Home

Friday, 6 September 2019

කෙටිකතාව(02) සාම්ප්‍රදායික සන්නිවේදනය...

                     අපේක්ෂා මල්ඵල ගන්වන ප්‍රාර්ථනා වැල් බෝධිය

ජීවිතය  කියන්නේ අපේක්ෂා සහ ප්‍රාර්ථනාවන් පිරී පවතින්නක්.ඒවා යථාර්ථයක් බවට පත්වෙන තුරු අපි සිහින දකිනවා.අන්න ඒ සිහින තමයි අපිව අපව ජීවත් කරවන්නේ.මෙහෙම දෙයකුත් තියනවා.....

සිහින දකිමින් කුසීතව බලා හිඳීමෙන් පමණක් පලක් වන්නේ නැහැ.ඒ සදහා ඒ සදහා කම්මැලි නොවී මහන්සියෙන් වැඩ කළ යුතුයි.

මෙහෙම දේවලුත් තියනවා.අතට හසු නොවෙන,ඇසට නොපෙනෙන සුවිශේෂී බලවේග තියෙනවා.අනන්තාපරිමාණ වූ විශ්වයේ යහපත් මෙන්ම අයහපත් බලවේග රාශියක් තිබෙනවා.මේවායේ පිහිට විවිධාකාරයෙන් අපට ලබාගන්න පුළුවන්.විශ්ව ශක්තිය අපට ආරෝපණය කරගත හැකි මාර්ග අතර සුවිශේෂී රුක්ෂ ද තිබෙනවා.එයින් එකක් තමයි බෝධිය.

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සර්වඥතා ඤාණය අවබෝධ කර ගැනීම සඳහා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ දී,පිටදී සෙවන ලබා ගත්තේ බෝධි වෘක්ෂයෙන්.

පන්සලේ බෝ සෙවණේ,වැලි මලුවෙදි ලැබෙන මානසික සුවය සංහිඳියාව පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ නේද?ප්‍රාර්ථනාවන් සඵල කර ගැනීමට භාරහාර වෙන සුවිශේෂී බෝධියක් දළදා මාලිගාවේ වැලි මළුවේ පිහිටා තිබෙනවා.එය හැඳින්වෙන්නේ "වැල් බෝධිය" කියලයි.එහෙමනම්.....එන්න යන්න මාත් එක්ක පැතුම් සපල කර දෙන වැල් බෝධිය හෙවත් ප්‍රාර්ථනා බෝධිය ළඟට.....

මද සුළගේ සැලෙන බෝපත් සිලි සිලියත්,සෙවණත් ගතට සිතට ගෙන දෙන්නේ අපූරු සිසිලසක්,ශාන්තියක්.මල් වලින් සේම,හඳුන්කූරු වලින් විහිදෙනා සුගන්ධය එම අපූර්වත්වය තවත් වැඩි කරනවා.

ප්‍රාර්ථනා බෝධිමළුව සේම අවට භූමිය පුරා පිරී සිටින බැතිමතුන් සියල්ලෝම හිඳින්නේ පහන් වූ සිත් සතන් ඇතිවයි.දේවාල ත්‍රිත්වයකින් සැදුම් ලද ප්‍රාර්ථනා බෝධිය අවට විෂ්ණු,පත්තිනි,ගම්බාර,නාථ


පෙරදිනයක ට මෙහි මෙහි පැමිණ තමන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූ ප්‍රාර්ථනාව සිහිපත් කර සිහිපත්කර බාරය ඔප්පු කිරීමට පැමිණියේ බොහෝයි .එයට නොදෙවැනි පිරිසක් භාරහාර වීමට පැමිණ හිදී.දන්තධාතූන් වැඩ වසනා බුද්ධ භූමියේ  වැල් බෝධි සුවිශේෂත්වය වන්නේ හැමටම එකසේ පිහිට ලබා දීම ප්‍රාර්ථනා බෝධීන් වහන්සේගේ ස්වභාවයයි.මෙහි පැමිණෙන පැමිණෙන්න උන්ගේ ප්‍රාර්ථනා වල ස්වභාවය විවිධාකාරයි.

වෛද්‍යවරුන් විසින් අතහැර දැමූ රෝගීන්
දරුඵල අහිමි වූවන්
ව්‍යාපාර දියුණුව පතන්නන්
විභාග අපේක්ෂක අපේක්ෂිකාවන්
ග්‍රහ අපල වලට ලක්වූවන්
                                              බහුල ලෙසින් මෙහිදී දක්නට ලැබෙනවා.පවුලේ අසමගිතා හේතුවෙන් පීඩාවට පත්ව ගින්නක් ද බොහොමයි.විටෙක ප්‍රාර්ථනා බෝධි මළුවේ බෝ පතක් ගිලිහෙන නාදයේ පවා ඇසෙන තරමට නිහඬය,සන්සුන්ය.තවත් වරෙක සාධු නාදයෙන් වා තලය ගිගුම් දෙයි.

බාර ඔප්පු කළ උන් පිටව යන්නේ සතුටිනි.අපද කුඩා කාලයේ පටන් ම දන්නා පරිදි ප්‍රාර්ථනා බෝධිය හෙවත් වැල් බෝධිය ඇසුරෙන් පැතුම් සඵල කරගත උන් දස දහස් ලක්ෂ ගණනකි.ඔබ දන්නවා ද ? පෙම් සබඳතා වලට බාධා එල්ල වන තරුණ තරුණියන් බෝධිය අභියස දැහැන්ගතව හිඳින්නේ අපමණ ප්‍රාර්ථනා දල්වා ගෙනයි .සමහරක් යෞවනියන්ගේ දෙනෙතින් ගලා හැලෙන කඳුළු වැල්ය.ඒ අතරේ අත්වැල් පටලා සතුටු සිනාවෙන් පිටව යන පෙම් යුවලක් ද නෙත ගැටෙයි.

විදේශගත වීම් ප්‍රමාද වුවන්,දූ දරුවන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන මව්පියන්,ජීවිතයේ සැදෑ සමය සතුටින් සාමදානයෙන් ගත කිරීමට අපේක්ෂා කරන වියපත් මාතාවන්ට මෙහි හිඟයක් නෑ.

කවර වයසක වේවා ප්‍රාර්ථනා පොඩි නොබැද ජීවත් ජීවත්වන්නවුන් මිහිපිට සිටිය හැකිද?
එසේ හිදින්නේ නම්.......ඒ හැඟීම්,දැනීමි,සංවේදනාවන්,ආසාවන් නොමැති වූවන් විය යුතුය .මේ අතෘප්තිකර ලෝකයේ සඵල නොවූ සිහින සමග අසහනයට පත්ව සිටින්නන් ගේ ක්ෂේම භූමියක් බඳ බඳ වැල් බෝ මළුවට ගොඩ වදින ලෙස ඔබටත් ඔබට ඇරයුම් කරමි.

මේ පුණ්‍ය භූමියේ සුවිශේෂතා රැසක් තිබේ වැල් පොඩියට පඬුරු ගැට ගැසීමක් කොඩිවැල් බැඳීමක් සිදුවන්නේ නැහැ.සිදුවන්නේ සමාධි සුවයෙන් සිතින් කරගන්නා වූ ප්‍රාර්ථනාවක් පමණයි.බාරය ඔප්පු කිරීමේදී කිරීමේ දී ද සිදුවන්නේ බෝධි බෝධි පූජාවක් පවත්වා,පැමිණ සිටින්නවුන් ද තමන්ට හැකි පමණින් දානයක් ලබා දීම පමණයි.එසේ නො වූවා කියා ගැටළුවක් ද නැහැ

බොහෝවිට බදාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල පිරිස් වැඩි වශයෙන් දක්නට ඇත.කොපමණ මිනිසුන් පැමිණිය ද ප්‍රාර්ථනා බාර වීමට කිසිදු බාධාවක් නොවේ.

එකිනෙකාගේ මතිමතාන්තර වලට අනුව මෙතැනට එන යම් පිරිස් සතියක් හෝ iන් ද නිර්මාංශ වී පැමිණේ.එසේ නොවුනා කියා ද ගැටළුවක් නැත.නමුත් බොහෝ පිරිස් ප්‍රාර්ථනා කළාට පසුව මාසයක්වත් නිර්මාංශ වීමට වගබලා ගනී.

සාම්ප්‍රදායික සමාජය තුළ දක්නට ලැබෙන අත්තනෝමතික වූ විවිධාකාර වූ සිරිත් විරිත් වලින් බිඳක් ඔබට එක් කරන්නට මෙයින් මට හැකිවිය..

ඔබත් අපේක්ෂා මල්ඵල ගන්වන ප්‍රාර්ථනා වැල් බෝධිය වෙත පැමිණ ප්‍රාර්ථනාවන් මල්ඵල ගන්වන්න.......



නිමි.
HS/2016/1248

Thursday, 29 August 2019

⁣කෙටි කතාව(සාම්ප්‍රදායික සන්නිවේදනය)..

                                  .....අමනුෂ්‍ය  බලවේගය .....


 සුපුරුදු පරිදි ගෙදර සියලු දෙනාගේ කතාබහෙන්  පසු  දිලිනි නින්දට ගියේ උදෑසනම ඇහැරෙන්නට  හිතාගෙනය.නිදි කුමරිය ඉක්මනින්ම ගොඩවැදුන ඇඟේ නිදි යහනේ සුවදායක නින්දක් ඇයට ලැබුණි.

 නමුත් මැදියම්  රෑ 12:00 පසු වනවාත් සමගම නිදන කාමරයේ ජනේලය ට කිසිවකු තට්ටුකරනව ඇසේ .එම  ශබ්දයත් සමඟම අවදි වූ ඇය එක්වරම ඒ දෙස බැලුවේ නින්දත් නොනින්දත් අතරිනි.අඩවන් දෑස් විවර කර ඇය දුටුවෙි සුදු ඇඳගත් අයෙක් ඇයට කතා කරනවාය.දැඩි ලෙස බියට පත්වූ  ඇයගේ අත් පය දරදඬු විය.තැති ගැන්මක් සමඟ මහා හඬින් කෑ ගැසුවාය.ඇගේ කෑ ගැසීම ට අම්මා කාමරයට දිව ආවේ විගසිනි.

"ඇයි පුතේ ඇයි?මොකද උනේ මගේ පුතා හීනයක් දැක්කද ?"
අම්මා එලෙස ඇසුවාය.

ටික වේලාවක් කතා නොකර සිටි ඈ එක්වරම පැවසූයේ
"අම්මේ ජනේලේ ගාව කවුද ඉන්නවා"

 එක්වරම ජනේලයේ දෙස බැලූ අම්මට කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත.
අඩවන් නෙතින් එදෙස බැලූ දිලිනි ට ද එතැන කවුරුත් පෙනෙන්නට සිටියේ නෑ  .නමුත් කුමක් හෝ බලවේගයක් ඇගේ ශරීරයට ඇතුල් වූ බව ඇයට දැනිනි.

"අම්මේ මට බයයි,මට මොකක්දෝ වෙනවා වගේ දැනෙනවා"
(ඉතිපිසෝ ගාථාව තුන්වරක් ම කියමින් අම්මා තෙල් බිංදු කිහිපයක් ගෙන මතුරා  මගේ හිසෙහි ගෑවෙිය )

අම්මා ළඟ සිටින විට ඈට නින්ද ගියේ ඇයටත් නොදැනීමය.නමුත් උදෑසන අවදි වූ ඇයට මේ කිසිවක් මතක නැත.ඒ ගැන හාන්කවිසියක් වත් නැත.
(මැදියම් රැයේ ඇයට කුමක් වූවාදැයි අම්මා නිතරම කල්පනා කරන්නට විය).

(සාමාන්‍ය පරිදි දවස ගෙවූ ඇය වෙනදා මෙන්ම  පසුදා රාත්‍රියේ ද නින්දට ගියාය).
පෙරදා රාත්‍රියේ මෙන්ම මධ්‍යම රාත්‍රී 12 පසු වනවාත් සමඟම  දිලිනි දරදඬු වී මොර දෙන්නට පටන් ගත්තා ය .ඇගේ කෑ ගැසීමට බිය වූ ගෙදර අය ඈ නිදා සිටි කාමරයට දිව ආවේ යම් අසනීපයක් වත් ඇයට ඇත්දැයි සැක කරමිනි.

"අනේ මාව බේරගන්න,මාව කවුද ඇදගෙන යනවා ...මාව අල්ල ගන්න, මාව අරන් යන්න දෙන්න එපා" ඈ කෑ ගසන්නට විය.

( දිලිනි දුක් වින්⁣දෙ  තදබල අසනීපයක් ඇති කෙනෙක් විලසට ය .කෙනෙක් දැක්ක ගමන් ලස්සන රූපයක් තිබුණු දිලිණිට හිටිහැටියේ අසනීප වූයේ හරි පුදුම ලෙසටය.ඇඟට පණ නැති වෙලා ඇයට ක්ලාන්තය දැම්මාය .මුළු ඇඟම පණ නැහැ මුළු ඇගේම වෙහෙසක් එක්ක කකුල් පන නැති වෙලා ඇයට ඇවිද ගන්නට බැරි විය).

"අනේ මට බෑ දෙයියනේ"  දිලිනිගේ කෙඳිරිය හැමදාමත් මේ විදියට වෙද්දි දිලිනි ගේ ගෙදර අය නොපෙනෙන දේවල් පස්සේ දුවන්නට විය.හැමෝගෙම සල්ලි ඉවර උනා මිසක් සුවයක් ලැබුවේ නැත.

ඒත්  හිටිහැටියේ කවුරුත් නොහිතපු විදියට පවුලේ අයට පුදුම ආරංචියක් ලැබුණා.ඒ සොයාගන්න බැරි අසනීප සුව කරන තරුණ ජොතිෂය මහත්තයෙක් ගැනය.දිලිනිගේ පවුලේ අයට මේ ලබන ආරංචියත් සමග අලුත් බලා පොරොත්තුවක්  ඇති වුණා. ඒ ආරංචියත් එක්ක දිලිනව අරන් පවුලේ අය එකතු වෙලා දෙවියන් යදින ගමන් ජෝතිෂ්‍ය මහතාව හමුවෙන්නට ගියා.

"අනේ මහත්තයෝ මගේ දුව බේරලා දෙන්න " දිලිනිගේ මම හැඬූ කඳුළින් කීය .

"ඇයි...ඇයි...මෙි....

"අනේ මහත්තයෝ" බණ්ඩාර මහත්තයා ළඟ ඇඟට කිසිම බරක් නැතුව හෙම්බත්වෙලා සිටි දිලිනි වැඳ වැටුණා.

කොහොම හරි  කේන්දරය අතට ගත්තු මොහොතේ බණ්ඩාර මහත්තයා හරි පුදුම විදියට දිලිනිගේ අසනීපය ගැන කියද්දී කාටවත් හිතාගන්නවත් බැරි වුණා(කොහොමද මෙහෙම කියන්නෙ කියලා ...)

"මෙහෙමයි....
 ඔයාට තියෙන්නේ ශරීරයට පිල්ලියක් එක්ක ආපු අමනුශ්‍ය බලවේගයක ක්‍රියාකාරිත්වයක්.මළගිය ප්‍රාණකාරයෙක් දුවගේ ඇඟට බන්දලා යි තියෙන්නේ.ඒ දෙයින් තමා මේ අසනීප හැමදේම.කොයි තරම් බෙහෙත් කරත් මේ තත්ත්වය එක්ක ඔයාට සුවයක් ලැබෙන්න විදියක් නෑ .ඒ නිසා පුළුවන් ඉක්මනින්ම මේ වැඩ ටික කරගන්න.
දිලිනිගේ ගෙදර අය බණ්ඩාර මහත්තයාගේ වචන ටික පිළිගත්තේගෙ ඉස්මුදුනින්."

"අනේ මහත්තයෝ මෙයාගෙ ලොකු තාත්තා නැති වුණ දවසෙත් රෑ මැද මෙයා හොඳටම බය වෙලා ම හයියෙන් හූ කිව්වා "දිලිනි ගේ තාත්තා කීවා .

"මෙයාගෙ ලොකු තාත්තා තමයි මෙයාගේ ඇඟට ඇතුල් වෙලා ඉන්නේ .තුන් දොහක් යන්න කලියෙන් පිල්ලිය අයින් කරන්න ඕනේ.නැත්තං දරුවාගේ ජීවිතය අනතුරේ " බණ්ඩාර මහතා කීය .

දවස් පහක් යන්න කලින් ඒ කියපු විදියටම පිළිවෙත් ටික කරගන්න ගෙදර හැමදේම සූදානම් කළා.

ඇත්තටම ගත වුණේ පූජාව පැවැත්වූ රෑ එළිවෙනකම් ජාමය විතර යි.සිද්ධවුණේ කාටවත් සිතාගත නොහැකි දෙයක් ය .

(දෙහි,අගිල්,පාට පාට මල්, ගොක්කොල,ගොක් අතු,පිරමීඩ, දෙවි රූප,සේසත්,යන්තර මන්තර,අඨවිධ ගුරුකම් සියල්ල කර දෙහි හා අහු කපා පොල් ගෙඩියක් බිඳ රාත්‍රි එළිවනතුරු පූජාව පැවැත්විය)
මන්තර ජප කර දෙහි කපා මුලු ගෙදරටම ආරක්ෂාව තිබ්බා..

පාන්දර තුන පසු වනවාත් සමගම ගෙදරින් එළියට විදුලි වේගයකින් සේයාවක් දිව  ගියා.විශ්වාස කරන්න පුළුවන් නම් දෙයක් නෙවෙයි .නමුත් මේ ප්‍රතිකාරයෙන් හරියටම සුවය ලැබූ ඇයට යන්තරයක් දැම්මෙ ඇගේ මානසික සුවයට ය.සතිගානක් ලෙඩ ඇඳේ නොකා නොබී දුක් වින්ද ඈ කිසිම අසනීපයක් නොවුනා වගේ හරි පුදුම විදියට සනීප වුණා.දිලිනිගේ හිනාවෙන් ආයෙත් මුලු ගෙදරටම සිරියාව ගෙනාවා.

"අනේ මහත්තයෝ  ඔබතුමා රත්තරං කදක්.ඔබතුමාට බුදුබව ලැබෙන්න ඕනේ .ඔබ වගේ පිං කඳක් බිහි කළාට ඒ දෙමව්පියන්ටත් ජාති ජාතිත් පිං" දිලිනි පැවසුවාය ය.

"දැන් බයවෙන්න දෙයක් නැහැ,දැන් හැමදේම හරි" කියමින් ජෝතිෂ්‍ය මහතා යන්නට ගියා ය .. 

ජීවිතය කියන්නේ ඇත්තටම පුදුමාකාර දෙයක් නේද අම්මෙ? මට හිතාගන්න බෑ මේ ලෝකෙ මේ වගේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා.ඒත් අපිට හිතාගන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා කියලා මං මගේ අත්දැකීමෙන් ම දැන් දන්නවා . ජීවිතය බින්දුවට වැටුණු දිලිනිගේ කඳුළු කතාවේ නිමක් නැති සතුටු කඳුළු වැටුණේ බණ්ඩාර මහතාගේ ගුණ වර්ණනා කරන ගමන්ය..



නිමි.
(Hs/2016/1248)

Friday, 26 July 2019

සුද්දෝ.....

එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.

ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නියම කෙරිණි.

සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.

අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.

කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.

එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.

ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.

“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.

බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.

අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.

වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.

ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කි¹ බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.

අමාරුවෙන් තනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.


ගස්ලබු (පැපොල්) ගැන දැනගමු

ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ”  කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය ”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ.
  • ප්‍රභේද සංස්කරණය

  1. පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ..
  2. ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.
  • පෝෂණ ගුණය සංස්කරණය
  1. විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත්ය.
  • ඖෂධීය ගුණය සංස්කරණය
  1. ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.


බයිබලය තහවුරු කිරීමට ගෙතූ ආර්ය තියරිය.

සිංහල සමාජයේ වෙසෙන කුඩා පිරිසක් හෝ යක්ෂ ඉතිහාසය ගැන සොයන්නට උනන්දුවක් දැක්වීම වටිනා ක්‍රියාවකි. ඊට නායකත්වය සපයන්නන්ට අදීන සිතුම් පැතුම් මෙන්ම විශේෂ දැනුමද අවශ්‍ය කෙරේ. ඔවුන්ට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවේ. යටපත් වූ ජාතික උරුමයක් මතුකර සමාජයට ඉදිරිපත් කරන විට එය සමච්චලයට ලක් කෙරෙන විකාර පුවත් ඉදිරිපත් වීම කලක සිට සිදුවේ.

සිංහලයින් සහ බුද්ධාගම පිළිබඳව යටත් විජිතවාදී පාලකයින් පතුරවන්නට ගත් මතවාද වෙනුවෙන් පෙනී සිටින්නන්ට එවැනි අභියෝග නැත. ඔවුන්ට කීර්ති ප්‍රශංසා තනතුරු මිල මුදල් ආදී නොයෙක් වාසි ලැබේ. එමනිසා විශ්වවිද්‍යාල, ගුරුවිද්‍යාල, පාසල්, පොත්පත්, පුස්තකාල, කෞතුකාගාර, ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා ආදියෙන් නිරතුරුවම බටහිර මතවාදයන් ඉදිරිපත් වේ.

‘සිංහල නාට්‍ය ඉතිහාසය’ නමින් ප්‍රකාශිත පොත පසු කලෙක මහාචාර්යවරයෙකු වූ ඩී. වී. හපුආරච්චි ආචාර්ය උපාධියට ලියූ නිබන්ධනයයි. එම පොත මහාචාර්ය සරච්චන්ද්‍රට පිරිනමා තිබේ. මේ එම පොතේ අඩංගු අදහසකි.

“.... අවශේෂ ගැමි නාටක විශේෂයන්ට වඩා සම්පූර්ණ දෘශ්‍ය කාව්‍ය ලක්ෂණයන්ගෙන් ද නිශ්චිත රංග ශෛලියකින් ද යුක්ත වූ නාඩගම් නාට්‍යමය අවස්ථාවන් ඉදිරිපත් කිරීමට හා නාට්‍ය රසය ජනනය කිරීමට ප්‍රමාණවත් යැයි එදිරිවීර සරච්චන්ද්‍ර කරන ප්‍රකාශය පිළිගත හැකිය. එහෙත් එම ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත් කිරීමට පොදු ගැමි රුචියෙන් අනුබල නො ලැබිණ”.

සිංහල නාඩගම් කලාවට අති දීර්ඝ ඉතිහාසයක් තිබේ. එහි මුල යක්ෂ සමාජය දක්වා ඈත අතීතයට සම්බන්ධ කිරීමට පුළුවන. මීට ඉහත අප ‘අරුණ’ මගින් ඉදිරිපත් කළ ලිපි කිහිපයකින්ම මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩි උදේනි නුවර ප්‍රදේශයේ යක්ෂ ජනයා විසූ බවට තොරතුරු ඉදිරිපත් කර ඇත. වෙස් මුහුණ යක් නැටුම්වලට සම්බන්ධ කලා භාණ්ඩයකි. මේවා ගැන අදහස් ප්‍රකාශ වන්නේද බටහිර පඬියන්ගේ අදහස් පදනම් කරගනිමිනි.

ගුත්තිල කාව්‍යයේ අඩංගු උදේනි පුර වර්ණනාවේ පවා වෙස් මුහුණු ගැන සඳහන් වේ.

"කියමින් ගී රස මියුරූ

තබමින් පදතල අනුරූ


බඳිමින් දන මන නුවරූ


කෙළිමින් යෙත බැඳ බහුරූ"


උගතුන් අතට පත්වන තුරුම නාඩගම ලංකාවේ පැවති සිංහල නාට්‍ය විශේෂයකි. සරච්චන්ද්‍ර සහ ඔහුගේ ගෝල බාලයෝ කෝලම් සහ නාඩගම් ගැමි නාට්‍ය බවට තීරණය කළහ. ඊට හේතුව සරච්චන්ද්‍ර මනමේ නාඩගම ගමකදී නැරඹීම විය හැකිය. නමුත් බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී නාඩගම ජනප්‍රිය වූයේ කොළඹ වැනි නගරවල බවට සාක්ෂ්‍ය තිබේ. මේ නිසා නාඩගම ගැමි කලාවක් බවට තීන්දු කිරීම ඉතිහාසය නොසලකා කරන ලද ක්‍රියාවකි.

මහාචාර්ය හපුආරච්චි වහෙන් ඔරෝ භාෂාවෙන්, පොදු ගැමි රුචිය, ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත්කිරීමට බාධාවක් බව ලියයි. නාට්‍ය රසය ගැමියන්ට විඳිය නොහැකි බව කීමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධයන්ට උසස් නාට්‍යයක රසය විඳින්නට නොහැකි බවයි. ඇමරිකාවේ වෙසෙන සමාජ විද්‍යාඥයකු ගැමි බුද්ධාගම නමින් දෙයක් ඉදිරිපත් කර තිබේ. ඒ මතය පිළිගන්නකු නාට්‍යයක රසය විඳින්නට නොහැකි සිංහල බෞද්ධයාගේ බුද්ධාගම කුමක්දැයි සිතතොත් පුදුමයක් නොවේ.

ආචාර්ය උපාධි නිබන්ධනවල මෙවැනි කතා අනන්තවත් දක්නට පුළුවන. මේ මහාචාර්ය හපුආරච්චිගේ පොතෙන්ම ඊට නිදසුනකි. මහාචාර්ය එම්. එච්. ගුණතිලක ආචාර්ය උපාධිය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයේ අඩංගු අදහසක් ඔහු ඉදිරිපත් කරයි.

“දක්ෂිණ භාරතයෙහි පවත්වන තෙරුක්කුත්තුවල ප්‍රභේදයක් වුව ද සිංහල නාඩගම් ආදර්ශ කොට ගෙන ඇත්තේ යාපනයෙහි ඇතැම් ප්‍රදේශවල කතෝලික ජනතාවන් විසින් මුල් ද්‍රවිඩ තෙරුක්කුත්තු ඇසුරු කොට ගෙන සකස් කරගන්නා ලද නාටක විශේෂයක් යැයි හැඟේ.” (පිටුව 43)

මෙයින් කියන්නේ යාපනයේ කතෝලිකයන් දකුණු ඉන්දියාවේ තෙරුක්කුත්තු ඇසුරෙන් සකස් කරගත් නාට්‍ය අනුව සිංහලයින් නාඩගම හදාගෙන ඇති බවයි.

සිංහලයන්ගේ ජාතික උරුමයන් බොහෝමයක් යටපත් වීමට ප්‍රධාන හේතුව යුරෝපා ‘ඉන්ඩියලොජිස්ට්ලා’ ලංකා ඉතිහාසය පිළියෙල කිරීමයි. ඔවුන් ඒ කටයුත්ත අරඹන්නේ ඉන්දියාවෙනි. සියලුම භාරත වැසියන් පිටදේශක්කාරයින් බව කියමින් ආර්ය ‘තියරිය’ ඉදිරිපත් කිරීමෙනි. විලියම් ජෝන්ස්, මැක්ස් ම්‍යුලර්, බෙන්ට්ලි රිස්ලි ආදි වශයෙන් ඊට මුල් වූ පිරිසක් සිටිති. මේ සියලු දෙනා අදහා ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමයි. ක්‍රිස්තියානි ඉදිරිපත් කිරීම තහවුරු කිරීම ඔවුන් හැමගේම පොදු අරමුණ විය. ඔවුන්ගේ ලියවිලිවලින් ඒ බව හොඳින් පැහැදිලි වේ. විලියම් ජොන්ස් මෙසේ සඳහන් කරයි: “බයිබලයේ උත්පත්ති කතා එකහෙලාම නිවැරදියි. ඒවා බොරු නම් ක්‍රිස්තියානි ආගමත් බොරු බවට පත් වේ”. සෙසු පිරිසත් මෙවැනිම අදහස් දක්වා තිබේ.

ඇංග්ලිකන් දේවධර්මවාදීන් ඉදිරිපත් කළ ආකාරයට ක්‍රි. පූ. 4004 මැවුම්කාරයා ලෝකය මැවූ වර්ෂයයි. ඊට අවුරුදු දාහකට පසුව මහා ජලගැල්ම සිදුවිය. නෝවාගේ නැවේ සිද්ධිය අලුත් මානව ශිෂ්ටාචාරයේ ආරම්භයයි. මොවුන් ඉන්දියාවේ ඉතිහාස කතාව නිර්මාණය කරන්නේ බයිබල් කතාවට ගැලපෙන පරිද්දෙනි. වේද, පුරාණ ඇතුළු ඉන්දීය ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් ඊට වෙනස් ඉතිහාසයක් විස්තර වූ නමුදු ඒ සියල්ල ආගමික සාහිත්‍ය මනස්ගාත වශයෙන් සලකා ඉවත දමා තිබේ.

ඉන්දු ශාස්ත්‍රඥයින් ඉන්දියාවේ ඉතිහාස කතාව අරඹන්නේ ක්‍රි. පූ. 1500 දී සිදුවූ ආර්ය සංක්‍රමණයක් පිළිබඳ පුවතකිනි. ලංකාවේ ආර්ය ජනපද පිහිටුවීමේ කතාන්දරය ඉදිරිපත් කරන්නේ මේ මිථ්‍යා ප්‍රබන්ධය පදනම් කරගනිමිනි. අයිවර් ජෙනින්ග්ස් හැදූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ ඊට පසු පිහිටුවූ විද්‍යාලංකාර, විද්‍යෝදය විශ්වවිද්‍යාලවලින් ප්‍රකාශයට පත්කර ඇති ඉතිහාස වෙළුම් සහ ඉතිහාස සඟරා පරීක්ෂා කරන විට, ආර්ය සංක්‍රමණය රටේ තහවුරු කිරීමට පඬියන් සහ ඔවුන්ගේ ගෝලයන් මොන තරම් වෙහෙසක් දරා ඇත්දැයි පැහැදිලි වේ. ආර්ය කණ්ඩායම් පළමුවෙන් ඉන්දියාවේ නැගෙනහිරින් පැමිණෙන්නට ඇතැයි සමහරු කියති. බටහිරින් එන්නට ඇතැයි තවත් සමහරු කියති. “මේ දෙපැත්තෙන්ම එන්ඩ ඇති. දකුණෙනුත් ඇවිත් තියෙනවා” යැයි පිරිසක් කියති. ආර්යයන් නමැති විදේශීය ජන වර්ගය නිසා සිංහල ජාතිය බිහිවූ බව තහවුරු කිරීමට මහ පිරිසක් වෙහෙසෙන අතර, කිහිප දෙනකු කරන්නේ වැද්දන් නමින් ආදිවාසීන් පිරිසක් ගැන කතාන්දරයක් ඉදිරිපත් කිරීමයි. එය ආර්ය කතාවට වඩා ලොකු බොරුවකි.

වැද්දන් යනු සිංහල සමාජයේ වනාන්තර ආරක්ෂා කළ ජන කණ්ඩායමයි. මුහුදු වැද්දන් කළේ මුහුද රැකීමයි. මේ එකම කණ්ඩායමක්වත් වී ගොවිතැන් කළේ නැත. වී ගොවිතැන් කළේ වැව් බැන්දේ යක්ෂයින් බව හෙළිකෙරෙන අප්‍රමාණ තොරතුරු තිබේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් අති නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් මෑත කාලයේ සිදුකළ පර් යේෂණ මගින් හෙළිවන්නේ ද ක්‍රි.පූ. අවුරුදු තුන් හාර දහසකට පෙර සමයේ පවා මෙරට වැසියන් වී ගොවිතැන් කළ බවයි.

ඉන්දු ශාස්ත්‍රඥයින් කී කාලයට බොහෝ ඈත අතීතයේ ක්‍රි.පූ. 6000 දී භාරත වැසියන් වී ගොවිතැන් කර ඇතැයි මෑත කාලීන පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. එමගින් ආර්ය සංක්‍රමණ කතාව පල් බොරුවක් වී ඇත. මනුෂ්‍යයින් සංක්‍රමණය වී ඇත්තේ ඉන්දියාවට නොව ඉන්දියාවෙන් පිටතට යැයි ඇතැම් ගවේෂකයෝ තර්ක කරති. මනුෂ්‍යයින් පමණක් නොව සතුන්ද ඉන්දියාවෙන් පිටතට සංක්‍රමණය වූ බව ඔවුහු පැහැදිලි කරති. මීයා, ඉන්දියාවෙන් පිට දේශයන්ට සංක්‍රමණය වූ සතකු බව ප්‍රේමේන්ද්‍ර ප්‍රියදර්ශන් නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වේ. වී අපනයනය ඊට හේතුව බව ඔහුගේ අදහසයි.

කාශ්මීරයේ වැව් තැනීමට සිංහල වාරිමාර්ග ශිල්පීන් කැඳවාගෙන ගිය බව කාශ්මීර ඉතිහාස පොත්වල සඳහන් වේ. ‘රාජාවලිය’ නමැති ඉතිහාස කතා පොතේ හැටියට චෝල රජු සිංහලයින් දස දහසක් සිරකරුවන් සේ අල්ලාගෙන ගොස් කාවේරි ගංගාව ආශ්‍රිත වාරිමාර්ග ඉදිකිරීම සඳහා යෙදවූයේය. රාජාවලි පුවතට අනුබල දෙන කතාවක් දෙමළ සිලප්පාදිකාරම් කාව්‍යයේ ද අඩංගු වේ. පසුගිය කාලයේ කාවේරි ගංගාශ්‍රිත ප්‍රදේශය පිළිබඳ ඉතිහාස පර්යේෂණ වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් ව තිබේ. ඒ සියල්ලකම කාවේරි ගංගාශ්‍රිත ප්‍රදේශයේ වාරිමාර්ග සහ වී වගාව ගැන නොයෙක් තොරතුරු අඩංගු වේ. කාවේරි ගංගා ජලයෙන් මෙම ප්‍රදේශය සරුකිරීම නිසා මහා ධාන්‍යාගාරයක් බිහිවීම චෝල අධිරාජ්‍ය බිහිවීමට එක් ප්‍රධාන හේතුවක් බව ඔවුහු පෙන්වති. ශක්තිමක් ආර්ථිකය නිසා සාගරය හරහා දකුණු ආසියාවටම බලය පැතිරවීමට චෝලයින්ට හැකිවිය. කාවේරියේ ආර්ථික බලය රැක ගැනීමට පසු කාලයේ විජයනගර් රජවරු වෙහෙසුනහ. එහි බලය අල්ලා ගැනීමට ප්‍රංශයෝ උත්සාහ දැරූහ.

කාවේරි ගංගා ද්‍රෝණිය සහ කාශ්මීර සානුව සශ්‍රීක කිරීම සඳහා වැව් හා වාරිමාර්ග තැනීමට සිංහලයන් සම්බන්ධවීම ලංකාවට ඉතා වැදගත් ඉතිහාස ප්‍රවෘත්ති දෙකකි. කාවේරි නිම්නය සංවර්ධනය කිරීමේදී චෝලයන් යොදාගත්තේ සිංහල ශ්‍රමය පමණක් ම නොවේ. ඔවුන්ගේ තාක්ෂණය සහ වී වර්ග ද ඔවුන් ලබාගත් බව අනුමාන කිරීමට සිදුවේ. යක්ෂ ඉතිහාසය ගැන තොරතුරු සොයන බුද්ධිමතුන් මේ ගැන අවධානය යොමු කළ යුතුය.

මහාවංශයේ සිංහල ඉතිහාසය ඇරඹෙන්නේ විජයාගමන කතාවෙන් නොවේ. මහානාම හිමියන් මහාවංශය නමින් ලියා ඇත්තේ කියවන්නාගේ පහසුවට පිළියෙල කළ අාචාර්ය පරම්පරාවෙන් පැවති ආ වංශකතාවකි. එහි අඩංගු තොරතුරු සැලකිල්ලෙන් කියවන විට විජයාගමනයට පූර්වයේ රටේ සිටි යක්ෂයන් පිළිබඳ බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන.

මහාචාර්ය හපුආරච්චි වහෙන් ඔරෝ භාෂාවෙන්, පොදු ගැමි රුචිය, ගැමි නාටක මනා සන්දර්භයක් සහිත රසවත් නාට්‍ය බවට පත්කිරීමට බාධාවක් බව ලියයි. නාට්‍ය රසය ගැමියන්ට විඳිය නොහැකි බව කීමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධයන්ට උසස් නාට්‍යයක රසය විඳින්නට නොහැකි බවයි. ඇමරිකාවේ වෙසෙන සමාජ විද්‍යාඥයකු ගැමි බුද්ධාගම නමින් දෙයක් ඉදිරිපත් කර තිබේ. ඒ මතය පිළිගන්නකු නාට්‍යයක රසය විඳින්නට නොහැකි සිංහල බෞද්ධයාගේ බුද්ධාගම කුමක්දැයි සිතතොත් පුදුමයක් නොවේ.


Thursday, 25 July 2019

සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව

"ධ්‍යානයකට සම වැද හිඳිමින් රුවන්මැලි සෑ බිම තපෝ ගුණයෙන් නැහැවූ සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව"


අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා.අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප‍්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම ස්ථානයක් ලෙස සැලකෙන්නේ බුද්ධ කල්පයේ ලොවට පහළ වු "කකුසඳ, කෝණාගම. සහ කාශ්‍යප. මෙන්ම ගෞතම බුදුන් වහන්සේ" ඇතුළු සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන්නට තරම්වූ වාසනාවන්ත පුණ්‍ය භූමියක එය පිහිටා ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇති බැවිනි.

රුවන්මැලි මහාසෑය ඉදිරියට වී ඇසිපිය නොහෙළා බලාසිටිමින් භාවනාවේ යෙදුණු හිමිනමක් වූහ. උන්වහන්සේ පිළිබඳ අසා නැති නම්, දැක නැති නම් ඒ මේ රටේ සුළු පිරිසක් වනවාට කිසිදු සැකයක් නැත.

රුවන්මැලි මහා සෑරදුන් වැඳපුදා ගැනීමට පැමිණි දෙස් විදෙස් සංචාරයකන්ට පසුගිය වසර කිහිපය පුරාම රුවන්මැලි මහා සෑ රදුන් අබියස ඇසිපිය නොහෙළා හිඳිමින් ධ්‍යානයකට සමවැදී සිටි බව කියන සීලකුටියේ ඉංගිරියේ විජිත හිමියන් දැකගන්නට හැකි විය. ඇතමුන් උන්වහන්සේ ඇසිපිය නොහෙළා බලා සිටින අයුරු විමතියෙන් බලා සිටියහ. තවත් පිරිස් උන්වහන්සේ දෙස අවඥාවෙන් බැලූහ. උන්වහන්සේ භාවිතා කළ පාත්‍රය අසල කුඩා බෝඩ් කැබැල්ලක් දක්නට ලැබිණි. එහි කියා තිබුණේ “ මුදල් දමන්න එපා... නිශ්ශබ්දතාව සුරකින්න....භාවනාවට හිරිහැර නොකරන්න” යනුවෙනි.

වසර අසූ එකක කාලයක් ආයු වැලඳූ ගොඩගේවත්ත සීලකුටියේ හිමියන් පිළිබඳ නැවත කතාබහක් ඇති වන්නේ උන්වහන්සේගේ හදිසි අපවත් වීම සමඟය. බුද්ධ පුත්‍රයන් අතර මනා ශික්ෂණයකින් හෙබි උන්වහන්සේට ආදර ගෞරව කළ බොහෝ දෙනෙකු සෝ සයුරේ ගිල්වමින් පසුගිය සෙනසුරාදා ( 13) උන්වහන්සේ අපවත් වුහ.

හදිසියේම අපවත් වූ උන්වහන්සේගේ මුල් ගම්පළාත වන්නේ හොරණ ඉංගිරිය ප්‍රදේශයය. මීට වසර 22කට පෙර අනුරාධපුර ගොඩගේවත්ත සීලකුටිය විහාරස්ථානයට වැඩමකළ උන්වන්සේ ධර්ම ප්‍රචාරයේ නිරත වූහ. නියම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස පිණ්ඩපාතයේ වඩිමින් දානය සොයා ගත්හ. අනුරාධපුර ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානයන්හි වැඩ සිටිනා භික්ෂුන්වහන්සේට එතුමෝ ආදර්ශයක් එක් කළහ.

බොහෝ පිරිසකට ගෞරවයට පත් වී සිටි උන්වහන්සේ සත්ව ඝාතනයට එරෙහි වූහ. මස් මාංශ අනුභවය අකැප කටයුත්තක් බව නිරන්තරයෙන් පැවසු එතුමෝ නිර්මාංශ වූහ. මුදල් අතින් ඇල්ලීම, අටපිරිකර රැස් කිරීම වැනි භික්ෂුවකට අකැපවූ කටයුතුවලින් සහමුලින්ම බැහැරව සිටියහ. උන්වහන්සේට දායකයන් කොතරම් ගෞරව කළේද කියත හොත් වසර 20ක් අඛණ්ඩව දානය දුන් උපාසිකාවක්ද විහාරස්ථානය ආසන්නයේම පිදිංචි වී සිටියාය.

සීලකුටියේ හිමිපාණන් භාවනානුයෝගී දිවියකට කැප වූහ. උන්වහන්සේ ද්‍රෝණයක් වු සර්වඥ ධාතුන් තැන්පත් කර ඇති බව කියන රුවන්මැලි සෑරදුන් ඉදිරි පිටට වී දිනපතා ඇසි පිය නොහෙළා භාවනාවේ යෙදුණාහ.

දැඩි සූර්ය රශ්මිය හා ගිගුරුම් සහිත වැසි වැටෙන අවස්ථාවල පවා උන්වහන්සේ භාවනාවේ යෙදෙන අයුරු බොහෝ දෙනෙකුට දැක ගැනීමට හැකි විය. පැය තුනකට ආසන්න කාලයක් රුවන්මැලි සෑරදුන් ඉදිරිපිටට වී ඇසිපිය නොහෙළමින් භාවනාවේ යෙදෙන අවස්ථාවලදි ගිගුරුම් සහිත වැසි පතිත වූවත් උන්වහන්සේ එම ස්ථානයෙන් ඉවත් නොවූහ. එකම ඉරියව්වේ පසු වූහ. අහස ප්‍රචණ්ඩ අකුණු සැර මුදාහැරියත් උන්වහන්සේගේ එක් ඇසි පිල්ලමක්වත් නොසොලවමින් භාවනාවේ යෙදුණාහ. මේ ධ්‍යාන ශක්තිය රුවන්මැලි සෑරදුන් වැදපුදා ගැනීමට පැමිණි කාගෙත් විමතියට හේතු විය.

නොදත් තතු

උන්වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කළ දායක මහතෙකුගෙන් උන්වහන්සේ පිළිබඳ නොදත් තතු කිහිපයක් අනාවරණය කරගැනීමට හැකි විය.

“ අපි උන්වහන්සේ දැන හඳුනාගන්නේ මීට වසර 22කට විතර ඉහතදී. උන්වන්සේ හරිම සරල දිවියක් ගතකරපු ධර්මධර විනයධර භික්ෂුවක්. මුදල් අතින් ඇල්ලුවෙම නෑ. අවශ්‍ය කටයුතු සඳහා මුදල් වියදම් කළේ විහාරස්ථානයේ දායක මහත්වරු. විහාරස්ථානයේ ඉඳන් රුවන්මැලි සෑයට භාවනා කරන්න වැඩියේ පාගමනින්. පාවහන් පැලඳුවේ නෑ. දුරගමනක් වඩිනවා නම් බස් රථයෙන් හරි ත්‍රීරෝද රථයකින් හරි වඩම්මවන ආකාරය දායකයන් සැලසුම් කළා.”

" උන්වහන්සේට දිවයිනේ විවිධ ප්‍රදේශවල වගේම විදෙස් රටවල්වලත් දායකයන් හිටියා. සැප පහසුවට අවශ්‍ය මොනවා දෙන්න හැදුවත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ බැහැදකින්න ආපු දායක නෝනා කෙනෙක් හිටියා. ඇය උන්වහන්සේට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් ගමන් බිමන් සඳහා පරිත්‍යාග කරන්න පිළිගන්නවද කියලා ඇහුවා. ඉතා නිහතමානිව උන්වහන්සේ මෝටර් රථය ප්‍රතික්ෂේප කළා" නෝනා මට ඔය කාරේකත් එක්කම සයනයිඩ් කරලකුත් දෙන්න කිවුවා. උන්වහන්සේ කිවුවා ඔය රථය ගත්තම මට ඒ ගැන හිතන්න වෙයි’ කියලා. ලෞකික අශාවන්ට නතු වෙයි කියලා උන්වහන්සේ අනුශාසනාවක් කළා. උන්වහන්සේ උන්වහන්සේගේ භාවනා කටයුතුවලට හරස් වන කිසිම දෙයක් ළංකර ගත්තේ නෑ. තණ්හාව ආශාව තිබ්බෙම නෑ. ”

“ යුද සමයේදී බුදුගුණයෙන් පිරිත් කරපු තෙල් රැගෙන උතුරට ගිහිල්ලා යුද හමුදා සෙබළුන්ට ලබා දීලා සෙත් පැතුවා. උන්වහන්සේගේ පිරිත් කරපු තෙල් කරේ පැලඳ ඉන්න යුදහමුදා නිලධාරින් තවමත් ඉන්නවා. ඔවුන්ට යුද්ධයේදී කිසිම පීඩාවක් අතුරු ආන්තරාවක් සිදු නොවුණු බව බොහෝ දෙනෙකු දන්නවා.”

“ අපි හැමෝටම කිවුවේ හාල් මැස්සෙක්වත් කන්න එපා. මස් මාංශ කන්න එපා කියලා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාථාව සහිත කාඩ් පතක් මුද්‍රණය කරලා බොහෝ පිරිසකට ලබාදීලා තියනවා. ලැබෙන සිවුරු පිරිකරාදිය රැස් කරගෙන ඒවා අලවි කරමින් මුදල් පොදි ගැහුවේ නෑ. ලැබෙන සිවුරු පිරිකරාදිය එක්රැස් කරලා මාස කිහිපයකට සැරයක් නැති බැරි දුෂ්කර පන්සල්වලට වැඩම කරලා බෙදලා දුන්නා.”

“කරදරයක් ලෙඩක් දුකක් වුණාම බොහෝ පිරිසක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා පිහිටක් ලබාගන්නවා. අපවත් වෙන්න දින පහකට ඉහතදී දරුවෙකු ඇවිල්ලා ආශිර්වාදාත්මක පිරිත් නූලක් ඉල්ලලා තිබ්බා. ඒ අවස්ථාවේ උන්වහන්සේ සිය දිවියේ අවසන් දවස් කිහිපය ගෙවන බවක් අඟවමින් මට ආපහු මේ දේවල් කරන්න බැරිවෙයි දරුවෝ. මේ අන්තිම දේ තමයි කරන්නේ කියලා පවසලා තියනවා. උන්වහන්සේට අපිට නොතේරුණු බලයක් තිබ්බා. උන්වහන්සේ ධ්‍යානයක් ලබපු පින්වත් ස්වාමින්වහන්සේ නමක්” යනුවෙන් ඔහු පැවසුවේය.

සැබවින්ම උන්වහන්සේට විශාල බලයක් තිබු බවට ඇතැම් දායකයන් පැවසු අතර උන්වහන්සේ වැඩසිටි කුටියේ අඩි දෙකක් තුනක් තරම් ඉහළට පාවෙමින් භාවනානුයෝගිව වැඩ සිටිනා අයුරු කිහිප දෙනෙකුම දෙනෙතින් දැක තිබේ. දිනක් උන්වහන්සේ හමුවට ගිය දායක මහතෙකු දෑස් අදහාගත නොහැකි සිදු වීම දැක තිබෙන අතර ඔහු මායවක පැටලි ඇති බව සිතා තවත් අයෙකු කැඳවාගෙන එම දසුන පෙන්වීමට කටයුතු කරද්දි උන්වහන්සේ තවත් ඉහළට එසවී පොළොවෙන් ඉහළ සිට භාවනා කරන අයුරු දැක තිබේ. එමෙන්ම උන්වහන්සේ අපවත් වන බව දින පහකට පමණ ඉහතදී ඉඟිකිරීමත් උන්වහන්සේ යම් ධ්‍යානයක් ලබා තිබෙන බවට කදිම නිදසුනකි.

අවසන් කටයුතු

ලෞකික සැප සම්පත් කෙරෙහි කිසිදු ආශාවක් නැතිව නිවන් මඟ අබබෝධ කරගැනීමට මහත් වෙහෙසක් දැරූ ධර්මධර විනයධර භික්ෂුවක ලෙස උන්වහන්සේ හඳුනාගෙන තිබිණි. පසුගිය (08දා) විහාරස්ථානයේදි හදිසියේ රෝගාතූරවූ උන්වහන්සේ දින පහක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය සංසාර ගමන අවසන් කරමින් අවසන් සුසුම වාතලයට මුසු කර තිබුණි. තමන්වහන්සේ අපවත් වී පැය විසිහතරක් ඇතුළත දේහය ආදාහනය කරන ලෙස හිමිපාණන් අපවත් වීමට පෙර ඉල්ලා තිබිණි.

එහෙත් හදිසියේ අපවත් වූ උන්වහන්සේට අවසන් ගමන් යන්නට ඉදි කළ චිතකය පවා යම් කිසි අසත්පුරෂ පිරිසකගේ වචනයට පුරාවිද්‍යා නිලධාරින් විසින් ගලවා ඉවත් කර දමා තිබිණි.

අපවත්වී වදාළ ඉංගිරියේ විජිත හිමියන්ගේ ආදාහන පූජ්‍ය උත්සවය පැවත්වීම සඳහා ප්‍රදේශයේ දායකයන් විසින් තෝරගෙන තිබුණේ අක්කර අට දකුණු වාසල ක්‍රිඩා පිටියය. ඊට මුලින්ම අදාළ බලධාරීන්ගෙන් අවසර ලැබී තිබුණ බව කියැවිණි. ඔවුන් 14 දා අලුයම වන විට තමන්ගේ ජීවිතයට අරුත්බර යමක් එක්කාසු කළ බුද්ධ පුත්‍රයන්ට අවසන් ගමන් යෑම සඳහා හැකි උපරිමයෙන් එම චිතකය ඉදි කළහ.

උදෑසන වන විට ඔවුන්ට පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුවෙන් ලැබුණේ අමුතු නියෝගයකි. “මෙතැන ආදාහනය කරන්න එපා. චිතකය වහාම ගලවා දමන්න ඕන...” නිලධාරීහු ගම්වැසියන්ට පැවසුහ.

“ඇයි මහත්තයෝ එහෙම කරන්නේ... ස්වාමින් වහන්සේ ඉල්ලීමක් කරලා තිබ්බා පැය 24ක් ගතවෙන්න කලින් දේහය ආදාහනය කරන්න කියලා... මුලින් අවසරදිලා දැන් ඇයි මේ වගේ වැඩක් කරන්නේ.”

“ අපිට කරන්න දෙයක් නෑ. අපිත් අසරණයි .ඉහළින් කියනවා මෙතැන ආදාහනය කරන්න දෙන්න එපා කියලා... අපිට සිද්ධ වෙනවා මේක ගලවලා දාන්න.” පුරාවිද්‍යා නිලධාරීහු කීහ. ඒ සමඟ දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් ඇති විය. අවසානයේ චිතකය ගලවා දැමීමට ගම්මැසියන්ට සිදු විය.

“ වන්දනා නඩ ඇවිල්ලා ගිනි පත්තු කරගෙන උයනවා පිහනවා... විවිධ දේවල් පිට්ටනියේ කරනවා... චිතකය හැදුවාහම එක පාරටම මේ ස්ථානය පුරාවිද්‍යා බිමක් බව නිලධාරින්ට මතක් වුණා... එතකොට ථූපාරාමය ආසන්නයේ චිතක දල්වන් පුළුවන්. ඒ ස්ථානය පුරාවිද්‍යාවට අයිති නැතුව ඇති. මේ කරපු ක්‍රියාව බුද්ධ සාසනයට කරපු නිගාවක්...” යනුවෙන් ගම්වැසියෝ පැවසුහ.

එම ආරවුල් සහගත ගැටලුව වහා කන වැකුණු අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති (වැඩබලන) එම්.ඩබ්ලිව්.බුද්ධික ප්‍රේමදාස විසින් හිමිපාණන්ගේ දේහය අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි.

“ අපි ගෞරව කරපු අපේ නායක හිමිපාණන්ගේ දේහයට අගෞරව කල සියලුම දෙනාට අපි උන්වහන්සේ උගන්වපු දහමට අනුව සුවපත්වේවා,නිදුක්වේවා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා!!!.


සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. "තොටගමුවේ ශ්‍රී රාහුල නාමය" කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් ,බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය.

"මා වැනි බිලින්දා
වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා"

මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය.රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය . සිය ගුරු හිමියන් සමග නැකතට පොල් හිටවා ,රාහුල හිමි සිටවු පොල් පැළයේ යට ගෙඩි හටගත් බවත් කියනු ලැබේ . රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ .

රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුවා. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ .බිලී බාන කුමරා දුටු වීදාගම හිමි ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ ” යනුවෙන් ඇසුවේය, එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නැ ,හාමුදුරුවනේ මේකේ අටවකක් නැ එක වකයි තියෙන්නේ .මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි.විදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය.ඒ ගමනින්ම පුර හඳයි, පසලොස්වකයි පිළිගන්නා ලෙසද කියන ලෙස කිවේය.එය පිළිගත් නායක හාමුදුරුවන් අඩ සඳයි, අටවකයි පිළිගත්තා යැයි කියා යැවුහ. රාහුල සාමණෙරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

විදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වති තෛලය නමින් බලගතු, දිව ගැ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය.එය කෙස් ගසකින් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. විදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ.නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය.අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වති තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි විදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය.එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

තවත් දිනයක මෙම ගුරුගෝල දෙදෙනා ගලක ඉන්නක් සිටුවියහැකි ඉතා බලගතු සුබ මොහොතක ඉණි සිටුවිමට සුදානම් වූහ.ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තබ පය ඇඟිලි අතර රඳවාගේන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

රහල් හිමියන් වීදාගම හිමියන් යටතේ ඉගෙන ගන්නා කාලයේදි ඉන්දියාවේ මගධ දේශයෙන් පැමිණි චන්ද්‍රභාරති නම් පඬිවරයෙක්ද විය.ඔහු වීදාගම හිමියන්ගෙන් ශිල්ප හදාරා ඉන්දියාවට ගොස් වසර කිහිපයකින් නැවතත් ලංකාවට පැමිනියේ චන්ද්‍රභාරති රචනා කල ''බෞද්ධ ශතකය" නම් පොතත්, දඹ රන් ගුලියක් රැගෙනයි. චන්ද්‍රභාරති ගුරු හිමියන්ට ගුරුපඬුරු දී තමා ගෙන ආ පොත පිළිගන්වා එම පොත පන්සලේ පොත්ගුලේ ඇද්දැයි විමසා සිටියේය.චන්ද්‍රභාරති එම පොත දක්වා තම විද්‍යාතනය උපහාසයට ලක්කිරිමේ උත්සාහය දැනගත් වීදාගම හිමියෝ සාමණේර හිමිනමක් අමතා වහා එම පොත තම පොත්ගුලේ තිබේදැයි බලන ලෙස කීහ.එ සමගම නෙතින් ඉඟියක් කර රාහුල හිමියන්ට එම පොත ලියාගන්නැයි කීහ.ඉන්පසු වීදාගම හිමියෝ එම පොත දැනගන්නට පඬිවරයාට එකින් එක කියවන ලෙස කීහ.පඩිවරයා එය කියවා අවසන්වනවාත් සමගම පොත සෙවීමට ගිය සාමණෙර නම පැමිණ ඇතුල කළු නොමැදපු පොතක් නම් තියනවා ” කියා නාහිමියන්ට දැනුම් දුන්නේය.තමා ලියූ පොතෙ අත්පිටපත පමණක් තමා ලඟ තියෙද්දි තවත් පොතක් පොත්ගුලේ තිබෙන්නේ කෙසෙදැයි ච්න්ද්‍රභාරති පුදුම වුයේය. දෙවැනි පොත රහල් හිමයන්ගේ වැඩකි.යමක් වරක් කිවිට මතකතබා ගැනිමෙ මහත් සහ්ක්තියක් එම හිමිනමට තිබුණි.වීදාගම හිමියෝ එම පොත කළු මැදගෙන එනලෙස කියා පඬිවරයාට ඉදිරිපත් කළේය.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට , සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය.උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියේන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය.රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්ත
විද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ. එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද 'යක්කටුව' නමින් හැදින්වේ. තවත් අවස්තාවක විහාරයේ මල් පූජාවට යන විට මලසුනේ යමෙක් නිදා සිටිනවා දුටු රහල් හිමියෝ අමුත්තාගේ සැරැටිය සහ ඔලගුව හංගා අවවාද කළේය. දේවතාවකු වූ අමුත්තා රාහුල හිමියන්ට සිද්ධාලෝක රසය හා දඹ රන් කෑල්ලක් පිදු බව කියැවේ.

රාහුල හිමියන්ගේ ප්‍රධාන ගෝලය වුයේ වෑත්තෑවේ හිමියන්ය.යම් සිදුවීමක් නිසා ගුරු ගෝල දෙදේනා අතර අමනාපයක් ගොඩ නැගුණි. ගුරු හිමියො ගෝලයා කෙරෙහි අසතුට පළකරනු වස් වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන තුන්පලකට පළා බෙදා ඉඟියක් කල බව පැවසේ. වෑත්තෑවේ හිමියන්ට මේ බව තේරුණි. නමුත් තමා කිසිවිටෙකත් ගුරු වු රාහුල හිමියන්ට ද්‍රොහි නොවන බවත් එසේ ද්‍රොහි වීමේන් ලැබේන ප්‍රතිඵල තම දන්නා බවත් පැවසිමට "ගූත්තිල කාව්‍ය'' කල බවත් පැවසේ.එසේම මේ කාව්‍යය “සිය පින් සරින් සරු ..................
                 දේතිස් ලකුනේන් විසිතුරු......” යනුවෙන් කාව්‍ය ශාත්‍රයට අනුව වායුගණයෙන් ඇරඹිණ. ඒ අනුව රහල් හිමියන් අමතා “වෑත්තෑවේ මේ පැත්තේ නැව් නගී දැයි” කිවේලු. එලෙසින් වස් වැදුනු වෑත්තෑවේ හිමියන් නැව් නැග විදේශ ගත වූයේලු.

රාහුල හිමියන්ගේ අවසාන සමය අප්‍රකටය.. ඊට හෙතු වශයෙන් දැක්වෙන්නේ ශ්‍රි රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය රචනා කර සයවන පැරකුම්බා රජුගේ දියණිය වූ උලකුඩය දේවියට පුත්  වනක් ඉලා සිටියේය. ඒ අනුව ලැබුණු පුත්‍රයා සයවන පැරකුම්බා රජුගේ ඇවැමෙන් පසු ව ජයවීර පරාක්‍රමබාහු නමින් රජ වුවද, සපුමල් කුමාරයා ඔහු මරා දමා සිහසුන ලබාගත්තේය.මේ සිදුවීමෙන් කලකිරුණු සිරි රහල් හිමියෝ තම තොටගමුව විහාරය හැර "ඇල්පිටිය අම්බන"නම් ගමක ගල්ගෙයක හුදකලාව වාසය කළ බව කියැවේ .සපුමල් කුමාරයාට එරෙහි වූ නිසා රහක් හිමියන් ඇල්ලිමට රාජපුරුෂයන් යැවු නමුත් රහල් හිමියෝ තම ගුප්ත විද්‍යාවෙන් බේරි ජිවත් වූ බව කියැවේ.

සිද්ධාලොක රසය වැළඳු නිසා හිමියන්ගේ මළ සිරුර දිරා පත් නොවූ බවත් පසුව ක්‍රිස්තුත් භක්තිකයන් විසින් ඉන්දියාවේ ගෝවට සිරුර ගෙන යන ලදි. අද දක්වා නිය කෙස් රැවුල් වැඩේමින් එහි දේවස්ථානයක ඇති ඒ සිරුර" ප්‍රැන්සීස් සෙවියර් ශාන්තුවරයාගේ"දේහය යැයි කියා ප්‍රදර්ශනයට තිබේ.