

"කියමින් ගී රස මියුරූ

තබමින් පදතල අනුරූ


බඳිමින් දන මන නුවරූ


කෙළිමින් යෙත බැඳ බහුරූ"


උගතුන් අතට පත්වන තුරුම නාඩගම ලංකාවේ පැවති සිංහල නාට්‍ය විශේෂයකි. සරච්චන්ද්‍ර සහ ඔහුගේ ගෝල බාලයෝ කෝලම් සහ නාඩගම් ගැමි නාට්‍ය බවට තීරණය කළහ. ඊට හේතුව සරච්චන්ද්‍ර මනමේ නාඩගම ගමකදී නැරඹීම විය හැකිය. නමුත් බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී නාඩගම ජනප්‍රිය වූයේ කොළඹ වැනි නගරවල බවට සාක්ෂ්‍ය තිබේ. මේ නිසා නාඩගම ගැමි කලාවක් බවට තීන්දු කිරීම ඉතිහාසය නොසලකා කරන ලද ක්‍රියාවකි.

මහාචාර්ය හපුආරච්චි වහෙන් ඔරෝ භාෂාවෙන්, පොදු ගැමි රුචිය, ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත්කිරීමට බාධාවක් බව ලියයි. නාට්‍ය රසය ගැමියන්ට විඳිය නොහැකි බව කීමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධයන්ට උසස් නාට්‍යයක රසය විඳින්නට නොහැකි බවයි. ඇමරිකාවේ වෙසෙන සමාජ විද්‍යාඥයකු ගැමි බුද්ධාගම නමින් දෙයක් ඉදිරිපත් කර තිබේ. ඒ මතය පිළිගන්නකු නාට්‍යයක රසය විඳින්නට නොහැකි සිංහල බෞද්ධයාගේ බුද්ධාගම කුමක්දැයි සිතතොත් පුදුමයක් නොවේ.

ආචාර්ය උපාධි නිබන්ධනවල මෙවැනි කතා අනන්තවත් දක්නට පුළුවන. මේ මහාචාර්ය හපුආරච්චිගේ පොතෙන්ම ඊට නිදසුනකි. මහාචාර්ය එම්. එච්. ගුණතිලක ආචාර්ය උපාධිය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයේ අඩංගු අදහසක් ඔහු ඉදිරිපත් කරයි.

“දක්ෂිණ භාරතයෙහි පවත්වන තෙරුක්කුත්තුවල ප්‍රභේදයක් වුව ද සිංහල නාඩගම් ආදර්ශ කොට ගෙන ඇත්තේ යාපනයෙහි ඇතැම් ප්‍රදේශවල කතෝලික ජනතාවන් විසින් මුල් ද්‍රවිඩ තෙරුක්කුත්තු ඇසුරු කොට ගෙන සකස් කරගන්නා ලද නාටක විශේෂයක් යැයි හැඟේ.” (පිටුව 43)

මෙයින් කියන්නේ යාපනයේ කතෝලිකයන් දකුණු ඉන්දියාවේ තෙරුක්කුත්තු ඇසුරෙන් සකස් කරගත් නාට්‍ය අනුව සිංහලයින් නාඩගම හදාගෙන ඇති බවයි.

සිංහලයන්ගේ ජාතික උරුමයන් බොහෝමයක් යටපත් වීමට ප්‍රධාන හේතුව යුරෝපා ‘ඉන්ඩියලොජිස්ට්ලා’ ලංකා ඉතිහාසය පිළියෙල කිරීමයි. ඔවුන් ඒ කටයුත්ත අරඹන්නේ ඉන්දියාවෙනි. සියලුම භාරත වැසියන් පිටදේශක්කාරයින් බව කියමින් ආර්ය ‘තියරිය’ ඉදිරිපත් කිරීමෙනි. විලියම් ජෝන්ස්, මැක්ස් ම්‍යුලර්, බෙන්ට්ලි රිස්ලි ආදි වශයෙන් ඊට මුල් වූ පිරිසක් සිටිති. මේ සියලු දෙනා අදහා ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමයි. ක්‍රිස්තියානි ඉදිරිපත් කිරීම තහවුරු කිරීම ඔවුන් හැමගේම පොදු අරමුණ විය. ඔවුන්ගේ ලියවිලිවලින් ඒ බව හොඳින් පැහැදිලි වේ. විලියම් ජොන්ස් මෙසේ සඳහන් කරයි: “බයිබලයේ උත්පත්ති කතා එකහෙලාම නිවැරදියි. ඒවා බොරු නම් ක්‍රිස්තියානි ආගමත් බොරු බවට පත් වේ”. සෙසු පිරිසත් මෙවැනිම අදහස් දක්වා තිබේ.

ඇංග්ලිකන් දේවධර්මවාදීන් ඉදිරිපත් කළ ආකාරයට ක්‍රි. පූ. 4004 මැවුම්කාරයා ලෝකය මැවූ වර්ෂයයි. ඊට අවුරුදු දාහකට පසුව මහා ජලගැල්ම සිදුවිය. නෝවාගේ නැවේ සිද්ධිය අලුත් මානව ශිෂ්ටාචාරයේ ආරම්භයයි. මොවුන් ඉන්දියාවේ ඉතිහාස කතාව නිර්මාණය කරන්නේ බයිබල් කතාවට ගැලපෙන පරිද්දෙනි. වේද, පුරාණ ඇතුළු ඉන්දීය ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් ඊට වෙනස් ඉතිහාසයක් විස්තර වූ නමුදු ඒ සියල්ල ආගමික සාහිත්‍ය මනස්ගාත වශයෙන් සලකා ඉවත දමා තිබේ.

ඉන්දු ශාස්ත්‍රඥයින් ඉන්දියාවේ ඉතිහාස කතාව අරඹන්නේ ක්‍රි. පූ. 1500 දී සිදුවූ ආර්ය සංක්‍රමණයක් පිළිබඳ පුවතකිනි. ලංකාවේ ආර්ය ජනපද පිහිටුවීමේ කතාන්දරය ඉදිරිපත් කරන්නේ මේ මිථ්‍යා ප්‍රබන්ධය පදනම් කරගනිමිනි. අයිවර් ජෙනින්ග්ස් හැදූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ ඊට පසු පිහිටුවූ විද්‍යාලංකාර, විද්‍යෝදය විශ්වවිද්‍යාලවලින් ප්‍රකාශයට පත්කර ඇති ඉතිහාස වෙළුම් සහ ඉතිහාස සඟරා පරීක්ෂා කරන විට, ආර්ය සංක්‍රමණය රටේ තහවුරු කිරීමට පඬියන් සහ ඔවුන්ගේ ගෝලයන් මොන තරම් වෙහෙසක් දරා ඇත්දැයි පැහැදිලි වේ. ආර්ය කණ්ඩායම් පළමුවෙන් ඉන්දියාවේ නැගෙනහිරින් පැමිණෙන්නට ඇතැයි සමහරු කියති. බටහිරින් එන්නට ඇතැයි තවත් සමහරු කියති. “මේ දෙපැත්තෙන්ම එන්ඩ ඇති. දකුණෙනුත් ඇවිත් තියෙනවා” යැයි පිරිසක් කියති. ආර්යයන් නමැති විදේශීය ජන වර්ගය නිසා සිංහල ජාතිය බිහිවූ බව තහවුරු කිරීමට මහ පිරිසක් වෙහෙසෙන අතර, කිහිප දෙනකු කරන්නේ වැද්දන් නමින් ආදිවාසීන් පිරිසක් ගැන කතාන්දරයක් ඉදිරිපත් කිරීමයි. එය ආර්ය කතාවට වඩා ලොකු බොරුවකි.

වැද්දන් යනු සිංහල සමාජයේ වනාන්තර ආරක්ෂා කළ ජන කණ්ඩායමයි. මුහුදු වැද්දන් කළේ මුහුද රැකීමයි. මේ එකම කණ්ඩායමක්වත් වී ගොවිතැන් කළේ නැත. වී ගොවිතැන් කළේ වැව් බැන්දේ යක්ෂයින් බව හෙළිකෙරෙන අප්‍රමාණ තොරතුරු තිබේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් අති නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් මෑත කාලයේ සිදුකළ පර් යේෂණ මගින් හෙළිවන්නේ ද ක්‍රි.පූ. අවුරුදු තුන් හාර දහසකට පෙර සමයේ පවා මෙරට වැසියන් වී ගොවිතැන් කළ බවයි.

ඉන්දු ශාස්ත්‍රඥයින් කී කාලයට බොහෝ ඈත අතීතයේ ක්‍රි.පූ. 6000 දී භාරත වැසියන් වී ගොවිතැන් කර ඇතැයි මෑත කාලීන පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. එමගින් ආර්ය සංක්‍රමණ කතාව පල් බොරුවක් වී ඇත. මනුෂ්‍යයින් සංක්‍රමණය වී ඇත්තේ ඉන්දියාවට නොව ඉන්දියාවෙන් පිටතට යැයි ඇතැම් ගවේෂකයෝ තර්ක කරති. මනුෂ්‍යයින් පමණක් නොව සතුන්ද ඉන්දියාවෙන් පිටතට සංක්‍රමණය වූ බව ඔවුහු පැහැදිලි කරති. මීයා, ඉන්දියාවෙන් පිට දේශයන්ට සංක්‍රමණය වූ සතකු බව ප්‍රේමේන්ද්‍ර ප්‍රියදර්ශන් නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වේ. වී අපනයනය ඊට හේතුව බව ඔහුගේ අදහසයි.

කාශ්මීරයේ වැව් තැනීමට සිංහල වාරිමාර්ග ශිල්පීන් කැඳවාගෙන ගිය බව කාශ්මීර ඉතිහාස පොත්වල සඳහන් වේ. ‘රාජාවලිය’ නමැති ඉතිහාස කතා පොතේ හැටියට චෝල රජු සිංහලයින් දස දහසක් සිරකරුවන් සේ අල්ලාගෙන ගොස් කාවේරි ගංගාව ආශ්‍රිත වාරිමාර්ග ඉදිකිරීම සඳහා යෙදවූයේය. රාජාවලි පුවතට අනුබල දෙන කතාවක් දෙමළ සිලප්පාදිකාරම් කාව්‍යයේ ද අඩංගු වේ. පසුගිය කාලයේ කාවේරි ගංගාශ්‍රිත ප්‍රදේශය පිළිබඳ ඉතිහාස පර්යේෂණ වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් ව තිබේ. ඒ සියල්ලකම කාවේරි ගංගාශ්‍රිත ප්‍රදේශයේ වාරිමාර්ග සහ වී වගාව ගැන නොයෙක් තොරතුරු අඩංගු වේ. කාවේරි ගංගා ජලයෙන් මෙම ප්‍රදේශය සරුකිරීම නිසා මහා ධාන්‍යාගාරයක් බිහිවීම චෝල අධිරාජ්‍ය බිහිවීමට එක් ප්‍රධාන හේතුවක් බව ඔවුහු පෙන්වති. ශක්තිමක් ආර්ථිකය නිසා සාගරය හරහා දකුණු ආසියාවටම බලය පැතිරවීමට චෝලයින්ට හැකිවිය. කාවේරියේ ආර්ථික බලය රැක ගැනීමට පසු කාලයේ විජයනගර් රජවරු වෙහෙසුනහ. එහි බලය අල්ලා ගැනීමට ප්‍රංශයෝ උත්සාහ දැරූහ.

කාවේරි ගංගා ද්‍රෝණිය සහ කාශ්මීර සානුව සශ්‍රීක කිරීම සඳහා වැව් හා වාරිමාර්ග තැනීමට සිංහලයන් සම්බන්ධවීම ලංකාවට ඉතා වැදගත් ඉතිහාස ප්‍රවෘත්ති දෙකකි. කාවේරි නිම්නය සංවර්ධනය කිරීමේදී චෝලයන් යොදාගත්තේ සිංහල ශ්‍රමය පමණක් ම නොවේ. ඔවුන්ගේ තාක්ෂණය සහ වී වර්ග ද ඔවුන් ලබාගත් බව අනුමාන කිරීමට සිදුවේ. යක්ෂ ඉතිහාසය ගැන තොරතුරු සොයන බුද්ධිමතුන් මේ ගැන අවධානය යොමු කළ යුතුය.

මහාවංශයේ සිංහල ඉතිහාසය ඇරඹෙන්නේ විජයාගමන කතාවෙන් නොවේ. මහානාම හිමියන් මහාවංශය නමින් ලියා ඇත්තේ කියවන්නාගේ පහසුවට පිළියෙල කළ අාචාර්ය පරම්පරාවෙන් පැවති ආ වංශකතාවකි. එහි අඩංගු තොරතුරු සැලකිල්ලෙන් කියවන විට විජයාගමනයට පූර්වයේ රටේ සිටි යක්ෂයන් පිළිබඳ බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන.

මහාචාර්ය හපුආරච්චි වහෙන් ඔරෝ භාෂාවෙන්, පොදු ගැමි රුචිය, ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත්කිරීමට බාධාවක් බව ලියයි. නාට්‍ය රසය ගැමියන්ට විඳිය නොහැකි බව කීමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධයන්ට උසස් නාට්‍යයක රසය විඳින්නට නොහැකි බවයි. ඇමරිකාවේ වෙසෙන සමාජ විද්‍යාඥයකු ගැමි බුද්ධාගම නමින් දෙයක් ඉදිරිපත් කර තිබේ. ඒ මතය පිළිගන්නකු නාට්‍යයක රසය විඳින්නට නොහැකි සිංහල බෞද්ධයාගේ බුද්ධාගම කුමක්දැයි සිතතොත් පුදුමයක් නොවේ.


Thursday, 25 July 2019

සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව

"ධ්‍යානයකට සම වැද හිඳිමින් රුවන්මැලි සෑ බිම තපෝ ගුණයෙන් නැහැවූ සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව"


අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා.අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප‍්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම ස්ථානයක් ලෙස සැලකෙන්නේ බුද්ධ කල්පයේ ලොවට පහළ වු "කකුසඳ, කෝණාගම. සහ කාශ්‍යප. මෙන්ම ගෞතම බුදුන් වහන්සේ" ඇතුළු සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන්නට තරම්වූ වාසනාවන්ත පුණ්‍ය භූමියක එය පිහිටා ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇති බැවිනි.

රුවන්මැලි මහාසෑය ඉදිරියට වී ඇසිපිය නොහෙළා බලාසිටිමින් භාවනාවේ යෙදුණු හිමිනමක් වූහ. උන්වහන්සේ පිළිබඳ අසා නැති නම්, දැක නැති නම් ඒ මේ රටේ සුළු පිරිසක් වනවාට කිසිදු සැකයක් නැත.

රුවන්මැලි මහා සෑරදුන් වැඳපුදා ගැනීමට පැමිණි දෙස් විදෙස් සංචාරයකන්ට පසුගිය වසර කිහිපය පුරාම රුවන්මැලි මහා සෑ රදුන් අබියස ඇසිපිය නොහෙළා හිඳිමින් ධ්‍යානයකට සමවැදී සිටි බව කියන සීලකුටියේ ඉංගිරියේ විජිත හිමියන් දැකගන්නට හැකි විය. ඇතමුන් උන්වහන්සේ ඇසිපිය නොහෙළා බලා සිටින අයුරු විමතියෙන් බලා සිටියහ. තවත් පිරිස් උන්වහන්සේ දෙස අවඥාවෙන් බැලූහ. උන්වහන්සේ භාවිතා කළ පාත්‍රය අසල කුඩා බෝඩ් කැබැල්ලක් දක්නට ලැබිණි. එහි කියා තිබුණේ “ මුදල් දමන්න එපා... නිශ්ශබ්දතාව සුරකින්න....භාවනාවට හිරිහැර නොකරන්න” යනුවෙනි.

වසර අසූ එකක කාලයක් ආයු වැලඳූ ගොඩගේවත්ත සීලකුටියේ හිමියන් පිළිබඳ නැවත කතාබහක් ඇති වන්නේ උන්වහන්සේගේ හදිසි අපවත් වීම සමඟය. බුද්ධ පුත්‍රයන් අතර මනා ශික්ෂණයකින් හෙබි උන්වහන්සේට ආදර ගෞරව කළ බොහෝ දෙනෙකු සෝ සයුරේ ගිල්වමින් පසුගිය සෙනසුරාදා ( 13) උන්වහන්සේ අපවත් වුහ.

හදිසියේම අපවත් වූ උන්වහන්සේගේ මුල් ගම්පළාත වන්නේ හොරණ ඉංගිරිය ප්‍රදේශයය. මීට වසර 22කට පෙර අනුරාධපුර ගොඩගේවත්ත සීලකුටිය විහාරස්ථානයට වැඩමකළ උන්වන්සේ ධර්ම ප්‍රචාරයේ නිරත වූහ. නියම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස පිණ්ඩපාතයේ වඩිමින් දානය සොයා ගත්හ. අනුරාධපුර ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානයන්හි වැඩ සිටිනා භික්ෂුන්වහන්සේට එතුමෝ ආදර්ශයක් එක් කළහ.

බොහෝ පිරිසකට ගෞරවයට පත් වී සිටි උන්වහන්සේ සත්ව ඝාතනයට එරෙහි වූහ. මස් මාංශ අනුභවය අකැප කටයුත්තක් බව නිරන්තරයෙන් පැවසු එතුමෝ නිර්මාංශ වූහ. මුදල් අතින් ඇල්ලීම, අටපිරිකර රැස් කිරීම වැනි භික්ෂුවකට අකැපවූ කටයුතුවලින් සහමුලින්ම බැහැරව සිටියහ. උන්වහන්සේට දායකයන් කොතරම් ගෞරව කළේද කියත හොත් වසර 20ක් අඛණ්ඩව දානය දුන් උපාසිකාවක්ද විහාරස්ථානය ආසන්නයේම පිදිංචි වී සිටියාය.

සීලකුටියේ හිමිපාණන් භාවනානුයෝගී දිවියකට කැප වූහ. උන්වහන්සේ ද්‍රෝණයක් වු සර්වඥ ධාතුන් තැන්පත් කර ඇති බව කියන රුවන්මැලි සෑරදුන් ඉදිරි පිටට වී දිනපතා ඇසි පිය නොහෙළා භාවනාවේ යෙදුණාහ.

දැඩි සූර්ය රශ්මිය හා ගිගුරුම් සහිත වැසි වැටෙන අවස්ථාවල පවා උන්වහන්සේ භාවනාවේ යෙදෙන අයුරු බොහෝ දෙනෙකුට දැක ගැනීමට හැකි විය. පැය තුනකට ආසන්න කාලයක් රුවන්මැලි සෑරදුන් ඉදිරිපිටට වී ඇසිපිය නොහෙළමින් භාවනාවේ යෙදෙන අවස්ථාවලදි ගිගුරුම් සහිත වැසි පතිත වූවත් උන්වහන්සේ එම ස්ථානයෙන් ඉවත් නොවූහ. එකම ඉරියව්වේ පසු වූහ. අහස ප්‍රචණ්ඩ අකුණු සැර මුදාහැරියත් උන්වහන්සේගේ එක් ඇසි පිල්ලමක්වත් නොසොලවමින් භාවනාවේ යෙදුණාහ. මේ ධ්‍යාන ශක්තිය රුවන්මැලි සෑරදුන් වැදපුදා ගැනීමට පැමිණි කාගෙත් විමතියට හේතු විය.

නොදත් තතු

උන්වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කළ දායක මහතෙකුගෙන් උන්වහන්සේ පිළිබඳ නොදත් තතු කිහිපයක් අනාවරණය කරගැනීමට හැකි විය.

“ අපි උන්වහන්සේ දැන හඳුනාගන්නේ මීට වසර 22කට විතර ඉහතදී. උන්වන්සේ හරිම සරල දිවියක් ගතකරපු ධර්මධර විනයධර භික්ෂුවක්. මුදල් අතින් ඇල්ලුවෙම නෑ. අවශ්‍ය කටයුතු සඳහා මුදල් වියදම් කළේ විහාරස්ථානයේ දායක මහත්වරු. විහාරස්ථානයේ ඉඳන් රුවන්මැලි සෑයට භාවනා කරන්න වැඩියේ පාගමනින්. පාවහන් පැලඳුවේ නෑ. දුරගමනක් වඩිනවා නම් බස් රථයෙන් හරි ත්‍රීරෝද රථයකින් හරි වඩම්මවන ආකාරය දායකයන් සැලසුම් කළා.”

" උන්වහන්සේට දිවයිනේ විවිධ ප්‍රදේශවල වගේම විදෙස් රටවල්වලත් දායකයන් හිටියා. සැප පහසුවට අවශ්‍ය මොනවා දෙන්න හැදුවත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ බැහැදකින්න ආපු දායක නෝනා කෙනෙක් හිටියා. ඇය උන්වහන්සේට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් ගමන් බිමන් සඳහා පරිත්‍යාග කරන්න පිළිගන්නවද කියලා ඇහුවා. ඉතා නිහතමානිව උන්වහන්සේ මෝටර් රථය ප්‍රතික්ෂේප කළා" නෝනා මට ඔය කාරේකත් එක්කම සයනයිඩ් කරලකුත් දෙන්න කිවුවා. උන්වහන්සේ කිවුවා ඔය රථය ගත්තම මට ඒ ගැන හිතන්න වෙයි’ කියලා. ලෞකික අශාවන්ට නතු වෙයි කියලා උන්වහන්සේ අනුශාසනාවක් කළා. උන්වහන්සේ උන්වහන්සේගේ භාවනා කටයුතුවලට හරස් වන කිසිම දෙයක් ළංකර ගත්තේ නෑ. තණ්හාව ආශාව තිබ්බෙම නෑ. ”

“ යුද සමයේදී බුදුගුණයෙන් පිරිත් කරපු තෙල් රැගෙන උතුරට ගිහිල්ලා යුද හමුදා සෙබළුන්ට ලබා දීලා සෙත් පැතුවා. උන්වහන්සේගේ පිරිත් කරපු තෙල් කරේ පැලඳ ඉන්න යුදහමුදා නිලධාරින් තවමත් ඉන්නවා. ඔවුන්ට යුද්ධයේදී කිසිම පීඩාවක් අතුරු ආන්තරාවක් සිදු නොවුණු බව බොහෝ දෙනෙකු දන්නවා.”

“ අපි හැමෝටම කිවුවේ හාල් මැස්සෙක්වත් කන්න එපා. මස් මාංශ කන්න එපා කියලා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාථාව සහිත කාඩ් පතක් මුද්‍රණය කරලා බොහෝ පිරිසකට ලබාදීලා තියනවා. ලැබෙන සිවුරු පිරිකරාදිය රැස් කරගෙන ඒවා අලවි කරමින් මුදල් පොදි ගැහුවේ නෑ. ලැබෙන සිවුරු පිරිකරාදිය එක්රැස් කරලා මාස කිහිපයකට සැරයක් නැති බැරි දුෂ්කර පන්සල්වලට වැඩම කරලා බෙදලා දුන්නා.”

“කරදරයක් ලෙඩක් දුකක් වුණාම බොහෝ පිරිසක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා පිහිටක් ලබාගන්නවා. අපවත් වෙන්න දින පහකට ඉහතදී දරුවෙකු ඇවිල්ලා ආශිර්වාදාත්මක පිරිත් නූලක් ඉල්ලලා තිබ්බා. ඒ අවස්ථාවේ උන්වහන්සේ සිය දිවියේ අවසන් දවස් කිහිපය ගෙවන බවක් අඟවමින් මට ආපහු මේ දේවල් කරන්න බැරිවෙයි දරුවෝ. මේ අන්තිම දේ තමයි කරන්නේ කියලා පවසලා තියනවා. උන්වහන්සේට අපිට නොතේරුණු බලයක් තිබ්බා. උන්වහන්සේ ධ්‍යානයක් ලබපු පින්වත් ස්වාමින්වහන්සේ නමක්” යනුවෙන් ඔහු පැවසුවේය.

සැබවින්ම උන්වහන්සේට විශාල බලයක් තිබු බවට ඇතැම් දායකයන් පැවසු අතර උන්වහන්සේ වැඩසිටි කුටියේ අඩි දෙකක් තුනක් තරම් ඉහළට පාවෙමින් භාවනානුයෝගිව වැඩ සිටිනා අයුරු කිහිප දෙනෙකුම දෙනෙතින් දැක තිබේ. දිනක් උන්වහන්සේ හමුවට ගිය දායක මහතෙකු දෑස් අදහාගත නොහැකි සිදු වීම දැක තිබෙන අතර ඔහු මායවක පැටලි ඇති බව සිතා තවත් අයෙකු කැඳවාගෙන එම දසුන පෙන්වීමට කටයුතු කරද්දි උන්වහන්සේ තවත් ඉහළට එසවී පොළොවෙන් ඉහළ සිට භාවනා කරන අයුරු දැක තිබේ. එමෙන්ම උන්වහන්සේ අපවත් වන බව දින පහකට පමණ ඉහතදී ඉඟිකිරීමත් උන්වහන්සේ යම් ධ්‍යානයක් ලබා තිබෙන බවට කදිම නිදසුනකි.

අවසන් කටයුතු

ලෞකික සැප සම්පත් කෙරෙහි කිසිදු ආශාවක් නැතිව නිවන් මඟ අබබෝධ කරගැනීමට මහත් වෙහෙසක් දැරූ ධර්මධර විනයධර භික්ෂුවක ලෙස උන්වහන්සේ හඳුනාගෙන තිබිණි. පසුගිය (08දා) විහාරස්ථානයේදි හදිසියේ රෝගාතූරවූ උන්වහන්සේ දින පහක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය සංසාර ගමන අවසන් කරමින් අවසන් සුසුම වාතලයට මුසු කර තිබුණි. තමන්වහන්සේ අපවත් වී පැය විසිහතරක් ඇතුළත දේහය ආදාහනය කරන ලෙස හිමිපාණන් අපවත් වීමට පෙර ඉල්ලා තිබිණි.

එහෙත් හදිසියේ අපවත් වූ උන්වහන්සේට අවසන් ගමන් යන්නට ඉදි කළ චිතකය පවා යම් කිසි අසත්පුරෂ පිරිසකගේ වචනයට පුරාවිද්‍යා නිලධාරින් විසින් ගලවා ඉවත් කර දමා තිබිණි.

අපවත්වී වදාළ ඉංගිරියේ විජිත හිමියන්ගේ ආදාහන පූජ්‍ය උත්සවය පැවත්වීම සඳහා ප්‍රදේශයේ දායකයන් විසින් තෝරගෙන තිබුණේ අක්කර අට දකුණු වාසල ක්‍රිඩා පිටියය. ඊට මුලින්ම අදාළ බලධාරීන්ගෙන් අවසර ලැබී තිබුණ බව කියැවිණි. ඔවුන් 14 දා අලුයම වන විට තමන්ගේ ජීවිතයට අරුත්බර යමක් එක්කාසු කළ බුද්ධ පුත්‍රයන්ට අවසන් ගමන් යෑම සඳහා හැකි උපරිමයෙන් එම චිතකය ඉදි කළහ.

උදෑසන වන විට ඔවුන්ට පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුවෙන් ලැබුණේ අමුතු නියෝගයකි. “මෙතැන ආදාහනය කරන්න එපා. චිතකය වහාම ගලවා දමන්න ඕන...” නිලධාරීහු ගම්වැසියන්ට පැවසුහ.

“ඇයි මහත්තයෝ එහෙම කරන්නේ... ස්වාමින් වහන්සේ ඉල්ලීමක් කරලා තිබ්බා පැය 24ක් ගතවෙන්න කලින් දේහය ආදාහනය කරන්න කියලා... මුලින් අවසරදිලා දැන් ඇයි මේ වගේ වැඩක් කරන්නේ.”

“ අපිට කරන්න දෙයක් නෑ. අපිත් අසරණයි .ඉහළින් කියනවා මෙතැන ආදාහනය කරන්න දෙන්න එපා කියලා... අපිට සිද්ධ වෙනවා මේක ගලවලා දාන්න.” පුරාවිද්‍යා නිලධාරීහු කීහ. ඒ සමඟ දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් ඇති විය. අවසානයේ චිතකය ගලවා දැමීමට ගම්මැසියන්ට සිදු විය.

“ වන්දනා නඩ ඇවිල්ලා ගිනි පත්තු කරගෙන උයනවා පිහනවා... විවිධ දේවල් පිට්ටනියේ කරනවා... චිතකය හැදුවාහම එක පාරටම මේ ස්ථානය පුරාවිද්‍යා බිමක් බව නිලධාරින්ට මතක් වුණා... එතකොට ථූපාරාමය ආසන්නයේ චිතක දල්වන් පුළුවන්. ඒ ස්ථානය පුරාවිද්‍යාවට අයිති නැතුව ඇති. මේ කරපු ක්‍රියාව බුද්ධ සාසනයට කරපු නිගාවක්...” යනුවෙන් ගම්වැසියෝ පැවසුහ.

එම ආරවුල් සහගත ගැටලුව වහා කන වැකුණු අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති (වැඩබලන) එම්.ඩබ්ලිව්.බුද්ධික ප්‍රේමදාස විසින් හිමිපාණන්ගේ දේහය අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි.

“ අපි ගෞරව කරපු අපේ නායක හිමිපාණන්ගේ දේහයට අගෞරව කල සියලුම දෙනාට අපි උන්වහන්සේ උගන්වපු දහමට අනුව සුවපත්වේවා,නිදුක්වේවා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා!!!.


සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. "තොටගමුවේ ශ්‍රී රාහුල නාමය" කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් ,බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය.

"මා වැනි බිලින්දා
වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා"

මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය.රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය . සිය ගුරු හිමියන් සමග නැකතට පොල් හිටවා ,රාහුල හිමි සිටවු පොල් පැළයේ යට ගෙඩි හටගත් බවත් කියනු ලැබේ . රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ .

රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුවා. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ .බිලී බාන කුමරා දුටු වීදාගම හිමි ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ ” යනුවෙන් ඇසුවේය, එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නැ ,හාමුදුරුවනේ මේකේ අටවකක් නැ එක වකයි තියෙන්නේ .මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි.විදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය.ඒ ගමනින්ම පුර හඳයි, පසලොස්වකයි පිළිගන්නා ලෙසද කියන ලෙස කිවේය.එය පිළිගත් නායක හාමුදුරුවන් අඩ සඳයි, අටවකයි පිළිගත්තා යැයි කියා යැවුහ. රාහුල සාමණෙරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

විදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වති තෛලය නමින් බලගතු, දිව ගැ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය.එය කෙස් ගසකින් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. විදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ.නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය.අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වති තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි විදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය.එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

තවත් දිනයක මෙම ගුරුගෝල දෙදෙනා ගලක ඉන්නක් සිටුවියහැකි ඉතා බලගතු සුබ මොහොතක ඉණි සිටුවිමට සුදානම් වූහ.ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තබ පය ඇඟිලි අතර රඳවාගේන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

රහල් හිමියන් වීදාගම හිමියන් යටතේ ඉගෙන ගන්නා කාලයේදි ඉන්දියාවේ මගධ දේශයෙන් පැමිණි චන්ද්‍රභාරති නම් පඬිවරයෙක්ද විය.ඔහු වීදාගම හිමියන්ගෙන් ශිල්ප හදාරා ඉන්දියාවට ගොස් වසර කිහිපයකින් නැවතත් ලංකාවට පැමිනියේ චන්ද්‍රභාරති රචනා කල ''බෞද්ධ ශතකය" නම් පොතත්, දඹ රන් ගුලියක් රැගෙනයි. චන්ද්‍රභාරති ගුරු හිමියන්ට ගුරුපඬුරු දී තමා ගෙන ආ පොත පිළිගන්වා එම පොත පන්සලේ පොත්ගුලේ ඇද්දැයි විමසා සිටියේය.චන්ද්‍රභාරති එම පොත දක්වා තම විද්‍යාතනය උපහාසයට ලක්කිරිමේ උත්සාහය දැනගත් වීදාගම හිමියෝ සාමණේර හිමිනමක් අමතා වහා එම පොත තම පොත්ගුලේ තිබේදැයි බලන ලෙස කීහ.එ සමගම නෙතින් ඉඟියක් කර රාහුල හිමියන්ට එම පොත ලියාගන්නැයි කීහ.ඉන්පසු වීදාගම හිමියෝ එම පොත දැනගන්නට පඬිවරයාට එකින් එක කියවන ලෙස කීහ.පඩිවරයා එය කියවා අවසන්වනවාත් සමගම පොත සෙවීමට ගිය සාමණෙර නම පැමිණ ඇතුල කළු නොමැදපු පොතක් නම් තියනවා ” කියා නාහිමියන්ට දැනුම් දුන්නේය.තමා ලියූ පොතෙ අත්පිටපත පමණක් තමා ලඟ තියෙද්දි තවත් පොතක් පොත්ගුලේ තිබෙන්නේ කෙසෙදැයි ච්න්ද්‍රභාරති පුදුම වුයේය. දෙවැනි පොත රහල් හිමයන්ගේ වැඩකි.යමක් වරක් කිවිට මතකතබා ගැනිමෙ මහත් සහ්ක්තියක් එම හිමිනමට තිබුණි.වීදාගම හිමියෝ එම පොත කළු මැදගෙන එනලෙස කියා පඬිවරයාට ඉදිරිපත් කළේය.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට , සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය.උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියේන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය.රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්ත
විද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ. එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද 'යක්කටුව' නමින් හැදින්වේ. තවත් අවස්තාවක විහාරයේ මල් පූජාවට යන විට මලසුනේ යමෙක් නිදා සිටිනවා දුටු රහල් හිමියෝ අමුත්තාගේ සැරැටිය සහ ඔලගුව හංගා අවවාද කළේය. දේවතාවකු වූ අමුත්තා රාහුල හිමියන්ට සිද්ධාලෝක රසය හා දඹ රන් කෑල්ලක් පිදු බව කියැවේ.

රාහුල හිමියන්ගේ ප්‍රධාන ගෝලය වුයේ වෑත්තෑවේ හිමියන්ය.යම් සිදුවීමක් නිසා ගුරු ගෝල දෙදේනා අතර අමනාපයක් ගොඩ නැගුණි. ගුරු හිමියො ගෝලයා කෙරෙහි අසතුට පළකරනු වස් වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන තුන්පලකට පළා බෙදා ඉඟියක් කල බව පැවසේ. වෑත්තෑවේ හිමියන්ට මේ බව තේරුණි. නමුත් තමා කිසිවිටෙකත් ගුරු වු රාහුල හිමියන්ට ද්‍රොහි නොවන බවත් එසේ ද්‍රොහි වීමේන් ලැබේන ප්‍රතිඵල තම දන්නා බවත් පැවසිමට "ගූත්තිල කාව්‍ය'' කල බවත් පැවසේ.එසේම මේ කාව්‍යය “සිය පින් සරින් සරු ..................
                 දේතිස් ලකුනේන් විසිතුරු......” යනුවෙන් කාව්‍ය ශාත්‍රයට අනුව වායුගණයෙන් ඇරඹිණ. ඒ අනුව රහල් හිමියන් අමතා “වෑත්තෑවේ මේ පැත්තේ නැව් නගී දැයි” කිවේලු. එලෙසින් වස් වැදුනු වෑත්තෑවේ හිමියන් නැව් නැග විදේශ ගත වූයේලු.

රාහුල හිමියන්ගේ අවසාන සමය අප්‍රකටය.. ඊට හෙතු වශයෙන් දැක්වෙන්නේ ශ්‍රි රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය රචනා කර සයවන පැරකුම්බා රජුගේ දියණිය වූ උලකුඩය දේවියට පුත්  වනක් ඉලා සිටියේය. ඒ අනුව ලැබුණු පුත්‍රයා සයවන පැරකුම්බා රජුගේ ඇවැමෙන් පසු ව ජයවීර පරාක්‍රමබාහු නමින් රජ වුවද, සපුමල් කුමාරයා ඔහු මරා දමා සිහසුන ලබාගත්තේය.මේ සිදුවීමෙන් කලකිරුණු සිරි රහල් හිමියෝ තම තොටගමුව විහාරය හැර "ඇල්පිටිය අම්බන"නම් ගමක ගල්ගෙයක හුදකලාව වාසය කළ බව කියැවේ .සපුමල් කුමාරයාට එරෙහි වූ නිසා රහක් හිමියන් ඇල්ලිමට රාජපුරුෂයන් යැවු නමුත් රහල් හිමියෝ තම ගුප්ත විද්‍යාවෙන් බේරි ජිවත් වූ බව කියැවේ.

සිද්ධාලොක රසය වැළඳු නිසා හිමියන්ගේ මළ සිරුර දිරා පත් නොවූ බවත් පසුව ක්‍රිස්තුත් භක්තිකයන් විසින් ඉන්දියාවේ ගෝවට සිරුර ගෙන යන ලදි. අද දක්වා නිය කෙස් රැවුල් වැඩේමින් එහි දේවස්ථානයක ඇති ඒ සිරුර" ප්‍රැන්සීස් සෙවියර් ශාන්තුවරයාගේ"දේහය යැයි කියා ප්‍රදර්ශනයට තිබේ.


පැබ්ලෝ පිකාසෝ ගැන අමුතු කතා

Interesting Facts of Pablo Picasso!
___________________________

* පැබ්ලෝ පිකාසෝගේ සම්පුර්ණ නම වචන 23කින් යුක්ත වේ. එම සම්පුර්ණ නම නම් "Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Clito Ruíz y Picasso"

* පිකාසෝ උපතේදී අතිශයින්ම කුඩා වූ නිසා හෙදිය විසින් ඔහුව මළදරුවෙක් ලෙස සළකා මේසයක් උඩ අතහැර දමා ඔහුගේ මවට සාත්තු කරමින් සිටියදී ඔහු ජීවත් වන බව හඳුනාගෙන ඔහුව මරණයෙන් ගලවාගෙන ඇත්තේ ඔහුගේ මාමා කෙනෙකු විසිනි.

* කුඩා පිකාසෝ පළමුවෙන් කියූ වචනය " mama” හෝ  “dada" නොව "piz" යන්නයි. එනම් ස්පාඤ්ඤ භාෂාවෙන් පැන්සලට කියන "lápiz''යන්නෙහි කෙටි වදනයි.

* පිකාසෝ තම පළමු විශිෂ්ට සිතුවම වන "The Picador" ඇඳ අවසන් කලේ ඔහුට වයස අවුරුදු නවයේදීයි.

* ඔහුට වයස 13ක් වන විට ඔහුගේ සිතුවම් දක්ෂතාවය දුටු සිතුවම් ශිල්පියෙකු හා ගුරුවරයෙකු වූ ඔහුගේ පියා තම සිතුවම් ඇඳීම බොහෝ දුරට අත් හැර දැමුවේ සිය පුතා තම දක්ෂතාවය පසු කර ඇති බව වටහාගනිමින්.

* සිතුවම් ශිල්පියෙක් පමණක්ම නොවන පිකාසෝ තවත් බොහෝ දේට දක්ෂතා දැක්වූවෙක්. ඔහු මුර්ති ශිල්පියෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙක්, නාට්‍ය රචකයෙක් මෙන්ම කවියෙක්ද වෙනවා. ඔහු විසින් ලියා ඇති කවි සංක්‍යාව 300කට අධිකයි. * පිකාසෝට වයස 29 ක්ව තිබියදී එනම් 1911 වසරේදී ඔහුව සහ ප්‍රංශ කවියෙකු වූ Guillaume ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට ලක් කරනු ලැබුවේ ලුවර් කෞතුකාගාරයෙන් ලියනාඩෝ ඩාවින්චි ගේ සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම සොරකම් කිරීමට සැක පිටයි. පසුව එම කෞතුකාගරයේම සේවකයෙකු එය කල බව හෙලි වුණා.

* සිතුවම් ශිල්පියෙකු ලෙස පිකාසෝ  ලැබූ ජනප්‍රියත්වයට අමතරව තවත් එක් දෙයක් සඳහා ඔහු වඩාත් ප්‍රසිද්ධයි. ඒ ඔහුගේ ස්ත්‍රී ලෝලිත්වය පිළිබඳවයි. සුප්‍රසිද්ධ ස්ත්‍රී ලෝලියෙක් වන පිකාසෝ දෙවරක් විවාහ වූ අතර විවිධ කාන්තාවන් තිදෙනෙකුගෙන් දරුවන් සිව්දෙනෙකු ලැබූ අතර ඊට අමතරව වරින් වර දීර්ඝකාලීන සම්බන්ධකම් පවත්වා ඇති කාන්තාවන් ගණන 8 ට වැඩියි.

* ලොව වැඩිම නිර්මාණ සංක්‍යාවක් බිහිකළ සිතුවම් ශිල්පියා වන්නේද පිකාසෝ යි. එම නිර්මාණ සංක්‍යාව ගණනින් දෙලක්ෂය ඉක්මවනවා.

* ලොව වැඩියෙන්ම සිතුවම් සොරකමට ලක්වූ චිත්‍ර ශිල්පියාද පිකාසෝ යි. වරින් වර විවිධ පුද්ගලයින් සහ ආයතන විසින් සොරකම් කරන ලද, අතුරුදන් වූ සහ අයිතිය සම්බන්ධයෙන් නඩු හබ හා වාද විවාද වලට ලක්වූ ඔහුගේ නිර්මාණ සංක්‍යාව 1147 ක් ලෙස ලැයිස්තුගත කොට තිබෙනවා.

කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල.

ඇය අඩුකුලේ කෙල්ලකි.


 "කල්පනා සරෝජ්", ඉන්දියාවේ පහත්ම යැයි සැලකෙන දාලිත් කුලයට අයත් අයෙකි. ඒ මදිවාට ඇය උපන්නේ ඉන්දියාවේ දුෂ්කරම ගම්මානයකය. ඒ දුෂ්කර ගම්මානයේ උන්නේ දුප්පත් මිනිසුන්ය. ඒ දුප්පතුන් අතර දුප්පත්ම පවුල වූයේ කල්පනාගේ පවුලය.



කොතරම් දුප්පත් වුණත් කල්පනාගේ තාත්තා ඇයව පාසැල් යැව්වේය.



“අපේ කුලේ අය ඉගෙනගත්තා කියලා රස්සාවල් කරන්ඩ බෑ තමයි. ඒත් ලියුමක් කියවගන්ඩවත් පුළුවන් වෙනකල් කෙල්ල ඉස්කෝලෙ ගියාවෙ..” කල්පනාගේ පාසැල් ගමන ගැන ගමේ මිනිසුන් කතා කියන විට තාත්තා උත්තර දුන්නේය.



කල්පනාගේ තාත්තා කෙසේ කීවත්, ගමේ අඩුකුලේ ළමයින් පාසැලට ඒම ගැන පාසැලේ අනෙක් ළමයින් කැමති වුණේද නැත. පාසැලේ උන් කුළවත් පවුල් වල දරුවෝ නිතරම කල්පනාට අඩන්තේට්ටම් කළහ. පාසැලේ ඇයට කිසිදු යෙහෙළියක් හෝ යහළුවෙක් උන්නේ නැත. ඒ කිසිවෙකු ඇයව ගෙදරකට වැද්දගන්නේද නැත. ඒ ඇය අඩුකුලයේ දැරියක නිසාය. ඉහල කුළ වල දරුවන් සමග අඩුකුලේ දැරියක් තරග කිරීම බරපතල පාපයක් විය. එනිසා පාසැලේ ක්‍රීඩා තරගයකටවත් සහභාගි වෙන්නට ඇයට අවසර තිබුණේ නැත.



කල්පනා ඒ් සිියල්ල ඉවසමින් අකුරු ඉගෙනගන්නට ආශාවෙන් පාසැල් ගියාය.



එහෙත් ඇයට ඒ ගමන වැඩිකල් යන්නට ලැබුණේද නැත.



වයස අවුරුදු දොලහක් වන විට කල්පනාට දීග යන්නට සිදු විය. විරුද්ධ වන්නට කාරණාවක් නැත. මෙය කල්පනාට පමණක් සිදුවූ දෙයක් නොවේ. ඉන්දියානු සමාජයේ කුලහීන දැරියන්ගෙන් වැඩි දෙනෙකුගේ ඉරණම මේකය.



ඉතින් වැඩිවිය පැමිණී මාස ගණනක්වත් නැති දොළොස් හැවිරිදිි කල්පනා, තමාට වඩා දස වසරකින් වැඩිමල් පිරිමියෙකු හා දීග ගියාය. කල්පනාගේ සැමියා ඇයවත් කැටුව ඔහුගේ ගමට ගියේය. එය ගමක් නොවේ. විසල් නගරයකි. ඒ විසල් නගරය බොම්බායයි. ඒ විසල් නගරයෙන් කල්පනාට ලැබුණු ඉඩ අඩි කිහිපයක් පමණකි. ඒ බොම්බායේ මුඩුක්කුවක, තනි කාමරයේ පැල්පතකි. ඒ තනි කාමරයේත් තනි අයිතියක් කල්පනාට තිබුණේ නැත. ඒ කාමරය කල්පනා හා සැමියාත්, කල්පනාගේ සැමියාගේ අයියා සහ ඔහුගේ බිරිදත් යන පවුල් දෙක විසින් බෙදාගත යුතු විය.



කල්පනා වැටුණේ කබලෙන් ලිපටය. කල්පනා ඒ මුඩුක්කු කාමරයේ උන් අනෙක් තිදෙනාගේ වහලිය බවට පත් වූවාය. උදේ පටන් රෑ නින්දට යනතුරුම, සැමියාගේ මෙන්ම සැැමියාගේ අයියාගේ පවුලේත් සියළුම මෙහෙවරකම් කරන්නට සිදුවුණේ දොලොස් හැවිරිදි කල්පනාටය. ඒ මදිවාට ඒ තිදෙනාගෙන්ම ලැබුණේ ඇනුම් බැනුම්ය. නිිතරම සැමිියාගේ අයියාත්, ඔහුගේ බිරිදත් කල්පනාට වරදක් ඇතත් නැතත් පහර දෙති.



කල්පනා ඒ සියල්ල ඉවසාගෙන වැඩ කළාය. එහෙත් ඉවසන්නට බැරිම කාලයක්ද පැමිණියේය. ඇය ලියුමක් ලිව්වාය.



“තාත්තේ, එක සැරයක් බොම්බායට ඇවිත් මාව බලල යන්න..”



තාත්තා පිළිතුරු ලිපියක් එව්වේ නැත. ඒ වෙනුවට ඔහු පසුදිනයේම ඇයව බලන්නට බොම්බායේ මුඩුක්කුවට ආවේය.



ඔහු එනවිට කල්පනාගේ නෑනා, කල්පනාගේ කෙස්වැටිියෙන් ඇදගෙන ඇයට පහර දෙමින් උන්නාය. කල්පනාගේ ඇදුම් ඉරී ගොසිනි. ගමේදී උන් කෙළිලොල් දැරිය දැන් ඇටසැකිල්ලක් ගාණය. තාත්තාට වෙනත් විස්තර කියන්නට උවමනා වූයේ නැත. කල්පනාගේ ඇදුම් කිිහිපයද ඔතාගත් ඔහු ඇයව නැවතත් ගමට කැදවාගෙන ගියේය.



ආපසු ගමට ආ ඇයව ගම්මු ආදරයෙන් පිළිගත්තේ නැත.



“මූසල කෙල්ල, ස්වාමිපුරුෂයගෙ ගෙදරින් එළවලා දාලා. මොකක් හරි නැහැදිච්ච කමක් කරන්ඩ ඇති..” ගම්මු ඇයට යවුල් වැනි ඇනුම්පද කීවෝය. මේ කතා වලට උත්තර දෙන්නට නොගිය කල්පනා, තාත්තාට බරක් නොවී ජීවත් වෙන්නට, මොකක් හෝ රස්සාවක්, අඩුගාණේ ගෙදරක මෙහෙකාර කමක්වත් හොයා ගන්නට උත්සාහ කළාය.



අන්තිමේදී ඇය ජීවත් වෙන්නට කුළියට ඇදුම් මහන්නට පටන් ගත්තාය. ඒ රැකියාවෙන් යාන්තම් කීයක් හෝ අතට ආවත්, මිනිසුන්ගේ කතා ඇගේ සිත තදින් රිදවූයේය. ඒ මදිවාට දීගය කැඩී ගෙදර ආ ඇයව වෙනත් මාවත් වලට හරවා ගන්නට මාන බැලූ මිනිසුන්ගේ බලපෑම්ද බොහෝ විය.



මේ සියල්ල දරාගන්නට බැරි දිනක් ඇයට උදාවිය.



මිනිසුන්ගේ කෙණෙහිලිකම් විදිමින්, ආඩපාලි අසමින්, ඇදුම් මසා හොයා ගත් සොච්චමක් රැගෙන නගරයට ගිය ඇය කෘමිනාශක බෝතල් තුනක් මිලට ගෙන නැවත ගෙදර ආවාය.



“ජීවිතේ හොදටෝම ඇති.. මට තවත් විදවන්න බෑ..” කල්පනා තීරනය කොට තිබිණ. ඇය කාමරයට ගොස් ඒ බෝතල් තුනම එක හුස්මට හිස් කළාය.



වාසනාවකට, වසබොන්නට කලියෙන් කාමරෙයේ දොර අගුළ දමන්නට ඇයට අමතක වී තිබිණ. කල්පනාගේ නැන්දනිය පැමිණ, නිවසේ කිසිවෙකු නැත්තේ ඇයිදැයි විපරම් කරද්දී, කාමරයේ දොර අඩවන් කොට තිබෙනු දුටුවාය. දොර විවර කොට බැලූ නැන්දාට දකින්නට ලැබුණේ කට දෙකෙළවරින් සෙම පෙරමින් බිම වැටී උන් කල්පනාවය. කල්පනා අසල තිබුණු කෘමිනාශක බෝතල් දුටු ඇය කතාව තේරුම් ගත්තාය.



තත්පරයක්වත් පමාද නොවූ ඇය කල්පනාව රෝහලකට ගෙන ගියාය. කල්පනාට ජීවත් වෙන්නට වාසනාව තිබිණ. මාස ගණනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ කල්පනා රෝහලෙන් පිටතට ආවේ අලුත් අධිෂ්ඨානයක් සමගය.



“මං ජීවත් වෙනවා. හැබැයි මේ කාලකණ්ණි ජීවිතය නම් ඉවරයක් කරනවාමයි. මං කවදා හරි මැරෙන්නේ වෙනස්ම ජීවිතයක අයිතිකාරියක් විදිහට..” කල්පනා තදින් සිතාගත්තාය.



ඉන්පසු ඇය නැවතත් බොම්බායට ආවාය. මෙවර ඇය බොම්බායට ආවේ තනිවමය. ඒ් වන විට ඇගේ වයස අවුරුදු දාසයකි. ඇගේ මාමා බොම්බායේ කුලියට ඇදුම් මසන සන්නාලියෙකි. කල්පනා ආවේ ඔහුගේ සහායිකාව ලෙස රැකියාව කරන්නටය. ජීවිතය පහසු නැත. කල්පනාට ලැබුණේ මාසයකට ඩොලර් එකකටත් අඩු වැටුුපකිි. ඒ් සුළු වැටුපට මහ රෑ වන තුරු වැඩ කරන්නට ඇයට සිදුුවිය. එහෙත් ඇය මැසිිවිල්ලක් නොනගා මහන්සියෙන් වැඩ කලාය. ලොකු උනන්දුවකින් අධිවේගී මහන මැෂින් ක්‍රියා කරවන්නට ඉගෙන ගත්තාය.



කල්පනා වැඩිිපුරත් වැඩ කලාය. ඇගේ ආදායමද ක්‍ර මයෙන් ඉහළ යන්නට විය. එහෙත් ඇය උපයන සියල්ල ඇගේ නැගනියගේ අසනීපයට විියදම් කරන්නට සිිදුවිය. ඒ් කෙසේ වුුවත් කල්පනා පසුබසින්නියක නොවේ. ඇය තව තවත් වැඩියෙන් උපයන්නට සිිතා ගත්තාය.



තමන්ගේ මැහුුම් ව්‍යාපාරය දියුණු කරගන්නටත්, අලුුත් ගෘහ භාණ්ඩ ව්‍යාපාරයක් පටන් ගන්නටත් ඇය රජයෙන් ණය මුදලක් ලබා ගත්තාය.



ඉන්පසු ඇය දවසට පැය දාසයක් වැඩ කරන්නට ගත්තාය. ව්‍යාපාරය දිනෙන් දින දියුණුු විය. ඒ් අතර ඇය තවත් ගෘහභාන්ඩ ව්‍යාපාරිකයෙකු සමග විිවාහ වූවාය.



ව්‍යාපාර ලෝකයේ ඇගේ කීර්තිය පැතිරෙන්නට විය. ඒ වන විට බංකොලොත් භාවයට පත්වෙමිින් තිිබුනුු ව්‍යාපාරයක් බාරගන්නැයි ඇයට ඉල්ලීමක් ලැබිණ. ඒ “කමනි ටියුබ්ස්” ය. “කමනි ටියුුබ්ස්” ව්‍යාපාරය පැවතියේ විිසල් ණය බරකට යටවී අභාවයට යමින්ය.



ඒ් ව්‍යාපායේ සේවකයිින්ට පිහිටක් වෙන්නට කල්පනාට උවමනා විය. කල්පනාගේ උත්සාහය පළ දැරීය. අද කමනි ටිියුබ්ස් ව්‍යාපාරය වේගයෙන් වැඩෙන ව්‍යාපාරයකි. ව්‍යාපාරයේ වත්කම ඩොලර් මිලියන සියයකට අධිකය. හැම කුලයකම, හැම ජාතියකම සේවකයෝ කල්පනා යටතේ වැඩ කරති.



අඩුකුලේ දුුප්පත් කෙල්ලක වූූ කල්පනා සරෝජ් අද රතන් ටාටා, මුකේෂ් අම්බානි වැනි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් හා උරෙනුර ගැටෙන යෝධ චරිතයකි.



ඉදහිටක ඇය ඇගේ ගමට යයි.. ගමේ සුභසාධන කටයුතු වෙනුවෙන් ඇය නොමසුුරුව විියදම් කරන්නේ කිසිදු හිතේ කහටකිින් තොරවය.



“මං බොම්බායට එනකොට ඒ විශාල නගරයේදී මට දැනුනේ මං අගුටුමිට්ටෙක් වගේ. මං පාරක් තොටක් හොයා ගන්නවත් දැනගෙන හිටියේ නෑ. ඒත් අද මේ විශාල නගරයේ මගේ ව්‍යාපාරය නමින් පාරවල් දෙකක්ම නම් කරලා තියෙනවා. තමන් කරන දේ වෙනුවෙන් හදවතින්ම කැප වෙන්න. ඔබේ ජීවිතය වෙනස් වෙනවා සහතිකයි.” කල්පනා සරෝජ් කියන්නීය.





Tuesday, 23 July 2019

"පත්තිනි කතාවේ... කෝවලන්

පත්තිනි...කතාවේ..
කෝවලන් ගැනයි මේ ...

නුරා වෑහෙන සිතැඟි පොදිබැද
සරාගී බොර නෙතේ අහුරා...
වීතරාගී යදම් බිදදා
කෝවලන් සිරවී ...
කන්නගී හදෙහී...මාධවී තුරුලේ ...

රාග ගිනි සිලු හිසේම ගිනිලා
මේඝකුළු හද ප්‍රේමය වනසා
මෝහ අදුරේ කහවණු වලලා
සිගා මහමග අරාජික ගමනේ
කෝවලන් තනිවී...
කන්නගී හදෙහී ...මාධවී සුසුමේ...

නුරා වෑහෙන .......

කීතුවී ගිය සිහින විජිතයේ
නිහඩ නීරස කදුළු සාගරේ
වියෝ හීසර දෙහදට ඇමිනී
රක්ත ලේ ධා ගගුලේ සැතැපී
කෝවලන් වියැකී...
කන්නගී හදෙහී ...කන්නගී තුරුලේ ...

නුරා වෑහෙන .......
                                             

ලිප්ටන් සීටි සංචාරේ

  •  පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට්
                     Lipton Seat 

තෝමස් ජේ. ලිප්ටන් මහතා මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ උපන් අයෙකි. ඔහු ක්‍රි. ව. 1800 දී පමණ ශ්‍රී ලංකාවට සංචාරකයකු ලෙසින් පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වශී වී එවකට ශ්‍රී ලංකා ආණ්ඩුකාරවර ශ්‍රීමත් ෆෙඩ්රික් නෝත් මහතාගේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.

ඉතා කඩවසම් ජවසම්පන්න තරුණයකු වූ තෝමස් ජේ. ලිප්ටන් මහතා තේ වගාව පිළිබඳ විවිධ පර්යේෂණවල නිරත වී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වත්ත ලෙසින් ඉතිහාසගත වී ඇති හපුතලේ දඹේතැන්න තේ වත්ත ආරම්භ කර ශ්‍රී ලංකාවේ තේ ලොව අන් රටවල ප්‍රචලිත කිරීමට සුවිශේෂී මෙහෙයක් සිදුකළ අයකු බව පැවසේ.

හුදකලාව ප්‍රියකළ මොහු තම තේ වතුයා‍යේ ඇති ඉතා උස් ස්ථානයක සිට වාඩි වී මධුවිත තොලගාමින් අවට සිරි නරඹමින් විවේකීව ගතකිරීම පුරුද්දක් ලෙස සිදුකර ඇත. ඔහු එදා අවට සිරි නැරඹූ එම ස්ථානය අද ‘ලිප්ටන් සීට්’ යනුවෙන් ප්‍රචලිත වී ඇති අතර එම ස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉතා ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී ඇත.

හපුතලේ නගරයේ සිට කි. මී. 12 පමණ දුරින් දඹේතැන්න වතුයායේ නැ‍ඟෙනහිර දෙසට වන්නට පිහිටා ඇති මෙම ස්ථානයට දඹේතැන්න අලංකාර තේ කම්හල පසුකර මඳ දුරක් ගිය විට ළඟාවිය හැකිය.

මෙම ස්ථානයේ ඇති සුවිශේෂීභාවය නම් ශ්‍රී ලංකාවේ පළාත් 9න් පළාත් 5ක් වන එනම් ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැ‍ඟෙනහිර පළාත් නිරීක්ෂණය කළ හැකි වීමයි.

එදා තෝමස් ජේ. ලිප්ටන් මහතා විවේකී සුවයෙන් වාඩිවී සිටි අයුරින්ම ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ඉදිකර ඇත. එමෙන්ම එය සමීපයේ දඹේතැන්න වතුයායේ ඉතිහාසය හා තෝමස් ජේ. ලිප්ටන් මහතා පිළිබඳ සඳහන් පුවරුවක් ඉදිකර ඇත. එමෙන්ම එම ස්ථානයට නුදුරින් අවට සිරි නැරඹීම සඳහා ඉතා අලංකාර පීඨිකාවක් ද ඉදිකර ඇත. දඹේතැන්න වතු පාලනාධිකාරිය විසින් මෙම ස්ථානය නඩත්තු කරමින් පවත්වාගෙන යන බව පෙනී යයි.

සවස් කාලයේදී දැඩි ලෙස මීදුම ගලා එන හෙයින් මධ්‍යහ්න 12ට පෙර ඉතා පහසුවෙන් අවට සිරි නැරඹිය හැකි වේ. විශේෂයෙන් අධික වැසි සහිත දිනවලට මෙම ස්ථානට ‘අකුණු’ පතිත වන හෙයින් අධික වැසි සහිත දිනවලදී මෙම ස්ථානය නැරඹීමට යාම එතරම් ප්‍රඥාගෝචර නොවේ. පසුගිය කාලයේ එසේ අකුණුසර වැදීමෙන් විදේශිකයින් කීපදෙනකුගේම දිවි අහිමි වී ඇත.



Sunday, 21 July 2019

ශ්‍රී දළදා ඇත් පවුර

දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව සංකේතවත් කරන"වැඩමවන කරඩුව" පිටෙහි තබාගෙන රාජ රාජ ලීලාවෙන්,මහා අභිමානයෙන් පෙරහැර තුළ ගමන් කරන හස්තිරාජයා පෙරහැර තුළ ඉටු කරනු ලබන්නේ සුවිසල් මෙහෙවරකි.නරඹන්නන් ප්‍රසාදයට පත් කරවන තේජසින් යුතුව මේ දළදා ඇත් පරපුර පිළිබඳ ඉතා රසවත් මෙන්ම  විස්මිත තොරතුරු දළදා පෙරහැර ඉතිහාසය තුළින් සොයා ගත හැකිය. මේ වන විට දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය 'නැදුන්ගමුවේ රාජා' හස්තියා සතුවන අතර සකල තේජසින් අනූන නැදුන්ගමුවේ හස්තියා වර්ෂ  ගණනාවක් පුරා දළදා කරඬුව වැඩමවා  අත්දැකීම් ලද  පරිණත හස්තිරාජයකි.නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහැරට සම්බන්ධ වීම සඳහා දින හතක් මුළුල්ලේ මහනුවර දළදා මාලිගය කරා පාගමනින්ම ගමන් කරනු ලබයි.'නැඳුන්ගමුවේ රාජා' නැදුන්ගමුවේ වෙද මහතා නමින් ප්‍රකට 'හර්ෂ ධර්ම විජය' මහතාට අයිති හස්තියෙකි.

පෙරහැර කාලයේ පුරා දින දහයක් කරඬුව වැඩම කරවීම ඇතෙකුට ඉතා වෙහෙසකර කටයුත්තකි.ඒ නිසා බොහෝ විට සිදු කරනු ලබන්නේ හස්තීන් දෙතුන් දෙනෙක් මාරුවෙන් මාරුවට යොදා ගනිමින් කරඬුව වැඩම කරවීම .වර්තමානයේ නැදුන්ගමුවේ රාජා සමඟින් කරඬුව වැඩම කරවීමට සුදුසුකම්ලත් ඇතුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් නම්, දළදා  මාලිගාවේ''ඉන්දිරාජා හස්තියා''සහ රුහුණු කතරගම දේවාලයේ''වාසනා හස්තියා'' වෙි.වාසනා රුහුණු කතරගම දේවාලයේ හස්තියෙක් වන අතර ඉන්දි  හස්තියා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ප්‍රධාන හස්තියා වේ.සැමවිටම දළදා කරඬුව වැඩම කරවීමට තෝරා ගැනෙන හස්තිරාජයා හස්තීන් අතර උසස් ස්වභාවයන් දක්වන මංගල ලකුණු වැඩි ප්‍රමාණයකින් හෙබි හස්තිරාජයෙකි.මහනුවර මාම්පිටිය වලව්වේ සිට දළදා මාලිගාවට බාර කර''රාජා හස්ති රාජයා'' ද දළදා පෙරහැර ඉතිහාසයේ සුවිශේෂී මතක සටහනකි.1938වර්ෂයේ සිට අඩ සියවසක් පුරා  දලදා පෙරහැරේ ගමන් කොට ඉනුත් වාර තිස්තුනක් කරඬුව වැඩම කරවීමේ භාග්‍ය ලත් රාජා හස්ති රාජයා කිසිම දෙවියකුට මිනිසෙකුට නොලැබෙන අසිරිමත් බුද්ධ පූජෝපහාරය සිදු කරන්නට තරම් පින් වන්ත විය
.
දැනට දළදා මාලිගාවේ ඇත් පන්තියේ සතුව ඇුන නව දෙනෙක් සහ අලි තුන්දෙනෙක් සිටියි.ඉන්දියානු
'ඉන්දි රාජා'  හා 'කාවේරි රාජා' මියන්මාර ඇතුන් වුණ 'බුරුම රාජා' , 'මියන්  රාජාත්' තායි ඇතෙකු වන 'විජය රාජාත්'  ශ්‍රී ලංකා රජයෙන් පූජා කළ 'ඒකදන්ත' හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් පූජා කළ 'සිංහ රාජාත්' මාලිගාවේ ඇත් පන්තියට අයත් වන අතර පින්වත් ස්වාමීන් වහන්සේලා සහ හිටපු රාජ්‍ය නායකයන් වරින් වර පූජා කළ 'මිගාර ඇතාත් , 'එළියෙ අලියාත්, 'නාලක' සහ 'කණ්ඩුල' යන අලි දෙදෙනාත් මාලිගාවේ ඇත් පන්තියේ සාමාජිකයන් වේ .ලෝකයාගේ ගෞරව බහුමානයෙන් පිදුම් ලබමින් සම්බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දක්වන්නට තරම් පින්වත් මේ උතුම් සත්වයන්ට කෙදිනක හෝ මේ සසරින් එතෙරවීමට මේ පින් එ්කාන්තයෙන් ම උපකාර වේවා!!!.

Friday, 19 July 2019

ජනශුතිය යනු කුමක්ද?

 ජනශුතිය යනු ඕනෑම සමාජයකට සමාජයකට උරුම වූ හා එම සමාජයට ආවේණික වූ ලක්ෂණ සහිත සංස්කෘතිකාංගයකි.එය මුඛ පරම්පරාවෙන් පැවතෙන  සංස්කෘතික අංගයකි. ජනශ්‍රැතිය සම්බන්ධයෙන් පිළිගත හැකි විග්‍රහයක් කරන ආචාර්ය කේ.කුමාරස්වාමි මහතා මෙසේ දක්වා ඇත .

         "ඓතිහාසික පරීක්ෂණවලට ලක් වූ යුගවලට පෙර සිට පොතින් පතින් නොව මුඛ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් පැවතෙන පුරාවෘත්ත, සුරංගනා කතා, කවි කතා,කෙළි සෙල්ලම් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ ආදිය ඇතුලත් ඇතුළත් පරිපූර්ණ වූ අඛණ්ඩ වූ වූත් සංස්කෘතික සම්බන්ධතා ජනශ්‍රැතියයි"

මේ ආකාරයෙන් බැලූ විට ජන කතා,ජනකවි,ජන ඇදහිලි,ජන නාට්‍ය, ජන ආගම්,⁣තේරවිලි  හා ප්‍රස්තාව පිරුළු,උපමා කතා ආදී බොහෝ අංග ජනශ්‍රැතියට අයත් වේ.

Wednesday, 17 July 2019

සැප්තැම්බර් පොත් වසන්තයට පෙර....

සැප්තැම්බර් පොත් වසන්තයට පෙර....

ඉතින් පොත් කියවන හැමදෙනාම වගේ බලාගෙන ඉන්නේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනකල් නේ. ඔන්න සැප්තැම්බර් වෙනකල් ඉන්නේ නැතුව මාස දෙකකට කලින්ම පොත පතට ආදරේ කරන අයට හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ කොළඹ මහජන පුස්තකාලය විසින් සංවිධානය කරලා තියෙන පොත් ප්‍රදර්ශනය. මේක නම් කරලා තියෙන්නේ '' කොළඹ ජාතික ආධ්‍යාපන පොත් සල්පිල'' නමින්.

මුලින්ම කියන්න ඕන මේක ඉතින් සැප්තැම්බර් මහා පොත් සල්පිල වගේ නෙවෙයි. පොඩි ඉඩකකඩක පැවැත්වෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය කරන පොත්පත් ගන්න පුළුවන් ප්‍රකාශන ආයතන කීපයක්ම ඉන්නවා.


  • සරසවි
  • ගුණසේන
  • පහන් ප්‍රකාශන
  • ගොඩගේ
  • සුරස (ෆාස්ට්)
  • සදීපා
  • සංස්කෘතික ප්‍රකාශන
  • අහස

DEEN THE BOOKMAN

මේ සදහන් කරලා තියෙන ආයතන වලට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ 'ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ' අලෙවි කුටියකුත් තියෙනවා. (ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන ගොඩක් අඩුයි. හැබැයි ඒ අයගේ පොතුත් මේ අතර තියෙන්න  පුළුවන්)

ප්‍රදර්ශනය අද 23 සිට ජූලි 29 වනදා දක්වා පැවැත්වෙනවා. උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා. මම අද පටන් ගන්න දවසෙම පොඩ්ඩක් ඔලුව දාලා ආවා. විශේෂම දේ තමයි නිදහසේ පොත් තෝරලා බේරලා ගන්න පුළුවන් වීම. අද සතියේ දවසක් නිසා වැඩි සෙනගක් සහ කලබලයක් නැහැ, සැප්තැම්බර් වෙනකල් ඉදලා තැලිලා පොඩි වෙලා තෙරපිලා පොත් ගන්න අකමැති අය ඉන්නවා නම් ඔන්න හොද අවස්තාවක් නිවාඩු පාඩුව තමන් කැමති පොත් තෝරාගන්න.

සරසවි ප්‍රදර්ශන කුටිය තියෙන්නේ පුස්තකාල ශ්‍රවනාගාරයේ. එතන නවකතා පරිවර්තන වලට අමතරව හොද පොත් එකතුවක් තියෙනවා. ඉතිහාසය සහ වෙනත් මාතෘකා යටතේ. ගියාට පාඩුවක් නැහැ. ඒ එක්කම සරසවි බාගෙන් පොත් තියෙන කොටසක් වෙනම තියෙනවා. එතන හොද පොත් ගොඩක් අඩුවට තියෙනවා දැක්කා.
පහන් ප්‍රකාශන සහ සුරස ප්‍රකාශන කුටි වල පරණ මුද්‍රණ ගොඩක් 50% වට්ටම් වලට දාල තියෙනවා .. ඒවා නම් උණු කැවුම් වගේ විකිණෙනවා දැක්කා. ඒ නිසා පරණ පොත් හොයන අය ඉක්මනට යන තරමට හොදයි.
චීන ළමා කතා හොයන අයට ''රුවන්ත ප්‍රකාශන'' කුටියට යන්න. අමා ඵලය, ආඩම්බර සෙන්පතියා වගේ පොත් ගොඩක් තිබුනා 50% වට්ටම් එක්කම

පොත් ප්‍රදර්ශනයක් නම් පොත් සහ ලිපිද්‍රව්‍ය වගේ දේවල් තමයි ඉතින් අනිවාර්යෙන්ම දේවල් වෙන්නේ. මෙතැනදී නම් පොත් වලට අමතරව සෙරෙප්පු සපත්තු සහ අත්කම් නිර්මාණ කුටි දෙකකුත් දකින්න ලැබුනා . හොද සංවිධානයක් තිබුන කියල ඒකෙන්ම පෙනුනා.

මැගී, කොකා කෝලා එහෙම නැහැ. පොඩි අච්චාරු කඩයක් එක්ක පළතුරු බිම තමයි බොන්න තියෙන්නේ. ඒ නිසා මැගී කන්න යන නෝනා මහත්තුරුන්ට සැප්තැම්බර් වෙනකල් ඉන්න වෙනවා.

අලුත් පොත් වලට හැමදාම වගේ 20% වට්ටම තමයි ලැබෙන්නේ. 20% වට්ටමට ඔය පොත්ම සෙනග ගොඩේ තෙරපිලා සැප්තැම්බර් වලදී ගන්නේ මොකටද කියලා හිතෙනවා නම් අද හෙටම ගියාට පාඩුවක් වෙන්නේ නැහැ.

කියන්නම බැරි උන දේ තමයි මේ ප්‍රදර්ශනයට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ 😃

සිංහලයන් රවටන නරිවාදම් කාරයා

උපුටා ගැනීමකි.


ජනාධිපති වෙන්නට හීන දකින රාවණා පරපුරේ මහා හෙළ වෙදදුරුගේ හපන්කම් ගැන මගේ අත්දැකීම       
==============================================
         ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය. රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙන් තමාව හඳුන්වා ගන්නෙකි. කොණ්ඩය රැවුල වවාගෙන... අතේ කරේ යකඩ කිලෝ ගාණක් එල්ලා ගෙන සිටින මේ වෙදැදුරා හෙළ දැනුම, රාවණා බලය, යන්ත්‍ර, මන්ත්‍ර, කේන්දර, විශ්ව ශක්තිය, භාවනාව, අංගම්පොර ආදී තව බොහෝ දේ ගැන කතා කරයි. ඔහු අද ලංකාවේ රූපවාහිනී නාලිකා ආදී බොහෝ මාධ්‍යවල ලොකු කතාකාරයෙකි. යූ ටියුබයේ ඔහුගේ වීඩියෝ සිය ගණනකි. මෑතක සිට ඔහුට ලංකාවේ ජනාධිපති වීමටද සිතක් පහළ වී ඇති බැවින් මේ හෙළ වෙදදුරා ගැන මා දන්නා කතාව කීමට කල්පනා කළෙමි.

         මම 2013 වසරේ දිනක මේ වෙදා හමුවීමට ගියෙමි. ඒ ඔහුගේ බලය, දැනුම, හැකියාවන් මොනවාදැයි මැදහත්ව විමසා බැලීමටය. කලින් නොදන්වාම ඔහුගේ නිවසට ගිය මම ඉතා සුහදව පැයක් පමණ ඔහුගේ හපන්කම් ගැන සාකච්ඡා කළෙමි. ඔහු ඒ පැයට අරාබි නිසොල්ලාසය බඳු පුදුමාකාර කතා කන්දරාවක් කියාගෙන කියාගෙන ගියේය. එහිදී ඔහු කී ප්‍රධාන කාරණා කීපයක් මෙසේය. 
  • ඇමරිකාව ජිනීවා යෝජනා ගෙනල්ලා ලංකාවට ගේම දෙන්න හැදුවොත් මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානව

  •                ලංකාවේ මම කියන කඳු තුනක චෛත්‍ය තුනක් හදන්න මට ආණ්ඩුව ඉඩදෙනවා නම් මම ලංකාවේ මිනිස්සුන්ට හැදෙන ලෙඩවලින් සීයට හැත්ත පහක් බේත් නැතුව හොඳ කරනවා.



  •       .මම කියන දේවල් හරියට කරනවා නම් ලෝකේ ඕනම හොඳ කරන්න බැරි ලෙඩෙක් මම සනීප කරනවා.



  •       .සරත් ෆොන්සේකාව හිරෙන් නිදහස් කරන්න හිතෙන්න කියලා මම තමයි මහින්ද රාජපක්ෂට විශ්ව ශක්තියෙන් බලපෑම් කළේ... මම ඒක කළේ එයාව හිරේ දාපු එක මහින්ද මහත්තයාට හොඳ නැති නිසා...


         ඔහු මොන ජාතියේ බඩුවක්දැයි මේ කතා අසන ඕනෑම අයෙකුට සිතිය හැකි වුවද මම ඉවසීමෙන් ඔහුගේ අරාබි නිසොල්ලාස කතා අසා සිටියෙමි. ඒ පුංචි දෙයක් හෝ ඔහුට කළ හැකිදැයි සැබවින්ම දැනගත යුතු වූ නිසාය. ඒ අතරේ අපූරු දෙයක් සිදුවිය. හදිසියේම අනෝජ්ගේ පියා හොඳටම බීගෙන ගෙදරට කඩාපාත් වූයේ කුණුහරප කියමින් පුටු මේස ආදියටද අතින් පයින් පහර දෙමිනි. මහා හෙළවෙදදුරුගේ ආනුභාවය දෙකක් දා ගත් පියා හමුවේ සුරුස් ගා වියැකී ගියේය.

       “දැන් ගෙදර කතා කරන්න බෑ.... තාත්තා කචල් දානවා... අපි වෙන කොහාට හරි යමු.”

        ඉන්පසු අපි අසල පන්සලකට ගියෙමු. නැවත ඔහුගේ සුපුරුදු පම්පෝරිය ඇරඹිණි. ටික වේලාවකින් මම ඔහුට සරල හරස් ප්‍රශ්නයක් යොමු කළෙමි.

       “අර මහින්ද රාජපක්ෂගේ හිත වෙනස් කළා කීවානේ... ඔයාට ඇයි බැරි ඒ ක්‍රමේට ඔයාගේ තාත්තාගේ හිත වෙනස් කරන්න....? ”

         අනෝජ් ද සිල්වා අන්දුන් කුන්දුන් වී සිනාසෙන්නට පටන් ගත්තේය.
        “ඔව්... ඒක කරන්න පුලුවන්... ඒත් ඒකට තාත්තා මගෙන් ඉල්ලීමක් කරන්න ඕන.”

        “එතකොට මහින්ද රාජපක්ෂ ඔයාගෙන් ඉල්ලීමක් කළේ නෑනේ... අනික බොන මිනිහා ඉල්ලීමක් කරයිද මගේ බීම නවත්තන්න කියලා.... තව එකක්... උතුරේ යුද්දෙ ඉවර කරන්න අපි කොච්චර දුකක් වින්දද? ඔයා ඒ දවස්වල විශ්ව තරංග යවලා කෙලින්ම ප්‍රභාකරන්ගේ හිත වෙනස් කළා නම් සේරම ඉවරයිනේ...”

         පැහැදිලි කිසිවක් නොකී මහා මන්ත්‍රාචාර්යවරයා ළමිස්සියක් සේ හිනැහෙන්නට පටන් ගත්තේය. ඔහුගේ නැව් තියරි කන්දරාව එක ප්‍රායෝගික තුරුම්පුවකින් කඩා වැටෙන සැටි මට පෙනෙයි. එහෙත් මම ඔහුව අපහසුතාවට පත් නොකර, ඉතා ඉවසීමෙන් පුරා පැය පහක් තිස්සේ ඔහු සමග කතා කළෙමි. අවසානයේ මගේ නිගමනය වූයේ මෙයය.

          “ඔයා කියන දේවල් ඇත්ත වෙනවා නම් මමත් කැමතියි. හැබැයි කටින් කිව්වාට බෑ... ප්‍රැක්ටිකල් වෙන්න ඕන... ඔය දේවල්වලින් සීයට සීයක් ඕන නෑ....  සීයට දහයක් හරි ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති. ඒකට ලෑස්තිද?”

         රාවණා පරපුරේ වීරයා පියවරෙන් පියවර පල්ලම් බසින බව මට පැහැදිලිව පෙනේ.

          “ඇමරිකාවට වැහි වස්සනවා කීවා නේද... ඉතින් ඔයාට බැරිද ලංකාවට වැස්සක් වස්සන්න... ” මම ඔහුට යෝජනා කළෙමි.

         “ම්ම්ම්.... පුලුවන්. ඒත් අයියේ ඒකට සති ගාණක් තිස්සේ වෙනම ලෑස්ති වෙන්න ඕන... ඒවාට ගන්න තැඹිලි ජාතිය තියෙන්නේ මඩකලපුවේ.... රෑ දොළහට.... කාටත් හොරෙන්... කතා නොකර.... හෙළුවෙන් ගහට නැගලා.... ඒ තැඹිලි ගෙඩියක් කඩාගෙන.... අතේ තියන් බිමට බැහැලා.... ඒකෙන් තෙල් හිඳලා.... අහවල් ජාතියේ ගෙම්බෙක්ගේ මුත්‍රා ඒකට එකතු කරලා.... මාසයක් ජීවම් කරලා.... අනික ඒ ගෙම්බොත් දැන් හොයාගන්න නෑ.... උන් ඉන්නේ අවුරුද්දේ එක කාලෙක සිංහරාජ වනාන්තරේ....”

         ඔහු දුන්  පිළිතුර එයම නොවුනද සෑම ප්‍රශ්නයටම ඔහු දැන් දෙන්නේ ඒ ජාතියේ ඉළ ඇදෙන පිළිතුරුය. ඔහු නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත්පට්ටය සොයයි. ඔහු මුලදී මට කතා කළේ දරුවා කියාය. පැය පහකට පසු හොඳටම හොට බිම ඇනගැනීමෙන් අනතුරුව මා ඔහුට දරුවා නොව අයියා වී සිටියේය. බලය ඔප්පු කිරීම සඳහා මම ඉදිරිපත් කරන සියලු සරල යෝජනා ඔහු නොයෙක් හේතු කියමින් ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ අලුත්ම උපාය තම හැකියාවන් ගැන කීම නොව නොහැකියාවට හේතු කප්පරක් ඉදිරිපත් කිරීමය.

        “අඩුම ගාණේ ඔයාට බැරිද ඔයාගේ මහා බලයෙන් තණකොළ ගහක් හරි හොලවලා පෙන්වන්න....”

        දස අතේ කල්පනා කළ වෙදැදුරා අවසානයේදී තම බලය ඔප්පු කිරීමට අපූරු ක්‍රමයක් යෝජනා කළේය. මගේ අතට සුරයක් දුන් ඔහු කීවේ එය පපුවට අල්ලාගෙන ඔහුගේ දේවාලය ඉදිරිපිට වී කෙලින් සිටගෙන ඉන්න කියාය.

         “ඔට්ටුයි ඉන්න බෑ. සුරේ බලේට ඔයාව පස්සට විසිවෙලා යනවා...”

         මම දේවාලය ඉදිරිපිට යහතින් නොසෙල්වී සිටගෙන සිටියෙමි. අවසානයේ අනෝජ් තමාම සුරය අතට ගෙන දේවාලය ඉදිරියට ගොස් පස්සට විසි වී පෙන්නුවේය.

         “ඔයාගේ බඬේ බහිරවයෙක් ඉන්නවා... ඒකයි අයියා ඔයාව පස්සට විසි වෙන්නේ නැත්තේ...”

          කොමඩි නාටකයක් බඳු මේ සිදුවීම සිනා නොවී රස විඳිමින් වුවද ඔහුට තවදුරටත් අවස්ථාව දීමට මම තීරණය කළෙමි.

          “හරි දැන් බැරි නම් ඔයා කැමති දවසක, කැමති තැනක පුලුවන් දෙයක් කරලා පෙන්වන්න. කියන තැනකට මම එන්නම්. මම ලෙඞ්ඩු කීපදෙනෙක්වත් ඔයා ගාවට එවන්නම්. සනීප වෙනවාද කියලා බලමු....”

          අවසානයේදී ඔහුට මම සුහදව සමුදුන්නේ එසේය. කියූ ආකාරයටම රෝගීන් තුන්දෙනෙක් ඔහු වෙත යැව්වෙමි. නමුත් එදායින් පසු නැවත කිසිදා ඔහුව මට සම්බන්ධ කරගත හැකිවූයේ නැත. මා ඔහු ළගට යැවූ රෝගීන් තිදෙනාට කිසිදු සුවයක් අත් වූයේද නැත. පසු කලෙක මේ රසබර අත්දැකීම මගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාවටද එකතු විය. එහි 171 පිටුවේ කියවෙන උපුල් වෙදාගේ චරිතය නිර්මාණය වූයේ අනෝජ් සිල්වාගේ කතාව පදනම් කරගනිමිනි.

           මේ කියන දේවල් බොරු නම් ඒ ගැන ඕනෑම තැනක ඕනෑම විවාදයකට මම සූදානම්ය. අවශ්‍ය නම් මට හානියක් සිදු කර හෝ ඔහුගේ බලය ඔප්පු කිරීමට අනෝජ් සිල්වාට හැකි නම් එය කර පෙන්වන මෙන් අභියෝග කරමි. අනෝජ් සිල්වාගේ බොරු වෙද නාඩගම්වලට අමතරව අද ඔහු සිංහල ඡන්ද කඩන ක්‍රීඩාවේ ඉත්තෙකු බවටද පත්වී තිබේ. මා මෙය ලීවේ එයට රැවටුණු ජාතිකවාදී මතවාද දරන අයද සිටින බැවිනි. අනෝජ් සිල්වා යනු සිව්හෙළය එක්සත් කරන අනාගත ජනාධිපතිවරයා නොව මානසික ප්‍රතිකාර ලබාදිය යුතු ඔල්මාදකාරයෙකි. හෙළ දැනුම ගැන අකට විකට කතා කියමින් සිංහලකම රකින්නට පෙරට එන්නේ මෙවැනි බොරු කටේ නරිවාදම්කාරයන් නම් සිංහලයා ඔවුන්ගෙන් පරිස්සම් වීම ඉතා යහපත් බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.

- 2019 ජුලි 21 සති අග අරුණ පුවත්පතට ලියූ ලිපියක කෙටි කරන ලද සංස්කරණයකි-

Sunday, 14 July 2019

හිරු රැස් නාන්නේ මෙහෙමයි

ඔබත් මැද⁣ පෙරදිග රැකියාවට යාමට අදහස් කරන කාන්තාවක් ද?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් වැඩි දෙනෙකුගේ  අදහස මැද පෙරදිග ගොස් රන් කහවනු සොයාගෙන ඒමයි.ඇය විවාහක ලදක් නම් නිවසක් සාදා ගන්න, සැමියා සමඟ එක්වී ව්‍යාපාරයක් පටන් ගන්න ,දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න යන දහසකුත් ප්‍රාර්ථනා පොදි බැඳගෙන මැදපෙරදිග යයි.අවිවාහක කාන්තාවක් නම් දෙමාපිය,සහෝදර -සහෝදරියන්ට උදව් උපකාර කිරීමට මෙන්ම තමන්ගේ විවාහයට දෑවැද්දක් සූදානම් කර ගැනීමේ අභිලාෂයෙන් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට යනු දැකිය හැකිය .

බොහෝ කාන්තාවන්  මැදපෙරදිග යන්නේ අරාබිකාරයන් ගේ වහල් මෙහෙවර කොට දහදුක් විඳ මිල මුදල් හරිහම්බ කරගෙන තමන්ගේ මව් රටට ආපසු සැපවත් ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙනි.නිදි ලොවේ දී දක්නා සුන්දර සිහින සැබෑ වන්නේ මැදපෙරදිග යාමෙන් බව වැඩි දෙනාගේ විශ්වාසයයි. මැදපෙරදිග දී අතුරු ආන්තරාවක් සිදු නොවුනි නම් සල්ලි මිටියක් ද රැගෙන ගුවනින් පියාසර කර  කිරිල්ලියක් සේ මැද පෙරදිග ගිය කාන්තාව සිය නිවස වෙත පිය නගනුයේ ඉදිරි අනාගත වැඩපිළිවෙල ද සැලසුම්කරගෙන යි.

මෙලෙස රැගෙන එන මිල මුදල්වලින් වලින් ප්‍රයෝජන ලබන කාන්තාවෝ සිටිති.එමෙන්ම පොදි බැඳගෙන ආ රුපියල් ලක්ෂ ගණන් මුදල් කෙටි කාලයකින් නැති නාස්තිකරගත් වනිතාවෝ ද සිටිති.ඔවුන්ට අවසානයේ ඉතිරි වනුයේ අරාබිකාරයකු විසින් දෙනු ලැබූ වැරහැලි ඇඳුමක් පමණි.

මෙබඳු ළඳුන් පවසනුයේ" ලක්ෂ ගණන් මුදල් ගෙනාවත් ඒවා කපුරු මෙන් දියවී ගිය බවයි".
ඉසුරු සොයා මැදපෙරදිග ගිය කාන්තාව විශාල මුදලක් රැගෙන සිය රටට පැමිණයද ටික දිනකින් තමා දුටු සිහිනය බොඳ වී යනු ඇත.ඇගේ  අදහස්, අපේක්ෂාවන් කිසිමදාක ඉෂ්ඨ නොවෙයි. මැදපෙරදිග ගිය ගමන නිෂ්ඵලයි.

නමුත් තවත් කාන්තාවන් පිරිසක් එසේ නොවෙයි.ඔවුන් මැදපෙරදිග ගොස් සතුටින් සේවය කොට තම මවිබිම⁣ට පැමිණ යහතින් කල් ගෙවීමට ලැබෙනු ඇත.ඇය මැද පෙරදිග  හාම්පුතුන්ගේ ප්‍රශංසා ලබා වැටුප් සමඟ තෑගිබෝග ද ලබාගෙන පැමිණෙයි.රැකියාව සාර්ථක ලෙස ඉටුකරන ඔවුන් ගෙයක් දොරක් හදාගෙන ලස්සන විවාහ ජීවිතයක් ගත කිරීමට ද වරම් ලබා ගනු ඇත.මැද පෙරදිග දී කාගේත් හොඳ හිත දිනා ගෙන සේවය කොට මව්බිමට පැමිණෙන ඔවුන් යම් යම් අවස්ථාවලදී කරදර බාධක උපායශීලීව තම කතාවේ බලයෙන් මගහරවා ගැනීමට ශක්තිවන්තියන්  වූහ.  මව් රටට යහතින් පැමිණ ජීවත්වීමට තමන් උපයාගත් මුදල තව තවත් වැඩි දියුණු කරගත හැකි මාර්ගයක යෙදවීමට ඔවුන් පසුබට නොවූයේය.

නමුත් තවත් වනිතාවන් පිරිසක් මැද පෙරදිග රැකියාව කිරීමේදී අනේක දුක් කම්කටොලුවලට මුහුණ දෙයි .තමා සේවය කළ ස්ථානයේ ස්වාමියාගෙන් සහ ස්වාමිදුවගෙන් සැලකිලි ලබා ගැනීමට තරම් ඔවුන් වාසනාවන්ත නොවීය.අතවර බාධක රාශියකට මුහුණ පාමින් තම රටට පැමිණ අතේ තිබෙන සියලුම මුදල් නැති කරගෙන දුකින් ජීවත් වීමට සිදු වනු ඇත.ඔවුන් කරදර රාශියකට මුහුණ දී මව් රටට පැමිණ අතේ තිබෙන මුදල් ද අනුන් වෙනුවෙන් වියදම් කර දුක්බර දිවියකට පත් වනු ඇත.

 මැද පෙරදිග යන ලදුන් මුදල් ගැන සිතීමට පෙර දහසකුත් දේ සිතිය යුතු නොවේද ????? 

Wednesday, 10 July 2019

හිරුගෙන් මැවුණු විශ්මිත ලෝකය

 විශ්වයේ සිදුවූ මහා පිපිරීමකින් අනතුරුව අතිදැවැන්ත ගිනි ගුලියක් නිර්මාණය විය.ඒ සමගම තමන්ගේ දිශානතිය දෙසට හරවා ගත් ග්‍රහ වස්තූන් පෙළක් දක්නට ලැබුණි.ඒවා තමන් වටා පරිභ්‍රමණය වන අතරේ ගිනිගෙන දැවෙමින් පවතින උක්ත ග්‍රහලෝකය වටා භ්‍රමණය වෙමින් පවතී.

ගිනි ගුලියක් සේ පෙනෙන්නේ සූර්යයා.එයින් නිකුත් වූ ප්‍රබල ආලෝකයෙන් පෙර සඳහන් කළ ග්‍රහ වස්තූන් ද ඉරට සාපේක්ෂව ආලෝකවත් වී තිබුණි.තමන්ටම සම්බන්ධ උප ග්‍රහයෙක් සමග හිරු වටා භ්‍රමණය වෙමින් තිබූ ග්‍රහලෝකයක ආකාශය සූර්යාලෝකයෙන් බැබළෙමින් තිබුණි.මෙම ග්‍රහලෝකය සතු වු ආවට බහුල රළු කඩතොලු පෘෂ්ඨයකි.බොහෝ තැන්වල පිහිටා තිබූ ගිනිකඳු ගිනි කඳු විදාරණය වෙමින් ඇත.ඒවායෙන් නික්මෙන ධූලි වලාවන්  අවකාශය වසා ගත් අතර රතු හා රන් පැහැයෙන් යුතු ලාවා ගංගාවන් ගිනි පුපුර විහිදුවමින් ගලා ගියේය.

නිරන්තරයෙන් ම වාගේ හමා යන චණ්ඩමාරුතය විසින් වැලි හා ධූලි වලාවන් මගින් තැනට  ප්‍රවාහනය කරනු ලබයි.මේ හේතුවෙන් සූර්යයාගේ ප්‍රචණ්ඩ රශ්මියට වරින් වර බාධා ඇතිවෙයි.වැලි ධූලි වලාවන් පහව යත්ම යළිත් හිරු බබළන්නට පටන් ගනී. හාත්පස දකින්නට ඇත්තේ ශෝකී වියළි ස්වභාවයකි.වායුගෝලයේ ස්වභාවය ට බිහිසුණුය.ඇමෝනියා,මීතේන් වැනි විෂ වායූන්ගෙන් ගහනය.කිසිදු ජීවයකට මෙහි ඉඩක් නැත.

"ඉහතින් දැක්වුයේ වර්ෂ කෝටි 500 ක ට ඉහත ඈත.......ඈත.... අතීතයේ දී පෘථිවියේ ස්වභාවයයි."

එවන් ලෝකයක් මෙවන් හරිත ලොවක් බවට පත්වනු ඇතැයි කියා සිතිය  හැකිද?හෝමෝසේපියන් මානවයා බිහිවී ලෝකාරම්භය සිදු වූ ආකාරය සොයා ගැනීම සැබවින්ම සිහිනයක් බඳුය.කෙසේ වුවද,ඒ ආශ්චර්යය සිදුව තිබේ.සොබාදහමේ විශ්මිත නිර්මාණය මිනිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ස්වභාවධර්මයෙ ධර්මයෙන් බිහි වූ මිනිසා තම පැවැත්ම සකසා ගත යුත්තේ ද එයට අවනතවය.සොබා දහමින් බැහැර ව මිනිසාට පැවැත්මක් නැත.පැරණි කෘෂිකාර්මික යුගයේ ජීවත් වූ මිනිසා මෙම ඓතිහාසික සත්‍යය අවබෝධ කරගෙන සිටියේය.රතු ඉන්දියානු ගෝත්‍රික නායකයකු වූ ඇමරිකාවේ සියැමල් දාහත් වැනි සියවසේ එනමි 1854 දී එවකට ඇමරිකානු ජනාධිපති ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන්ට යැවූ ඓතිහාසික ප්‍රකාශනය කියවා බලන්න.

තමා විසින් නිර්මාණය කළ දරුවා රෝගී වූ විට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රතිකාර ද සොබා දහම තුලම තිබෙි.මගේ මේ සුවිශේෂී ලිපිය තුලින් මේ සූදානම ඒ පිළිබඳව විමසීමක් මා කළ බවට ඔබ දැනුවත් කිරීමක් කරන්නටයි.

ලෝකයේ අනගිතම පානය

ලෝකයේ පවතින අනගිතම පානය වන්නේ පිරිසිදු ජලය බව විවාදයක් නැත.එසේ එය ප්‍රමුඛ ස්වභාවික රසකාරකයක් ද වෙයි.කෙසේ වෙතත් ජලය පිළිබඳ අපට කිසිදු හැගීමක් නැත.එයට හේතුව ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට ජාලයෙන් හිඟයක් නොමැති  වීමයි.

ළිං ජලය පමණක් නොව ඇළ,දොළ,ගංගා,වැව් පොකුණු රට පුරා ම විසිරී ඇත .වසර පුරා ම වර්ෂාවෙන් ද බරපතළ හිඟයක් නැත.දුෂ්කර පළාත් තිබුණද එයට හේතුව නිසි ජල කළමනාකරණයක් නොවීමය.ගෘහස්ථ පරිහරණයේ දී පමණක් අපතේ යන ජල ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම් ය.ලංකාවේ එසේ වෙද්දී සිංගප්පූරුව සහ ඩුබායි දේශය ජලය ආනයනය කරනු ලබයි.

විවිධ රෝගාබාධ සඳහා පිරිසිදු ඇල් ජලය,උණු ජලය මෙන්ම උණු කර නිවා ගත් ජලය භාවිතා කිරීමට පුලුවන.එය විශිෂ්ටතම ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් ද වෙයි.

වර්තමානයේ බොහෝ දෙනා සිසිල් කළ ජලය පානය කිරීමට හුරුවී සිටියි.මෙය අතිශය අහිතකර ක්‍රියාවකි. එමගින් ප්‍රධානතම හානි දෙකක් සිදු වේ.

ශීතකළ ජලය පානය කිරීමෙන් ආමාශය රුධිර සැපයුම තුවාල කරනු ඇත.අනෙක නම් ආහාර දිරවීම සඳහා උපකාරී වන අග්න්‍යාශයික අමිල සැපයුමට බාධා වීමයි .

බොහෝ දෙනා විසින් කරනු ලබන එහෙත් නොකළ යුතුම දෙයක් තිබෙි.එනම් තදින් දහඩිය හෝ තදින් වෙහෙස වී හිඳින වෙලාවට සිදු කළ වතුර පානය කිරීම හෝ වෙනත් ශීතකළ පානයක් ගැනීමයි.එසේ කිරීමෙන් ශරීරයේ ස්වභාවය ක්ෂණිකව වෙනස් වනු ලැබේ.මෙය ඉතාම හානිකර තත්ත්ව ඇති කරනු ලබන තත්වයකි.

        උණු ජලය පානය කිරීම

මඳ උණුසුම් ජලය පානය කිරීම ඉතාම ප්‍රශස්ත ය.උදෑසන අවදි වූ සැනින් මඳ උණුසුම් වතුර වීදුරුවක් හිස් බඩට පානය කිරීම ඖෂධයක් බදුය.ශරීරය ප්‍රබෝධමත් කිරීමට එය බෙහෙවින්ම ඉවහල් වෙයි.මල පහ කිරීමේ ක්‍රියාවලිය සක්‍රීය වීම ප්‍රධාන කරුණකි.

එසේ උණු ජලය පානය යම් යම් රෝගාබාධ සඳහා නිර්දේශ කරන අවස්ථා තිබේ.උදරාශ්‍රිත රෝග විශේෂය.වමනය,උදරයේ කැක්කුම,පාචනය සහ බඩ පිපුම ආදිය ඒ අතරින් ප්‍රධානය.විශේෂයෙ ම නොනවතින කැස්සක් පවතින අවස්ථාවේ දී වරින් වර උණුසුම් ජලය පානය කිරීමෙන් සහනය ලැබේ.උණු ජලය වේදනා නාශකයක් ලෙස සඳහන් කිරීමට පුළුවන.පානය,තැබීම මෙන්ම උණුවතුර ස්නානය කිරීමෙන් වේදනා සමනය වීමක් මෙන්ම ශරීරයේ විෂ බැහැර කිරීමක් ද සිදු වෙයි.මෙම තත්ත්වය තරමක් රෝගී අවස්ථාවලදී නම් වෛද්‍ය උපදෙස් පැතීම අවැසිය.

සමට වින කරන පාරජම්බුල කිරණ


සෑම දෙයක මෙන්ම හිරු එළියේ ද ද හිතකර අහිතකර බලපෑම් තිබේ.වැඩිම බලපෑම සිදු කරනු ලබන්නේ සමට ය.තද හිරු රැසට දිගින් දිගටම නිරාවරණය වීම හේතුවෙන් ඡවි කල්‍යාණ⁣ය්  ප්‍රහර්ශය වියැකී වියපත් පෙනුමක් ඇති වෙයි.රැලි ගතිය ඇති වන්නේ සූර්ය රශ්මියේ බලපෑම නිසා සමේ ඇදෙන සුළු ගතිය නැති වීම හේතුවෙනි.සූර්ය රශ්මියේ පාරජම්බුල කිරණ වර්ග දෙකක් ඇති බව හඳුනාගෙන තිබේ.එනම්,
                   
                       1)අල්ටාු වයලටි-A
                       2)ල්ටාු වයලටි-B

අල්ටා වයලටි B සම මත තැන්පත් වෙයි.සමේ පැහැය වෙනස් කරන්නේ ඒ මගිනි.කෙසේ වෙතත් සමෙහි ඇති මෙලනින් වර්ණකය ස්වභාවික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කිරීම සතුටට කරුණකි.

උණු ජල ස්නානය

''ස්නානය යනු ශරීරය පිරිසිදු කිරීමේ ප්‍රමුඛතම ක්‍රමවේදයයි. එය දෙයාකාරයකට සිදුවෙයි. වර්තමානයේ දී උණු ජල ඒකක සවි කිරීම අතිශයින් ජනප්‍රිය ය''.


උණුවතුර ස්නාන⁣යේ සුවිශේෂී බවක් තිබේ.එමගින් සිරුර තැවෙන සුළු බවක් මෙන්ම, ලිහිල්තාවයක් ද ලැබේ. එසේ වුවද මෙය කොතරම් හිතකරද යන කාරණය විමසා බැලිය යුතුව තිබේ.

දිනපතා උණු ජලය ස්නා⁣⁣නය සුදුසු නැත. ප්‍රශස්තම ස්නානය වන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ පවතින ඇල් ජලයයි.පානය හැරැණු විට ශාරීරිකව ජලය භාවිත කරනුයේ ස්නානය හා සේදීමට ය. ශරීරයේ පවතින ස්වභාවය ඉවත් කිරීම සඳහා සබන් හෝ සේදුම් දියර භාවිතා කිරීමට සිදුවේ.මෙවැනි දෑ  දක්වන අයද නැතුවා නොවේ.ඒ සඳහා විකල්පයක් වන්නේ පිරිසුදු උණු වතුරට දෙහි යුෂ අඬු කෝප්ප භාගයක් පමණ මිශ්‍රකර ඇඟ සේදීම ය. එමගින් තෙල් ගතිය ඉවත් වෙනවා සේම විෂබීජ නාශකයක් ලෙස ඉවහල් වෙයි.උණු ජල ස්නානයේදී සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ  ආහාර ගෙන පැයක් පමණ යනතුරු ස්නානය නොකිරීමයි..එමගින් ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා ඇතිවේ.අනෙක් අතට ස්නානය වේලාවේදී හොඳ සුවදායි බවක් දැනුන ද මඳ වේලාවක් යද්දී අලස නිදිමත ස්වභාවයක් හට ගනියි.භාවිතයේදී වෛද්‍ය උපදෙස් මත සිදු කිරීම වැදගත් වන්නේ එබැවිනි.කෙසේ වුවද සතියකට දෙතුන් වතාවක් ජලය ස්නානය කිරීම ගැටලුවක් නොවේ.


වතුරේ උෂ්ණත්වය


කිසිම අයුරකින් ශරීරයට පීඩාවක්, අපහසුවක්, සම පිළිස්සෙන ආකාරයක් නොදැනෙන මට්ටම තිබිය යුතු  ය.එසේ නොවුණහොත් සුවදායක බව වෙනුවට සමට ප්‍රතිකාර කිරීමට සිදු වනු ඇත.


සිරුරට අපහසුවක් නැති උෂ්ණත්වයක් සහිත උණු ජලය සැබෑම ස්වභාවික ප්‍රතිකාරයකි. කය වෙහෙසා වැඩ කළ දිනයක සන්ධ්‍යාව‍ෙි උණු වතුර නෑමෙන් සුවදායක නින්දක් ලබාගැනීමට සුදුසු මගකි. එසේ වුවද වෘත්තීමය වශයෙන් කය වෙහෙසන පුද්ගලයන් දිනපතා උණු වතුර නෑම නොකළ යුතුය.දිය නෑම සදහා සඳහා ප්‍රශස්තම කාලය වන්නේ පෙරවරු 9.30-12 ත් අතර කාලයේය.උණු හෝ ඇල් වේවා දිවා ආහාරයට අවම වශයෙන් පැයකට පෙරාතුව හෝ ඉන් පැය දෙකහමාරක් අතර කාලයේ කාලයකින් පසුවය.

Sunday, 7 July 2019

කතුරුමුරුංගා ඔසුවකි

  • "Sesbania grandiflora" යන ඒ නාමයෙන් හඳුන්වන 'කතුරුමුරුංගා' රනිල කුලයට අයත්  බෝගයකි.සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හටගන්නා ලෙස කතුරුමුරුංගා වර්ග තුනකි.කතුරුමුරුංගා කොළ හා මල් වල විටමින් A,ප්‍රෝටීන්,විටමින් B ,විටමින් C හා තන්තු යහමින් අඩංගු වෙි.


ශිව දෙවියන් පිදීමට භාවිතා කරන හෙයින් "මුනිප්‍රිය" නමින් ද,සුදු පැහැති විශාල මලක්  පිපෙන හෙයින් "ස්ඵුල පුෂ්ප" නමින් ද මල විශාල අර්ධ චක්‍රාකාර නිසා "වක්‍ර පුෂ්ප" ලෙසද, ආයුර්වේදය තුල ඇති නිගණ්ඩු ග්‍රන්ථවල අගස්ති සෘෂිවරයා වියපත් වීම ප්‍රමාද කරන ඔසුවක් කතුරුමුරුංගා වලින් සැකසූ බව සටහන් ය.එතුමාට ගෞරවයක් පරිදි "අගස්ථි" සංස්කෘතික භාෂා නාමය ද කතුරුමුරුංගා හැඳින්වීමට යොදා ගනී.

වා,පිත්,සෙම් තුන් දෝෂ සමන  හැකියාව නිසා ආයුර්වේදය තුළ කතුරුමුරුංගා  සුවිශේෂී වෙි.සෙම් රෝග සමනය,රුධිර නාල හා රුධිර යහපත් කරවීම,ගර්භනීමාතාවන්ගේ  දරු කළලයේ ස්නායු පද්ධතියේ ප්‍රකෘතිමත් බව පවත්වා ගැනීම,කතුරුමුරුංගා ආහාරයට ගැනීමේ විශේෂ වාසි වෙි.කතුරුමුරුංගා පොතු කැසීම්,චර්ම රෝග සමනයටත්,  උදරාබාධ සඳහාත් භාවිතා  කෙරේ.

කතුරුමුරුංගා  වැවීමට උෂ්ණත්වය ඉහළ දේශගුණ තත්වය වඩාත් හිතකර ය.සිසිල්දේශගුණ  තත්ත්ව යටතේ වගාව තරමක් අපහසු ය.ජීව්‍යතාවය ඇති කහ වූ විගස කරල් රෝපණ  ද්‍රව්‍ය ලෙස යොදා ගත යුතු වේ .කහ වී කල්ගත වත්ම ජීවත්‍යතාවය දුර්වල ප්‍රරෝහණ ශක්තිය අඩු බීජ ලැබේ."හරිත" වර්ගය දඬු කැබලි මඟින්  ප්‍රචාරණය කෙරේ .ශ්‍රේෂ්ඨ ස්ථාපනයට 45 cm ×45 cm ×45 cm වල ද, 2m×2m පරතරය ද සුදුසු ය .සුළඟට කැඩෙන බව හා සෙවණ ප්‍රිය බව සලකා ස්ථාපනය හා නඩත්තුව වැදගත්ය.

කතුරුමුරුංගා මල්වල විෂ නාශක හා පිළිකා නාශක ගුණය පවතී.පැහැපත් කිරීමේ ස්වභාවය ,අජීර්ණ රෝගීන්ට ගුණ වීම, කාන්තා ⁣⁣ ⁣ශ්වෙිද ප්‍රදර/ උණ හා ඇඟපත වේදනාවලට ගුණ දායක වීම ද  කැස්ස/පීනස, සෙම් රෝග පාලනයට ද කතුරුමුරුංගා  මල් ගුණදායක වෙයි.කතුරුමුරුංගා කොළ සර්ප විෂ වේදනාවට සර්ප වෙදකම දී අල්දියෙන් අඹරා හන්දි වේදනාවට ද, අක්ෂි රෝගවලට ද, උගුරු ගොරහැඩි වීමට ද ,සෙම්ප්‍රතිශ්‍යාවට ද අනර්ඝ ඔසුවකි. මාස අටකදී  අස්වනු ද 12කදී මල්අස්වනු ද  නෙලාගත හැක. වරින්    ප්පාදුව වැදගත් නඩත්තුවකි.