පංචායුධයක් යනු ළදරුවන්ට පළදන ප්‍රබල ගණයේ බලගතු ආරක්ෂාවකි.ළදරුවන්ට පමණක් නොව ඉතාම කලාතුරකින් වැඩිහිටියන්ගේ කරවල ද පංචායුධයක් දැකිය හැකිය.පංචායුධයේ ආරම්භය සලකා බැලීමේදී "පංචායුධය" නම් කුමාරයෙකු සිය ස්ථානෝචිත ප්‍රඥාව හා නිර්භීතකම මෙහෙයවා යක්ෂයෙකු බිය ගන්වා පරාජය කළ බවක් ජනප්‍රවාදයේ සඳහන් වේ.''

පංචායුධයක් දරුවෙකුට පැළඳිය යුත්තේ ඒ පිළිබඳව නිවැරදිව දැනුවත්ව ය.එසේම පංචායුධයක් පැළඳිය යුතු නිවැරදි ක්‍රමය ද දැනගත යුතුය.පංචායුධය නිර්මාණය කර ඇත්තේ පංච ආයුධ යන වචනාර්ථයෙන්ම ආයුධ පහක හැඩතල යොදා ගෙන ය.එම ආයුධ වනුයේ හක් ගෙඩිය,චක්‍රය,මුගුර හෙවත් ත්‍රිශූලය,දුන්න හා කඩුවයි.
සාමාන්‍යයෙන් පංචායුධයක් රනින් හෝ හා රිදියෙන් නිර්මාණය කරයි.එහිදී පංචායුධය තුළ ඉහත සඳහන් කළ ආයුධ පහේ හැඩතල වෙන් වෙන්ව සිටින සේ හෝ ආයුධ හැඩතල මතු පිටට පෙනෙන සේ නිර්මාණය කරයි.පංචායුධ නිර්මාණයේ දී මෙම ආයුධ පහ එකිනෙකට ගෑවී හෝ කැපී නොතිබිය යුතුය.එසේම එම ආයුධ එකිනෙකට සම්බන්ධ වුවද ඒවාහී මූලික හැඩතලයන්ට කිසිදු හානියක් නොවිය යුතුය.සාමාන්‍යයෙන් පංචායුධ තඹ,පිත්තල ,යකඩ වැනි ලෝහවලින් නො සාදයි .
නිවැරදිව නිර්මාණය කරගන්නා පංචායුධය රනින් රිදියෙන් කළ මාලයකින් හෝ සුර පැළඳීම සඳහා යොදා ගන්නා කළු නූලකින් දරුවාගේ නාභිය තෙක් වැටෙන ලෙස කර පැළඳ විය යුතුය.සාමාන්‍යයෙන් පංචායුධයක් ළදරුවෙකුට පළඳවනු යේ දරුවා ඉපදී දින පහෙන් තුන් මසින් හෝ දරුවාට ඉඳුල් කට ගාන දිනයේ වැනි දිනකය එහිදී දරුවාට සීහෙන ශුභ මුහුර්තයකින් පංචායුධය පැළඳවීම ඉතාම ප්‍රතිඵලදායක ය. කෙසේ වෙතත් උක්ත ආයුධ පහ එකිනෙක මත පතිත වී තැබීමෙන් එනම් එක් ආයුධයක් තව ආයුධයක් මත පතිත වී තිබීමෙන් එම පංචායුධය පළදවන දරුවාට ආරක්ෂාව ලැබෙනවා වෙනුවට අපල උපද්‍රව ගෙන දේ .ඈත අතීතයේ සේම වර්තමානයේ ද ද පංචායුධ ජීවම් කිරීම සිදුවේ.එසේ නියම ප්‍රමිතියට සකසා ජීවම් කරගත් පංචායුධය සෙත් පිරිත් කියවා හිමිදිරි පාන්දර දරුවාගේ කර පැළඳ වූ බව පුරාණ පොත පතෙහි සඳහන් වේ.
Ela
ReplyDeleteEla
ReplyDeleteEla
ReplyDeleteWatinawa eka
ReplyDelete👏👏👏👏👏👏☺️👌
ReplyDelete👏👏👏👏👏👏☺️👌
ReplyDeleteImportant
ReplyDeleteඉතා වැදගත්
ReplyDeleteවැදගත් ලිපියකි .. සුබ පැතුම් ..
ReplyDeleteApi nodath thorathuru.....good...
ReplyDelete👍👍👍👍🏆️🏆️🏆️
ReplyDelete👏👏👏👏👏👏
ReplyDelete