Home

Wednesday, 19 June 2019

පෙරුම් පුරපු හීන මළුව....


නුවර වැවට එකතු වුණේ
නෙතින් ගලපු කඳුළු
වැව් බැම්මේ හැපි හැඬුවේ
සුළඟ නොවෙයි සොඳුරු....

දස දහසක් භාරවුණේ
මගේ සතුටට නොවුණු
දළදා හිමියනි අද මං 
යශෝධරා තනි වූ.....

පූජා කරපු මල් සහසක
සුවඳක් නෑ  පැතිරී
දල්වපු මැටි පහන්  බැමම
නිවුනාදෝ සිතිනි......

බැඳපු පඬුරු ටික සේරම
ලෙහුනාද නොදනී
පෙරුම් පුරපු හීන මළුව
ඉවරයි දැන් හැඩි වී ........

                                            ....ශෂි....


32 comments:

  1. සුපිරි ❤️❤️

    ReplyDelete