Home

Sunday, 23 June 2019

ළදරුවෙකුට පංචායුධයක් පැළඳි විය යුත්තේ මන්ද ?

පංචායුධයක් යනු  ළදරුවන්ට පළදන ප්‍රබල ගණයේ බලගතු ආරක්ෂාවකි.ළදරුවන්ට පමණක් නොව ඉතාම කලාතුරකින් වැඩිහිටියන්ගේ කරවල ද පංචායුධයක් දැකිය හැකිය.පංචායුධයේ ආරම්භය සලකා බැලීමේදී "පංචායුධය" නම් කුමාරයෙකු සිය ස්ථානෝචිත ප්‍රඥාව හා නිර්භීතකම මෙහෙයවා යක්ෂයෙකු බිය ගන්වා පරාජය  කළ බවක් ජනප්‍රවාදයේ සඳහන් වේ.''



පංචායුධයක් දරුවෙකුට පැළඳිය යුත්තේ ඒ පිළිබඳව නිවැරදිව දැනුවත්ව ය.එසේම පංචායුධයක් පැළඳිය යුතු නිවැරදි ක්‍රමය ද දැනගත යුතුය.පංචායුධය නිර්මාණය කර ඇත්තේ පංච ආයුධ යන වචනාර්ථයෙන්ම ආයුධ පහක හැඩතල යොදා ගෙන ය.එම ආයුධ වනුයේ හක් ගෙඩිය,චක්‍රය,මුගුර හෙවත් ත්‍රිශූලය,දුන්න හා කඩුවයි.

සාමාන්‍යයෙන් පංචායුධයක් රනින් හෝ හා රිදියෙන් නිර්මාණය කරයි.එහිදී පංචායුධය තුළ ඉහත සඳහන් කළ ආයුධ පහේ හැඩතල වෙන් වෙන්ව සිටින සේ හෝ ආයුධ හැඩතල මතු පිටට පෙනෙන සේ නිර්මාණය කරයි.පංචායුධ නිර්මාණයේ දී මෙම ආයුධ පහ එකිනෙකට ගෑවී හෝ කැපී නොතිබිය යුතුය.එසේම එම ආයුධ එකිනෙකට සම්බන්ධ වුවද ඒවාහී මූලික හැඩතලයන්ට කිසිදු හානියක් නොවිය යුතුය.සාමාන්‍යයෙන් පංචායුධ තඹ,පිත්තල ,යකඩ වැනි ලෝහවලින් නො සාදයි .


නිවැරදිව නිර්මාණය කරගන්නා පංචායුධය රනින් රිදියෙන් කළ මාලයකින් හෝ සුර පැළඳීම සඳහා යොදා ගන්නා කළු නූලකින් දරුවාගේ නාභිය තෙක් වැටෙන ලෙස කර පැළඳ විය යුතුය.සාමාන්‍යයෙන් පංචායුධයක් ළදරුවෙකුට පළඳවනු යේ දරුවා ඉපදී දින පහෙන් තුන් මසින් හෝ දරුවාට ඉඳුල් කට ගාන දිනයේ වැනි දිනකය එහිදී දරුවාට සීහෙන ශුභ මුහුර්තයකින් පංචායුධය පැළඳවීම ඉතාම ප්‍රතිඵලදායක ය. කෙසේ වෙතත් උක්ත ආයුධ පහ එකිනෙක මත පතිත වී තැබීමෙන් එනම් එක් ආයුධයක් තව ආයුධයක් මත පතිත වී තිබීමෙන් එම පංචායුධය පළදවන දරුවාට ආරක්ෂාව ලැබෙනවා වෙනුවට අපල උපද්‍රව ගෙන දේ .ඈත අතීතයේ සේම වර්තමානයේ ද ද පංචායුධ ජීවම් කිරීම සිදුවේ.එසේ නියම ප්‍රමිතියට සකසා ජීවම් කරගත් පංචායුධය සෙත් පිරිත් කියවා හිමිදිරි පාන්දර දරුවාගේ කර පැළඳ වූ බව පුරාණ පොත පතෙහි සඳහන් වේ.

Saturday, 22 June 2019

හැර යන නුඹට

වැරැද්දක් වගේ වුණාද හදන්න බැරි වරද
කරච්චලය වගේ දැනුණ ද මගේ බොලඳ වචන
දුකක් අරන් බැරි හින්දා යන්නට මට දුරට 
තවත් බලං මං ඉන්නේ නුඹ යන හැටි පුදුම ...

ගියොත් ඔහොම දිගු ගමනක් නුඹ මා සිත දවන 
දිරච්ච අත්තක් වගේ වෙයි මැරිච්ච මම ගහක
ඉලත්තට්ටුවක්  දීලම ගන්නට හිටි දෑත 
නවත්තා ගන්නේ කොහොමද වැටහෙන් නෑ මටම...

දුකයි සැපයි විඳදරාන  මම තනියම හිටියේ 
නුඹයි මමයි මුණගැහිලයි ඒ හැඟුමන් බිඳුනේ
කලක් ගිහින් මේ විදිහට ආදරයෙන් බැඳුණේ 
වෙනස් වෙන්නේ කොහොමද නුඹ මේ හැටි රත්තරනේ... 

දිනක් එවී යම් කලකදී නුඹටත් මා දැනෙන
අදත් වගේ ඒ දවසත් එනතුරු ළඟ රැඳෙන 
මලක් වගේ පරවී යන ආදරයට පෙමිණ
විලක් වගේ මම ඉන්නමි නිසලව දිය රැඳෙන...

අමිමා සහ ජීවිතය

විඳින විඳවන ලෝකයක් මැද
ලබා ඇත්තෙමි ජීවිතය පණ
දිනන පරදින රුදුරු අරගල
අතර පීනමි හංසයෙකු ලෙස
දියෙන් කිරෙහිද, කිරෙන් දියෙහි ද
වෙන්ව තේරිය හැකි නමුත් රස
සෙවිය හැකි වෙද මිනිස් හදවත
රළු ද, සුමුදු ද කියා මට තව
දැනෙන නොදැනෙන හැඟුම් පොදි බැඳ
සොයමි තව ජීවිතේ අර්ථය
තවත් දුරකට යන්න හිතෙනවා
වගුරු හා මඩ ගොහොරු පසුකර
තැලි නොතැලි දැනී නොදැනෙන
මටත් හිමි නැති සිත් මලට හෙට
අඬන හිනැහෙන ඍතු තුළත් මැද
යන්න හැකිදෝ එවන් බොහෝ දුර
නමුත් යා යුතු යුතු බවයි දන්නේ
කෙසේ හෝ කටුකොහොල් මගහැර
සිටි මා හට පණට නොදැවෙනි
හදව⁣⁣⁣තේ  ආදරේ උල්පත
ළඟ නැතත් ඈතින් උනත් නුඹ
දැනෙනවා ආදරේ මහිමය
හෙට දිනයේ මට උරුම දිනුම ද?
හෙට දිනේ පැරදුම ද උරුමය?
දනිමි සැක හැර දෙයක් හදවත
දනිමි නුඹ ආද⁣රෙත් මව් බව
දනිමි නුඹ ආදරේ උල්පත
මඩ ගොහොරු මට නොවේ බාධක
නුඹේ උල්පත නොසිඳෙනා කළ
ගොහොරු අතරම පුබුදු කරවයි
නුඹට බැතියෙන්  සුදු නෙළුම් මම
මව්නි දීර්ඝායුෂ !!!!.......


Wednesday, 19 June 2019

පෙරුම් පුරපු හීන මළුව....


නුවර වැවට එකතු වුණේ
නෙතින් ගලපු කඳුළු
වැව් බැම්මේ හැපි හැඬුවේ
සුළඟ නොවෙයි සොඳුරු....

දස දහසක් භාරවුණේ
මගේ සතුටට නොවුණු
දළදා හිමියනි අද මං 
යශෝධරා තනි වූ.....

පූජා කරපු මල් සහසක
සුවඳක් නෑ  පැතිරී
දල්වපු මැටි පහන්  බැමම
නිවුනාදෝ සිතිනි......

බැඳපු පඬුරු ටික සේරම
ලෙහුනාද නොදනී
පෙරුම් පුරපු හීන මළුව
ඉවරයි දැන් හැඩි වී ........

                                            ....ශෂි....


Wednesday, 12 June 2019

රාස්සිගේ අවිව


හිරු ට වන්දනා කරන්නෝ
මෙන් ශාප කරන්නෝ  ද
නැතිවා නොවෙයි.
අධික උෂ්ණත්වය
හේතුවෙන් පීඩාවට   පත්ව
හිරු ට නොක්කාඩු කීම
බොහෝවිට සිදුවෙයි.

"වහින එක හොදයි අප්පා මෙහෙම පිචිචෙනවට වඩා"

එ කියන අයම,

"මොන කරැමයක්ද මන්දා....රෑ දවල් නැතිව වහින්න ගිහාම රෙද්දක්වත් වෙිළාගන්නෙ කොහොමද ?"

මිනිසුන් මිය යන තරමට මහ පාරේ තාර උණු වන තරමට සූර්ය රශ්මිය ප්‍රචණ්ඩ වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් වල ම  වරදිනි.


                            පුරාණ මිනිසාගේ ජීවන රටාව


                      අවදි වන්නේ අලුයම බ්‍රහ්ම මුහුර්තියෙනි.එනම්  පාන්දර 4- 4:30 අත⁣ර ය.අවදි වූ විගස කළේ මැටි කළයෙන් වතුර කෝප්පයක් පානය කිරීම ය.අනතුරුව කොළ කැඳ,බෙලිමල් හෝ රණවරා මල් පානය කි.

පළමු අරුණැල්ල පතිත වෙද්දී වෙලේ කුඹුරේ ය.උදෑසන හීල සප්පායම් වන්නේ එහි දී ම ය. පෙරවරුව මධ්‍යහනය පසු වන තෙක්ම එක සීරුවට වැඩ ය. අවරට යන හිරු කිරණේ අහිතකර බලපෑම දන්නා ඔවු හු දෙකට පමණ වැඩ අහවර කරති. අනතුරුව සිරුරේ දාහය පහව යනතුරු ඇලේ දොලේ හෝ වැවේ ය.

දිවා ආහාරයෙන් පසු පැය දෙකක් පමණ දොර පිලේ විවේක සුවයෙන් පසු වෙයි.ඉන් පසු ගෙවත්තේ එළවළු කොටුවලට යයි.එය පිහිටුවා තිබෙන්නේ ඉඩමේ බටහිරට වන්නට ය.එහි මායිම් පුවක්,කිතුල්,කොස්,හොර,දවට ආදී ගසින් පිරුණු හරිත ප්‍රාකාරයකි .මෙමගින් අපේක්ෂා කළේ "රාස්සිගේ අව්වෙන්"තම ඉඩම රැක ගැනීම ය.සවස අව්වේ තිබෙන පාරජම්බුල ආදී විනාශකාරී කිරණින් බෝග වලට වෙන හානිය මගහැරේ.

පුරාණ ගොවියා කොණ්ඩය වැව්වේ මෝස්තරයට නොවේ. නැවී වැඩක් කරද්දි කොණ්ඩය බදි.ඒ හිරු රශ්මියෙන් පුංචි මොළය රැකගන්නටය එසේ නොවන විට කේශ කලාපය උරපතු වැසී යන පරිදි කඩා හැලේ. හිරු රැස් එක එල්ලේම සමට පතිත වීම වළක්වන්නට ය.

"මළපොතේ අකුරක් නොදත් මුතුන් මිත්තන්ගේ භාවිත ඥානය ඉදිරියේ උගතුන් යැයි පාරම් බාන අය හිඳින්නේ කොතැන ද?'