Home

Thursday, 29 August 2019

⁣කෙටි කතාව(සාම්ප්‍රදායික සන්නිවේදනය)..

                                  .....අමනුෂ්‍ය  බලවේගය .....


 සුපුරුදු පරිදි ගෙදර සියලු දෙනාගේ කතාබහෙන්  පසු  දිලිනි නින්දට ගියේ උදෑසනම ඇහැරෙන්නට  හිතාගෙනය.නිදි කුමරිය ඉක්මනින්ම ගොඩවැදුන ඇඟේ නිදි යහනේ සුවදායක නින්දක් ඇයට ලැබුණි.

 නමුත් මැදියම්  රෑ 12:00 පසු වනවාත් සමගම නිදන කාමරයේ ජනේලය ට කිසිවකු තට්ටුකරනව ඇසේ .එම  ශබ්දයත් සමඟම අවදි වූ ඇය එක්වරම ඒ දෙස බැලුවේ නින්දත් නොනින්දත් අතරිනි.අඩවන් දෑස් විවර කර ඇය දුටුවෙි සුදු ඇඳගත් අයෙක් ඇයට කතා කරනවාය.දැඩි ලෙස බියට පත්වූ  ඇයගේ අත් පය දරදඬු විය.තැති ගැන්මක් සමඟ මහා හඬින් කෑ ගැසුවාය.ඇගේ කෑ ගැසීම ට අම්මා කාමරයට දිව ආවේ විගසිනි.

"ඇයි පුතේ ඇයි?මොකද උනේ මගේ පුතා හීනයක් දැක්කද ?"
අම්මා එලෙස ඇසුවාය.

ටික වේලාවක් කතා නොකර සිටි ඈ එක්වරම පැවසූයේ
"අම්මේ ජනේලේ ගාව කවුද ඉන්නවා"

 එක්වරම ජනේලයේ දෙස බැලූ අම්මට කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත.
අඩවන් නෙතින් එදෙස බැලූ දිලිනි ට ද එතැන කවුරුත් පෙනෙන්නට සිටියේ නෑ  .නමුත් කුමක් හෝ බලවේගයක් ඇගේ ශරීරයට ඇතුල් වූ බව ඇයට දැනිනි.

"අම්මේ මට බයයි,මට මොකක්දෝ වෙනවා වගේ දැනෙනවා"
(ඉතිපිසෝ ගාථාව තුන්වරක් ම කියමින් අම්මා තෙල් බිංදු කිහිපයක් ගෙන මතුරා  මගේ හිසෙහි ගෑවෙිය )

අම්මා ළඟ සිටින විට ඈට නින්ද ගියේ ඇයටත් නොදැනීමය.නමුත් උදෑසන අවදි වූ ඇයට මේ කිසිවක් මතක නැත.ඒ ගැන හාන්කවිසියක් වත් නැත.
(මැදියම් රැයේ ඇයට කුමක් වූවාදැයි අම්මා නිතරම කල්පනා කරන්නට විය).

(සාමාන්‍ය පරිදි දවස ගෙවූ ඇය වෙනදා මෙන්ම  පසුදා රාත්‍රියේ ද නින්දට ගියාය).
පෙරදා රාත්‍රියේ මෙන්ම මධ්‍යම රාත්‍රී 12 පසු වනවාත් සමඟම  දිලිනි දරදඬු වී මොර දෙන්නට පටන් ගත්තා ය .ඇගේ කෑ ගැසීමට බිය වූ ගෙදර අය ඈ නිදා සිටි කාමරයට දිව ආවේ යම් අසනීපයක් වත් ඇයට ඇත්දැයි සැක කරමිනි.

"අනේ මාව බේරගන්න,මාව කවුද ඇදගෙන යනවා ...මාව අල්ල ගන්න, මාව අරන් යන්න දෙන්න එපා" ඈ කෑ ගසන්නට විය.

( දිලිනි දුක් වින්⁣දෙ  තදබල අසනීපයක් ඇති කෙනෙක් විලසට ය .කෙනෙක් දැක්ක ගමන් ලස්සන රූපයක් තිබුණු දිලිණිට හිටිහැටියේ අසනීප වූයේ හරි පුදුම ලෙසටය.ඇඟට පණ නැති වෙලා ඇයට ක්ලාන්තය දැම්මාය .මුළු ඇඟම පණ නැහැ මුළු ඇගේම වෙහෙසක් එක්ක කකුල් පන නැති වෙලා ඇයට ඇවිද ගන්නට බැරි විය).

"අනේ මට බෑ දෙයියනේ"  දිලිනිගේ කෙඳිරිය හැමදාමත් මේ විදියට වෙද්දි දිලිනි ගේ ගෙදර අය නොපෙනෙන දේවල් පස්සේ දුවන්නට විය.හැමෝගෙම සල්ලි ඉවර උනා මිසක් සුවයක් ලැබුවේ නැත.

ඒත්  හිටිහැටියේ කවුරුත් නොහිතපු විදියට පවුලේ අයට පුදුම ආරංචියක් ලැබුණා.ඒ සොයාගන්න බැරි අසනීප සුව කරන තරුණ ජොතිෂය මහත්තයෙක් ගැනය.දිලිනිගේ පවුලේ අයට මේ ලබන ආරංචියත් සමග අලුත් බලා පොරොත්තුවක්  ඇති වුණා. ඒ ආරංචියත් එක්ක දිලිනව අරන් පවුලේ අය එකතු වෙලා දෙවියන් යදින ගමන් ජෝතිෂ්‍ය මහතාව හමුවෙන්නට ගියා.

"අනේ මහත්තයෝ මගේ දුව බේරලා දෙන්න " දිලිනිගේ මම හැඬූ කඳුළින් කීය .

"ඇයි...ඇයි...මෙි....

"අනේ මහත්තයෝ" බණ්ඩාර මහත්තයා ළඟ ඇඟට කිසිම බරක් නැතුව හෙම්බත්වෙලා සිටි දිලිනි වැඳ වැටුණා.

කොහොම හරි  කේන්දරය අතට ගත්තු මොහොතේ බණ්ඩාර මහත්තයා හරි පුදුම විදියට දිලිනිගේ අසනීපය ගැන කියද්දී කාටවත් හිතාගන්නවත් බැරි වුණා(කොහොමද මෙහෙම කියන්නෙ කියලා ...)

"මෙහෙමයි....
 ඔයාට තියෙන්නේ ශරීරයට පිල්ලියක් එක්ක ආපු අමනුශ්‍ය බලවේගයක ක්‍රියාකාරිත්වයක්.මළගිය ප්‍රාණකාරයෙක් දුවගේ ඇඟට බන්දලා යි තියෙන්නේ.ඒ දෙයින් තමා මේ අසනීප හැමදේම.කොයි තරම් බෙහෙත් කරත් මේ තත්ත්වය එක්ක ඔයාට සුවයක් ලැබෙන්න විදියක් නෑ .ඒ නිසා පුළුවන් ඉක්මනින්ම මේ වැඩ ටික කරගන්න.
දිලිනිගේ ගෙදර අය බණ්ඩාර මහත්තයාගේ වචන ටික පිළිගත්තේගෙ ඉස්මුදුනින්."

"අනේ මහත්තයෝ මෙයාගෙ ලොකු තාත්තා නැති වුණ දවසෙත් රෑ මැද මෙයා හොඳටම බය වෙලා ම හයියෙන් හූ කිව්වා "දිලිනි ගේ තාත්තා කීවා .

"මෙයාගෙ ලොකු තාත්තා තමයි මෙයාගේ ඇඟට ඇතුල් වෙලා ඉන්නේ .තුන් දොහක් යන්න කලියෙන් පිල්ලිය අයින් කරන්න ඕනේ.නැත්තං දරුවාගේ ජීවිතය අනතුරේ " බණ්ඩාර මහතා කීය .

දවස් පහක් යන්න කලින් ඒ කියපු විදියටම පිළිවෙත් ටික කරගන්න ගෙදර හැමදේම සූදානම් කළා.

ඇත්තටම ගත වුණේ පූජාව පැවැත්වූ රෑ එළිවෙනකම් ජාමය විතර යි.සිද්ධවුණේ කාටවත් සිතාගත නොහැකි දෙයක් ය .

(දෙහි,අගිල්,පාට පාට මල්, ගොක්කොල,ගොක් අතු,පිරමීඩ, දෙවි රූප,සේසත්,යන්තර මන්තර,අඨවිධ ගුරුකම් සියල්ල කර දෙහි හා අහු කපා පොල් ගෙඩියක් බිඳ රාත්‍රි එළිවනතුරු පූජාව පැවැත්විය)
මන්තර ජප කර දෙහි කපා මුලු ගෙදරටම ආරක්ෂාව තිබ්බා..

පාන්දර තුන පසු වනවාත් සමගම ගෙදරින් එළියට විදුලි වේගයකින් සේයාවක් දිව  ගියා.විශ්වාස කරන්න පුළුවන් නම් දෙයක් නෙවෙයි .නමුත් මේ ප්‍රතිකාරයෙන් හරියටම සුවය ලැබූ ඇයට යන්තරයක් දැම්මෙ ඇගේ මානසික සුවයට ය.සතිගානක් ලෙඩ ඇඳේ නොකා නොබී දුක් වින්ද ඈ කිසිම අසනීපයක් නොවුනා වගේ හරි පුදුම විදියට සනීප වුණා.දිලිනිගේ හිනාවෙන් ආයෙත් මුලු ගෙදරටම සිරියාව ගෙනාවා.

"අනේ මහත්තයෝ  ඔබතුමා රත්තරං කදක්.ඔබතුමාට බුදුබව ලැබෙන්න ඕනේ .ඔබ වගේ පිං කඳක් බිහි කළාට ඒ දෙමව්පියන්ටත් ජාති ජාතිත් පිං" දිලිනි පැවසුවාය ය.

"දැන් බයවෙන්න දෙයක් නැහැ,දැන් හැමදේම හරි" කියමින් ජෝතිෂ්‍ය මහතා යන්නට ගියා ය .. 

ජීවිතය කියන්නේ ඇත්තටම පුදුමාකාර දෙයක් නේද අම්මෙ? මට හිතාගන්න බෑ මේ ලෝකෙ මේ වගේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා.ඒත් අපිට හිතාගන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා කියලා මං මගේ අත්දැකීමෙන් ම දැන් දන්නවා . ජීවිතය බින්දුවට වැටුණු දිලිනිගේ කඳුළු කතාවේ නිමක් නැති සතුටු කඳුළු වැටුණේ බණ්ඩාර මහතාගේ ගුණ වර්ණනා කරන ගමන්ය..



නිමි.
(Hs/2016/1248)

4 comments: