Home

Wednesday, 12 June 2019

රාස්සිගේ අවිව


හිරු ට වන්දනා කරන්නෝ
මෙන් ශාප කරන්නෝ  ද
නැතිවා නොවෙයි.
අධික උෂ්ණත්වය
හේතුවෙන් පීඩාවට   පත්ව
හිරු ට නොක්කාඩු කීම
බොහෝවිට සිදුවෙයි.

"වහින එක හොදයි අප්පා මෙහෙම පිචිචෙනවට වඩා"

එ කියන අයම,

"මොන කරැමයක්ද මන්දා....රෑ දවල් නැතිව වහින්න ගිහාම රෙද්දක්වත් වෙිළාගන්නෙ කොහොමද ?"

මිනිසුන් මිය යන තරමට මහ පාරේ තාර උණු වන තරමට සූර්ය රශ්මිය ප්‍රචණ්ඩ වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් වල ම  වරදිනි.


                            පුරාණ මිනිසාගේ ජීවන රටාව


                      අවදි වන්නේ අලුයම බ්‍රහ්ම මුහුර්තියෙනි.එනම්  පාන්දර 4- 4:30 අත⁣ර ය.අවදි වූ විගස කළේ මැටි කළයෙන් වතුර කෝප්පයක් පානය කිරීම ය.අනතුරුව කොළ කැඳ,බෙලිමල් හෝ රණවරා මල් පානය කි.

පළමු අරුණැල්ල පතිත වෙද්දී වෙලේ කුඹුරේ ය.උදෑසන හීල සප්පායම් වන්නේ එහි දී ම ය. පෙරවරුව මධ්‍යහනය පසු වන තෙක්ම එක සීරුවට වැඩ ය. අවරට යන හිරු කිරණේ අහිතකර බලපෑම දන්නා ඔවු හු දෙකට පමණ වැඩ අහවර කරති. අනතුරුව සිරුරේ දාහය පහව යනතුරු ඇලේ දොලේ හෝ වැවේ ය.

දිවා ආහාරයෙන් පසු පැය දෙකක් පමණ දොර පිලේ විවේක සුවයෙන් පසු වෙයි.ඉන් පසු ගෙවත්තේ එළවළු කොටුවලට යයි.එය පිහිටුවා තිබෙන්නේ ඉඩමේ බටහිරට වන්නට ය.එහි මායිම් පුවක්,කිතුල්,කොස්,හොර,දවට ආදී ගසින් පිරුණු හරිත ප්‍රාකාරයකි .මෙමගින් අපේක්ෂා කළේ "රාස්සිගේ අව්වෙන්"තම ඉඩම රැක ගැනීම ය.සවස අව්වේ තිබෙන පාරජම්බුල ආදී විනාශකාරී කිරණින් බෝග වලට වෙන හානිය මගහැරේ.

පුරාණ ගොවියා කොණ්ඩය වැව්වේ මෝස්තරයට නොවේ. නැවී වැඩක් කරද්දි කොණ්ඩය බදි.ඒ හිරු රශ්මියෙන් පුංචි මොළය රැකගන්නටය එසේ නොවන විට කේශ කලාපය උරපතු වැසී යන පරිදි කඩා හැලේ. හිරු රැස් එක එල්ලේම සමට පතිත වීම වළක්වන්නට ය.

"මළපොතේ අකුරක් නොදත් මුතුන් මිත්තන්ගේ භාවිත ඥානය ඉදිරියේ උගතුන් යැයි පාරම් බාන අය හිඳින්නේ කොතැන ද?'






80 comments:

  1. ඉස්සරහටත් ලියන්න..

    ReplyDelete
  2. වැදගත් ලිපියක්.ඇත්තටම ඉස්සර මිනිස්සු ලඟ අපි හිතනවට වඩා වැඩි යමක් තිබුනා.තව ලියන්න අක්කා..👍 නියමයි

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි,ස්තුතියි ඔබට

      Delete
  3. Niyamai.hamotama wadagath lipiyak

    ReplyDelete
  4. මෙම ලිපියේ දිගුවක් අපේක්ෂා කරමි. සාම්ප්‍රදායික තාක්ෂණය, කෘෂි සංස්කෘතිය,වාරි තාක්ෂණය ගැනත් අධ්‍යයනයන් කරන්න.. මේක ඉතා හොඳ ආරම්භයක්.. ලේඛන ශෛලිය අපූරුයි.. සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.අනිවාර්යයෙන් ම ඔබ කියු දෑ පිළිබඳ සැලකිලිමත් වෙන්නමි.

      Delete
  5. සම්ප්‍රදායික දේ අගය කිරිම හොඳයි.....

    ReplyDelete
  6. අදහසත් තේරුමත් මරු

    ReplyDelete
  7. අදහසත් තේරුමත් මරු

    ReplyDelete
  8. Hoda wadak.hdata krgna yn issarhta

    ReplyDelete
  9. එල එල....තවත් කරන්න...

    ReplyDelete
  10. නියමයි....🏁🏁

    ReplyDelete